(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය හඳුන්වා දීමේ නිල උත්සවය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.
එම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර මහාචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා නිල හඳුන්වා දීම සිදුකළ අතර එහිදී එම විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරනු ලැබූ ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වූ අයි.යූ.එස්.එල් කොයින් 1000 බැගින් පැමිණ සිටි සියල්ලෝටම ලබා දුන්හ.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේදී කෘතීම බුද්ධියේ සිට තමන් කැමති ඕනෑම විෂය ධාරාවකින් උසස් අධ්‍යාපනය හැදෑරීම සිසුන්ට හැකි බව එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ප්‍රකාශ කළහ.
එම විශ්ව විද්‍යාලයේ කුලපති උතුරුවල ධම්මරතන හිමියෝ එහිදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ සිසුන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටීමට ඔවුන්ගේ ජීවිත වලින් වසර 4 ක් කැප කරන බවත් රජයේ විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගය සඳහා දෙතුන් වතාවක් පවා පෙනී සිටින සිසුන් සිටින බවත්ය.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය 2020 අයවැය යෝජනාවක් මත හඳුන්වා දුන්නත් විවිධ හේතුන් මත දියත් කිරීම ප්‍රමාද වූ බව උතුරුවල ධම්මරතන හිමියෝ පැවසුවේය.
නමුත් මාස 10 න් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් යොමු කරන පුද්ගලික පාසල් තිබෙන බවත් එම විභාගවලට පෙනී සිටීම සඳහා රජයේ පාසල් වල සිසුන් වැය කරන කාලය අවම කිරීම යෝග්‍ය බවත් ධම්මරත්න හිමියෝ පෙන්වා දුන්නේය.රජයේ විශ්ව විද්‍යාල තිබුණත් සිසුන් විශාල පිරිසකට එම විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමේ වරම් හිමි නොවන බවද ධම්මරත්න හිමියෝ ප්‍රකාශ කළේය.
නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාත්‍යන්තර සරසවි හඳුන්වා දෙයි
Kavee Monday, 28 August 2023 09:43 AM
ඊලග ස්කෑම් එක