(එම්.සුසිල් ප්‍රියන්ත සහ රවී ලියනගේ)
මේ වෙලාවේ කළ යුත්තේ ඇවිදින මංතීරු හදනවා ද නැත්නම් ජනතාවට බලපා ඇති ජීවන වියදම ඉහළයාම පාලනය කරනවාද නැද්ද යන්න පිළිබදව අප කල්පනා කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
අපි මං තීරු හදනවාට විරුද්ධ නැහැ.ඒ වගේම රටේ අනෙකුත් සංවර්ධන කටයුතුවලටත් විරුද්ධ නැහැ. එහෙත් මේ අවස්ථාවේදී අපි බැලිය යුත්තේ මංතීරු හදනවාද එහෙමත් නැත්නම් ජනතාවගේ බඩ ගින්න නිවීමට අව්ශ්‍ය කටයුතු කරනවාද යයි යන්න. මොකද ජනතාවට බඩ ගින්නේ ඉදලා ඇවිදින්න බැහැ.
මේ වනවිට උග්‍ර ගෑස් හිගයක් තියෙනවා.අඩුවට සීනි ගන්න මිනිස්සු සතොස ළඟ දිගු පොලිම්වල,අනෙකුත් භාණ්ඩවල මිල ඉහල ගිහිල්ලා. ඒ වාගේ අවස්ථාවක අපේ සමහර අය මේ ඇවිදින මංතීරුවක් ගැන කතා කිරීම මහජන නියෝජිතයන් වන අපේ අම්මල තාත්තලත් බැණුම් අහනවා.
මේ අවස්ථාවේදී අපි පක්ෂ බේදයෙන් තොරව කතා කළ යුත්තේ රටේ ජනතාවගේ බඩ ගින්න නිවීමට කටයුතු කිරීමත් කොරෝනා ව්‍යාසනයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමත් පමණයි.
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ජනතාවට මේ වෙලාවේ ඔනේ ඇවිදින මංතීරු නොවේ‘‘
Nuwan Wednesday, 01 September 2021 04:53 PM
අපිට ඔනි ෆේල් වුණ අය ගෙදර යවනන
මංතීරු ලොක්කා Wednesday, 01 September 2021 05:17 PM
මංතීරු ගැන කථාවක් ඇතිවූ අවස්ථාවක පාර්ලිමේන්තුවේදී ඔටුන්න හිමි කුමාරයා වියරුව හැසිරුණු ආකාරය අප දැක්කා. ඒ නිසා ඔබතුමා නැවත පාර්ලිමේන්තු එන්න සිතා සිටිනවා නම් කට පරිස්සම් කරගන්න...
Hafeel Wednesday, 01 September 2021 08:38 PM
බලන්න ඇමැතිකම්, තනතුරු නොලැබුණොත් තමයි මේ ගොල්ලන්ගේ කටින් සත්‍ය පිට වෙන්නේ. මේ වෙලාවේ මෙයා ඇමති කෙනක් නම් මෙහම කියාවිද? දැන් මේ මොහොතේ මෙයා ඇතුළු, එස් බී, විජේදාස, විදුර වික්‍රමනායක සේරටම ජනතාව ගැන පුදුම අමුතු දුකක් ඇවිල්ලා තියෙන්නේ...
swene Wednesday, 01 September 2021 10:01 PM
නිවැරදි දේ පක්ෂ භේදයකින් තොරව නිවැරදි ලෙස දැකීමට අපගේ දේශපාලකයින්ටත් ඒ අයගේ ගෝල බාලයින්ටත් හැකිවේවා! තමන් කරන විට වැරදි දේ වුවත් හරියි කියා කීමෙන් වැළකීමටත් අනුන් කරන විට හරි දේ ද වැරදියි කියා කීමෙන් වැළකීමටත් ඔය අය පුරුදු වුවහොත් රටම ගොඩ.
Perera Thursday, 02 September 2021 07:12 AM
ලබන චන්දෙදී ඔය 225 න් එකෙකුටවත් අර එළියේ ඉන්න එකාටත් චන්දෙ ඉල්ලුවොත් චන්දෙ නම් දෙන්න එපා
සිරිසේනThursday, 02 September 2021 11:40 AM
ජනතාව මේ 225ට ආයේ දෙනවා. ඡන්දෙට ලෑස්තිවෙලා කිරිබත් කන්න අඬපුවාම, ළමයි වඩාගත්තම, ආච්චිලා බදාගත්තාම, වැටෙන්න බොන්න දුන්නාම පොඩි මිනිහාගෙන් ඡන්දෙ ගත හැකි, මධ්‍යම පන්තිය නම් බලන් ඉන්නේ ආණ්ඩුවේ රැකියා ගන්න. ඒ ගොල්ලන්ටත් ආණ්ඩුවේ රැකියා ඔය හැටි නෑ කියලා දන්නවා වුණත් ගානක් නෑ. පේන්නේ නැද්ද කන්තෝරුවල ඉන්න අයට කරන්න වැඩත් නෑ. දෙන්නෙක් ඉන්න ඕන තැන 10ක් ඉන්නවා නේද කියලා පියාඹන යන්ත්‍ර හා සම්බන්ධ ආයතනයෙන් අහලා බලන්න...