(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වෘත්තීයවේදීන් පෙන්වා ඡන්ද ලබාගෙන පිහිටවූ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට වෘත්තීයභාවයෙන් විසඳුම් සෙවීමට බොහෝ අවස්ථාවල අසමත්වූ බව කෝප් කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.
මේ ආර්ථික අර්බුදය ඇතිවුණේ ඒ නිසා බව පැවසූ මන්ත්‍රීවරයා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට පැමිණ පස්සට තල්ලු වීම ගැන විදේශයන්හි මිත්‍රයන් අද හිනා වෙමින් සිටින බවද ප්‍රකාශ කළේය.
මේ ගැන අපිට විශාල ලැජ්ජාවක් ඇතැයිද ඔහු කීවේය.
විවිධ පෝලිම්වල දුක් විඳින අහිංසක ජනතාවගේ දුක දකිද්දී ඔවුන් එලෙස පෝලිමේ ඉන්නේ ඒ අය කරපු වරදක් නිසා නොවේ කියලා හැඟෙන විට තමාට විශාල වේදනාවක් දැනෙන බව පැවසූ චරිත හේරත් මහතා 2008 ඉඳල හිටපු සියලුම මුදල් ඇමැතිවරුන් මුදල් ලේකම්වරුන් , මහ බැංකු අධිපතිවරුන් ස්වෛරී බැඳුම්කර ක්‍රියාදාමය ඉදිරියට ගෙන ගොස් ඒ හරහා මූල්‍ය වෙළෙඳපොළෙන් අධික පොලියට ණය ලබාගත් බවද ප්‍රකාශ කළේය.
විදේශ මුදල් හොයන්නෙ නැතිව ගත් එම ක්‍රියාමාර්ගය නිසා මේ ප්‍රශ්නය පුපුරා යන තැනට පැමිණි බවද මහාචාර්යවරයා පැවසීය.
රටේ 2019 න් පසුව පත් වූ මුදල් ඇමැතිවරුන් ලේකම්වරුන් මහ බැංකු අධිපතිවරුන් ඒ කාර්තුවේ සිදුවීම්වලට වගකිවයුතු බවත් ඒ අය ආර්ථිකය සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් නොකළේ යැයි විශ්වාස කිරීමට සිදුවන බවත් හේරත් මහතා සඳහන් කළේය.
ඉදිරියේදී පුද්ගලයන් විවිධ සංකල්ප ඉදිරිපත් කළ පමණින් ජනතාව ඒවාට ඡන්දය දීම නොකළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා සංකල්ප ඉදිරියට ගෙනැවිත් දිනුවම අධ්‍යාපනය කෘෂිකර්මය ආර්ථිකය ව්‍යවස්ථාව කරන පුද්ගලයන් හෙළිදරව් කරන දේශපාලනයක් මේ රටට අවශ්‍ය බවද ප්‍රකාශ කළේය.
එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රට කරවන කණ්ඩායම කල්තියා හෙළිදරව් කළ බවත් කොල්වින් ආර් ද සිල්වා ඇන් ඇම් පෙරේරා වැනි විද්වතුන්ද ඒ කණ්ඩායමට ඇතුළත් කෙරුණු බවත් ඔහු කීවේය.
සංකල්ප විතරක් පෙන්නලා පුද්ගලයන් වහලා කරන දේශපාලනයට ඡන්දය ලබා දිය යුතු නැතැයිද චරිත හේරත් මහතා සඳහන් කළේය.
නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ විද්වතුන් පෙන්නලා වෙන මිනිස්සු දාල කෘෂිකර්මය ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා ඉදිරි කාර්තුවේදී ප්‍රශ්නය විසඳීමට මේ සභාව එකතුවී වැඩ කළ යුතු බවද පැවසුවේය.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතා ගැටලුවලට විසඳුම් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා
Thilak Wednesday, 08 June 2022 05:04 PM
මේ මනුස්සයාව අගමැති කරමු