(නිමල කොඩිතුවක්කු)
පවතින දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කැපවන පාලනයකට ඉඩ සලසා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.
විසිහතර පැයම පෝලිම්වල දුක් විඳින ජනතාවගේ වේදනාව සහ පීඩනය නොතේරෙන පාලකයින්ගේ ගමන වහා නවතා දැමිය යුතු බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුව ගෙන යන ප්‍රෝඩාකාරී බොරුව නවතා දමා නව ජනවරමකට ඉඩ සලසා දිය යුතු බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
කුසගින්නෙන් හඬන දරුවන්ට ආහාර ටිකක් දීමට නොහැකිව දුක් විඳින දෙමව්පියන් වෙනුවෙන් ද, පාසල් සහ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අහිමි වී බලාපොරොත්තු සුන් වී සිටින දරු පරපුරේ නාමයෙන් ද මේ රටේ ස්ථාවර කරන්නට ඉඩ ලබා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවට පීඩනය අපේක්ෂා භංගත්වය සහ දුක් වේදනාවන් උරුම කළ ජනාධිපති අගමැති ප්රමුඛ ආණ්ඩුව නැවත නැවතත් ඔප්පු කරන්නේ ඔවුන්ගේ අසමත්කම සහ නොහැකියාව බව ද විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරන්න‘‘
balasuriya Sunday, 19 June 2022 09:18 PM
රනිල්ට වැඩිය හොඳට සජිත්ට කරන්න පුළුවන්ද...?
SaththayaMonday, 20 June 2022 07:42 AM
හිටන් එක්ක එකතු වෙලා, කාලා බීලා ජනතාව හිටපු එක නැතිකරලා දැන් ලැවරිය දෙන්න හදනවා.
BamunuarachchiMonday, 20 June 2022 08:09 AM
මෙයා වැඩක් බාරගන්න කෝඳුරුතෙල් හත්පට්ටයකුත් තව ටිකකුත් ඉල්ලනවා...
sisiraMonday, 20 June 2022 09:08 AM
ජනතවට සැලසුමක් ඉදිරිපත් නොකර නව ජනවරමකට ඉඩ සලසාගන්නේ කෙසේද ?
සංකා Monday, 20 June 2022 10:29 AM
රනිල් ඉන්නේ හොරුත් එක්ක. රටේ දුගී දුප්පතාට ලක්ෂ ගනම් ගෙවල් හදලදිල සෙතක් කරපු සජිත්...හර්ෂ,එරාන් ඇතුළු අය එකතු වෙලා හොද දැක්මකින් රට ගොඩ ගනියි.
pj.Monday, 20 June 2022 12:18 PM
පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත්කර ගෙන අගමැති වෙන්න සජිත්ට කිසිදිනෙක නොහැකි වන අතර ඒ සඳහා සාධාරණ අයිතියක් ද නොමැති බව මතක් කරදෙනු කැමැත්තෙමි. තම පියා රජ කරන කාලයේ පියාගේ බලය අනිසි ලෙස යොදා ගනිමින් නුවරඑළියේ තුරඟ තරඟ පිටියට යාබද රජයට අයත් වටිනා ඉඩම් අයථා අන්දමින් අත්පත් කරගනිමින් පෞද්ගලිකව ගෙනගිය කානේෂන් සහිත මල් අපනයන ව්‍යාපාරයෙන් කෝටි ගණන් ඩොලර් ඉපැයූ ඔහු මල් අපනයනය කළේ ද එයාර් ලංකා ගුවන්යානා සේවය අයථා පරිදි යොදා ගනිමිනි. එකල ලංකාවේ අස්සක්, මුල්ලක් නෑර පුරාවස්තු හෑරූ ඔහු අද සජබයේ තරුණ මන්ත්‍රීන්ට පෙන්නාගෙන සිටින බබා වෙස් මුහුණ ගැලවෙන දිනය වැඩි ඈතක නොවේ.
nimalMonday, 20 June 2022 01:29 PM
රනිල්ට වැඩිය හොඳට සජිත්ට කළ හැක්කේ කුමක්ද? මං මුළා නොවී වනගතව සතුන්ගේ ඡායාරූප ගැනීමට හැකියාවක් තිබේ. ඔහු එයට පමණක් දක්ෂයෙකි..
විජේ Sunday, 19 June 2022 11:39 PM
තමුන්වැනි අයෙක් මම මගේ ජීවිතේට දැකලා නෑ... පව් නොදී කට වහන් ඉන්න තවත් මෝඩකම ප්‍රදර්ශනය නොකර...
gagana Monday, 20 June 2022 12:13 AM
කවි මඩුවක්...!
chandima Monday, 20 June 2022 03:23 AM
ජනවරමෙන් කොහොමද ඉන්ධන, විදුලිය, ගෑස් එහෙම ලැබෙන්නේ? මම නොදන්න නිසයි අහන්නේ?
Perera Monday, 20 June 2022 06:52 AM
මෙයාටත් රනිල්ට වගේ කිසිම වැඩක් බැහැ. රට බාර අරගෙන වැඩ පෙන්නන්න අවස්ථාව දීලත් ගත්තේ නැහැ. දැන් විකාර කියවනවා...
Bamunuarachchi Monday, 20 June 2022 08:09 AM
මෙයා කලේ ජනතවාගේ සල්ලිවලින් ජනතාවටම ගෙවල් හදන එක. නැතුව ජනතාවට තමන්ගේම ගෙවල් හදාගන්න ආදායම් සැලසෙන ක්රීයා මාර්ග හදලා ගෙන එක නොවෙයි. අන්දරේ කිව්වා කළුගල කර උඩින් තිබ්බොත් ගිහිල්ලදා දාන්නම් කියලා මේ ගොයියගේ කර උඩින් තිබ්බත් ආර්ථිකය ගොඩ දමන්න බැහැ. වාචාල කතා තමයි.
නවූෆර්.Monday, 20 June 2022 01:09 PM
බමුණුගේ ලොක්කා තමයි හොඳටම කරලා තියෙන්නේ.. අනේ බමුණු කියන නමටත් ලැජ්ජයි...
BamunuarachchiMonday, 20 June 2022 05:07 PM
ලොක්කා හොඳට කරපු නිසා තමයි ඔහෙලා කොරෝනා වලින් මකබෑ නොවී තාම ඉන්නේ. ලෝක්කා නොසිටි කාලේ නේද ඔහෙලාව ප්‍රබාකරන් උතුරෙන් පන්නා දැමුවේ...? එතකොට ප්රභාකරන් අක්බර් නේද..?
විරාජ් Monday, 20 June 2022 08:11 AM
පිස්සු
සමිත සේනක අලුත්ගමගේ. Monday, 20 June 2022 08:20 AM
කවුරුන් කෙසේ කිව්වත්,අද මේ රටේ තියෙන්නේ කොන්ද පණනැති දුර්වල විපක්ෂයක්. දූෂිත පවුල් පාලනය රට මේ තරම් අගාධයකට ඇද දමා තිබෙනවා.ඒත්,මේ රටේ ඔය කියනා විපක්ෂය තාමත් කෙකර ගගා විකාර කියවමින් ඉන්නවා.විකාර කතා හා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ඉඳලා හරියන්නේ නැහැ.රට වැටිලා.ජනතාවට තියෙන පීඩනය වචනයෙන් කියා නිමකරන්නට බැහැ.මෙන්න මේ වගේ වෙලාවක තමයි විපක්ෂයේ බලය පෙන්වා දූෂිතයන් පන්නා දමා රටත් ජනතාවත් බේරාගත යුත්තේ. ඒත් එවැනි දෙයක් කරන්න පුළුවන් විපක්ෂයක් මේ රටේ නැහැ.කිව්වාට කිසිවෙකු අමනාප වෙන්න එපා.අද මේ රටේ තියෙන්නේ කොන්ද පනනැති,කිසිදු සැලැස්මක් නැති විපක්ෂයක්.
dumindaMonday, 20 June 2022 01:13 PM
පොහොට්ටු ආණ්ඩුව ගේන්න ඡන්දේ පුදපු විදිහට විපක්ෂයක් මෙහෙමවත් ඉතුරු වුණා ඇති..
කෝරලගේ Monday, 20 June 2022 10:21 AM
රනිල් 5ස් වතාවක් රටේ අගමැති වෙලා බැදුම්කර හොරකමින් රට නැත්තට නැති කරලා දැන් අගමැතිවෙලත් කරන්නේ රාජපක්සල බේරලා රට තව තවත් අනාථ කරනෙකය්.අනික රටේ එක ආසනයක් දිනන්න බැරිවුණා වගේම සද්දන්ත UNP පක්ෂය පොළොවට සමතල කලා.සජිත් ඉහල ජනතා ප්‍රසාදයෙන් චන්ද ලක්ස 55ක් දිනලා විපක්සනායක වුන.ඉතින් බහුතර කැමැත්ත පරිදි සජිත් මේ හොරුන්ට වඩා හොදට රට කරය්.
Surain Monday, 20 June 2022 01:04 PM
මෙතන සමහර කමෙන්ට්ස් සහ ඒවාට ලැබිච්ච ලයික් දැක්කාම රට පත්වෙලා තියෙන තත්වය ගැන අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ. මෝඩකමට බෙහෙත් නැහැනේ...
podi hamine Monday, 20 June 2022 01:08 PM
සජිත් කියන දේ තේරුම් ගන්න වුවමනාවක් නැති රට කාපු අය එක්ක එකතු වෙලා දාන අදහස් වලින් හිතන්න ගොඩක් දේවල් ඇත. මෝඩකමට සීමාවකුත් නැත. එහෙත් රටේ ජනතාව සජිත් ගැන තියෙන පැහැදීම ඔය අදහස් වලින් මකන්න බැහැ..
duplicate Ralahami Monday, 20 June 2022 01:11 PM
මේකෙ කමෙන්ට් දාන්නත්, ලයික් කරන්නත් හරි අපූරු සාම්පල් සෙට් එකක් ඉන්නවා වගේ...
Sanju Monday, 20 June 2022 01:35 PM
මොනවා කරන්නද? බහුතර මනාප අරන් දිනුවාම බලේ වැඩියි... මොලේ අඩුයි. හොඳට තිබුණු රටක්. අපි වැටිච්ච තැනක් කියලනේ කිව්වේ... දැන් හොඳයි.
Bernard Monday, 20 June 2022 03:26 PM
සජිත්ගෙන් පර්ලිමේතුවේ විපක්ෂයේ රාජකාරිය හරියට ඉටු වෙන්නේ. නැහැ... කොන්දක් නැති විපක්ෂයක් ජනතාව මහපාරෙ පෝළිම්වල දුක් විඳිනවා... රට, ජාතිය බඩගින්දරේ පාරක් පාරක් ගානේ අව්වට වැස්සට වේලෙනවා. විපක්ෂය මාධ්‍ය සංදර්ශන දාලා පිස්සු කෙලිනවා. විපක්ෂ නායකයාගේ මෝඩ චූන් තමයි. මහජනතාව මහ පාරේ අරගලයේ. රටේ විපක්ෂය මර නින්දේ... ලැජ්ජයි... ලැජ්ජයි...!