(යොහාන් භාසුර)
රජය ඉදිරිපත් කළ අයවැය (2022) ජනතාවට හීං දහඩිය දාන අයවැයක් බවත් අධික ජීවන වියදමට එහි කිසිඳු විසඳුමක් යෝජනා කර නොමැති බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (12) පස්වරුවේ පැවසීය.
ලබන වසරේ රජයේ වියදම කෝටි ලක්‍ෂපහමාරක් වීම නිසා විශාල අයවැය හිඟය පියවීම සඳහා කෝටි තුන්ලක්‍ෂ විසිදහසක් ණය ගැනීමට සිදුවීමෙන් ජනතාවගේ හිස මත තවත් ණය කන්දක් පාත්වන බව කී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා අධික බඩු මිල ප්‍රශ්නයට ජනතාවට කිසිඳු උත්තරයක් අයවැයේ නොමැති බව ද සඳහන් කළේය.
මිල අධික ලෙස ඉහළ ගිය ගෑස්, තෙල්, පරිප්පු, හාල්, සීනි සහ පිටි ආදි සියලුම භාණ්ඩවල මිල ගණන් වැඩිවීමේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබී ජීවන වියදම් සහනක් ජනතාව බලාපොරොත්තු වූ බව කී විජිත හේරත් මහතා පැවසුවේ මෙවර අයවැය ද වෙන්දා මෙන්ම නිකම්ම නිකන් වචන හරඹයක් පමණක් බවත්ය.
තෙල් මිල මීට පෙර ඉහළ දමා තිබීම නිසා එහි තවත් වැඩි කිරීමට දෙයක් ඉතිරිව නොතිබුණ බව කී මන්ත්‍රීවරයා බැසිල් රාජපක්‍ෂ මහතා මහලොකු විප්ලවයක් කරනවා යැයි කීවත් අයවැයේ එවැනි පෙරළියක් නොමැති බව කීය.
වාහනයක් අනතුරකට ලක්වුවහොත් අනතුර වළක්වානොගැනීමට ද ගෙවීමක් කිරීමට අයවැයෙන් යෝජනා කිරීමෙන් වාහනයකට අනතුරක් නොවුණ ද සියලුම දෙනාට පොදුවේ රක්‍ෂණ වාරිකය ඉහළ යන බව පැවසූ විජිත හේරෙත් මහතා රක්‍ෂණ සමාගම් රජයට එම මුදලට ගෙවීමට නම් වාරික මුදලට වැඩි කළ යුතු බවත් සඳහන් කළේය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ජනතාවට හීන් දාහඩිය දමන අයවැයක්‘‘
මසිරිපාල Friday, 12 November 2021 06:56 PM
ක්‍රියාත්මක කරන විට සුලුදිය පිටනොවී හීං දාඩියෙන් බේරුනොත් ඇති...
අතුල සෞදි Friday, 12 November 2021 06:59 PM
වාහන කතාව නම් හේරත් සහෝදරයාට සම්බන්ධයි. ඔන්න ඊළඟ පාර බීලා වාහනේ පැද්දට කමක් නැහැ හප්පන්න ඔට්ටු නැහැ.
සත්‍යපාල Friday, 12 November 2021 07:15 PM
ඔහේලා මොකේද කවද්ද හොඳක් දැක්කේ...?
RaveendraFriday, 12 November 2021 08:22 PM
ජෙප්පන් ඉතින් තමන්ගේ අයවැයක් ගේන්නේ "ලබන ආත්මෙනේ." අන්න එදාට ජෙප්පන් එහි නම් කිසිඳු නරකක් දකින්නේ නැහැ. කිසිදා "කිසිඳු බලයට පත් රජයක" ( ජෙප්පන් යනු සියල්ලෙන් අංග සම්පූර්ණ බුද්ධිමත් රැලක් නිසා) කිසිදේකට හොඳයි නොකියපු මෙවන්නන් ගැන කුමන කතාද...?
SUNIL MILANO Friday, 12 November 2021 07:53 PM
හීන්දාඩිය නෙමෙයි. පුදුම තරහක් එන්නේ මේ අයගේ මුහුණත්තහඩු දැක්කාම. හැටක් විතර ඇණගෙන ඇණගෙන යන්න හිතෙනවා.
රටවැසියා Friday, 12 November 2021 10:02 PM
69ක් විතර අරගෙන ගියොත් හොඳ නැද්ද?
Kuma Friday, 12 November 2021 08:04 PM
වාහන අනතුරුවලදී වැරැද්ද කළ වාහනයෙන් දඩමුදලක් අයකරගැනීමේ ක්‍රියාවලිය බොහෝ රටවල සිදුවන්නක්.. තවද රක්ෂණ සමාගම අගතියට පත් වාහනය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර දිය යුතුයි කුමා...
jagathFriday, 12 November 2021 10:18 PM
ඕක හොඳ දෙයක් තමයි. එ්ත් ඕකෙන් වෙන්නේ සියලු දෙනාගේම රක්ෂණ වාරික ඉහළ යාමයි.
අතුල සෞදි Friday, 12 November 2021 08:33 PM
@Sunil ඒක ඇත්ත. ප්‍රධාන පක්ෂ දෙකටම රට හදන්න නොදී වැඩපිළිවෙළවල් කඩාකප්පල් කරන්නේ මේ තුන්දෙනා. කිසිම දෙයක හොඳක් නොදකින... කොරහෙත් කිඹුල්ලු දකින හීනමානයින්.
ChinthakaSaturday, 13 November 2021 11:32 AM
හරියටම හරි... ඔබ නියම දේ කරලා තියෙනවා...
naleen Friday, 12 November 2021 11:03 PM
අයවැයේ මොනවා තිබුණත් හැමදාම විපක්ෂයේ ඉන්න අයට එ්ක හිස් එකක්..., ආණ්ඩුවේ අයට එ්ක විශිෂ්ඨ එකක්...
චන්දන Saturday, 13 November 2021 07:01 AM
ඔයාලා රටටම කරන්න යන දේ 88,89 කාලේ දැක්කා... සේරම සම්පත් ගිනි තියලා විනාශ කළා. ඒවා කලේ කාගෙ යහපතටද? අහිංසක ජනතාවගේ දේපල නේද නැති කළේ...
Chinthaka Saturday, 13 November 2021 09:12 AM
හොඳ දෙයක් තියෙනවා... මන්ත්‍රීලගේ විශ්‍රාම වැටුප අවුරුදු 10 ක් කරපු එක. ජවිපය ඒකටත් තරහ ඇති... මොන ආණ්ඩුවක් බලයට ආවත් කිසිදා බලයට එන්න බැරි ජවිපය දකින්නෙම නරකක්...
hesa Saturday, 13 November 2021 01:22 PM
ජනතාවට කෙසේවෙතත් තමුන්නාන්සේලාට හීන් දාඩිය දාලා තියෙන්නේ.. ඒකනේ තුණ්ඩු කෑලි බෙදන්න පටන් ගත්තේ.. එ්වාට දැන් අහුවෙන්නෑ..
wahaldeepe Saturday, 13 November 2021 07:05 PM
ප්‍රතිචාර ටිකක් බැලුවා... බරපතල වහල්ලු තමයි ඉන්නේ...
BamunuarachchiMonday, 15 November 2021 03:00 PM
ජේවීපී වහල්ලුද? සජබ වහල්ලුද? පොහොට්ටු වහල්ලුද? පොහොට්ටුවට වහල්ලු වෙලා ඉන්නේ 2005-2015 දක්වා මහින්ද රටට කල වැඩ නිසා. ජේවීපී වහල්ලු වෙලා ඉන්නේ සජප වහල්ලු වෙලා ඉන්නේ උන් රටට මොන බමබුවක් කල නිසාද? මිනිස්සු හිතාගෙන ඉන්නේ කාගේවත් වැරදි පෙන්නුවාම ඒ ගොල්ලෝ හරී කියලා.