IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’ජනාධිපතිධූරය දක්වා ආ සේද මාවතට ගල්ගසා විනාශ කරනවා’

(විනිතා එම් ගමගේ)

මැතිවරණයේ දී ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටියේ 19 වන සංශෝධනයේ ඇති දුර්වලතා නිවැරදි කර ගැනීමට පමණක් බවත් ඉන් ඔබ්බට ගොස් අනාගතයේ නිවැරදි කරගන්නට බැරි විකෘති අංග විකල ව්‍යවස්ථාවක් සකසන්නට ජනතාව වරම් නොදුන් බව සිහි තබා ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයට එන්නට සේදමාවත වූයේ 19 වන සංශෝධනය බව කී රාජපක්ෂ මහතා ඔහු ඒ මාවත ගල් මුල් පහර දී විනාශ කරන්නට හදන්නේ යැයි ද සඳහන් කළේය.

විසිවන සංශෝධනය සම්මත කරගන්නට පියවර ගතහොත් ජනාධිපතිවරයා එය තම ජනාධිපති තනතුර නමැති ගෙල සිඳ ගන්නා අසිපතක් බවට පත් කර ගන්නේ යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ නුගේගොඩ විජයබා මාවතේ සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා රටේ දැවෙන ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් ඇති බවත් ජීවන බර මෙන්ම කොරෝනා බිය ද ජනතාව පෙළන තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු කියා සිටියේය. 

ජනතා ජීවිත සුවපත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම සියලු මහජන නියෝජිතයන් එක්කරගෙන රට ගොඩනැංවීමේ වැඩපිළිවෙළක් වහා ආණ්ඩුව විසින් ඇරඹිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගැටළුකාරි තත්ත්වයන් ඇතිවූ බවද එහි ප්‍රධානම ගැටළුවක් වන්නේ ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වීම බව ද පෙන්වා දුන් මන්ත්‍රීවරයා තමන් ඊට එරෙහිව සටන් කළ බව ද කීය.

ජනාධිපතිවරයාට කැමති පරිදි ඇමැතිවරුන් නම් කිරීමට නොහැකි වීම මෙන්ම අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් ලබාගෙන ඇමැතිවරුන් නම් කිරීමට සිදුවීම ද ඉකුත් රජයේ දී ප්‍රශ්නයක් වී තිබුණේ ජනපති හා අගමැති පක්ෂ දෙකක සිටීම නිසා යැයි ඔහු සඳහන් කළේය.

නමුත් වර්තමානයේ එවැනි තත්ත්වයක් උදානොවන බවත් වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන ගුරුවරයා වන තම සහෝදරයා අතර එවැනි ගැටුම් ඇතිවනු නැතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාට තනතුරු දැරීමට අවස්ථාව නොමැතිවීම ද වෙනස් කරගත යුතු බවට තමන් විශ්වාස කරන බව කී රාජපක්ෂ මහතා කොමිෂන් සභාවන්හි සාමාජිකයන්ගේ වගකීම හා ඔවුන් පත් කිරීම හා ඉවත් කිරීම ගැන ගැටළු තිබුණේ යැයි ද සඳහන් කළේය.

යෝජිත විසිවන සංශෝධනයෙන් වැඩියෙන්ම බලතල අහෝසි වන්නේ අගමැතිවරයාගේ යැයි ද අනෙක් අතින් 19 සංශෝධනයේ ඇති දුර්වලතා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ කැමැත්ත ඇතිව සංශෝධනය කර ගත හැකි වන බව ද 2015 දී ආණ්ඩුවේ එජාප මන්ත්‍රීවරු 41 දෙනෙක් සිටිය දී 19 සංශෝධනය ඉතා පහසුවෙන් සම්මත කරගත්තේ සරත් වීරසේකර මහතා හැර අනෙක් සියලු දෙනාගේ කැමැත්ත ඇතිව බව අමතක කළ යුතු  නැතැයි ද හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරයෙකුට යලි ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි වාර ගණන 18 වන සංශෝධනයෙන් සීමාරහිත කර තිබිය දී එය යළි දෙවතාවක් බවට  පත් කරන ලද්දේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බවත් එසේ නොකලේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් වන්නට අවස්ථාව නොලැබෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ජේ ආර් ජයවර්ධන මහතා පූර්ණ විධායක බලය නමැති අසිපත අතට ගත් නමුත් එය හසුරුවන්නට පටන් ගත්තේ ජනාධිපති ප්‍රේමදාස මහතා යැයි ද එය එවක් පටන් අනෙක් සියලු ජනාධිපතිවරු විධායක බලතල අහෝසි කරන බව කියමින් බලයට ආවේ යැයි ද විධායක බලය ඉවත් කිරීම යන්න ගැන තමන් කිසි අවස්ථාවක එකඟ නොවී යැයි ද කී රාජපක්ෂ මහතා නමුත් ඒකාධිපති වියරුවකින් පෙළෙන්නෙක් වන්නට ඉඩ නොදිය යුතු යැයි ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවතින තුරු රටට විධායක බලතල ඇති ජනාධිපතිවරයෙක් අවශ්‍ය බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.  



අදහස් (34)

’ජනාධිපතිධූරය දක්වා ආ සේද මාවතට ගල්ගසා විනාශ කරනවා’

siri Tuesday, 06 October 2020 02:06 PM

ඇමැතිකමක් ගන්න ලැබුණා නම් ඔහොම කියන්න හිතෙන එකක් නෑ නේද මහත්තයෝ..?

:       30       103

sena Tuesday, 06 October 2020 02:08 PM

මොකක්දෝ ඩීල් එකක් හරි ගිහින් නැහැ වගේ...

:       21       72

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 06 October 2020 02:20 PM

ඇත්තෙන්ම ඔබතුමා අප සිතුවාටත් වඩා ඉතා හොඳ හදක් ඇති මිනිසෙක්... සත්‍ය සත්‍යම ලෙස පෙන්වා දුන් ඔබතුමාට පින්..

:       41       66

pathiranaTuesday, 06 October 2020 02:35 PM

මොන පිස්සුද? මොනවාහරි ඉල්ලපු දෙයක් ලැබිලා නැහැ වගේ...

:       23       70

Hafeel Tuesday, 06 October 2020 03:39 PM

මේ මොහොතේ මෙයා කියන දේ නිවැරැදියි. නමුත් මෙයාට ප්‍රතිපත්තියක් නැහැ. දැන් මෙයාට ඇමැතිකමක් ලැබුණොත්, මෙයා වෙනස් වෙනවාමයි.

:       6       123

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 06 October 2020 04:24 PM

විජයදාස රාජපක්ෂ මහතා මෙතැනදී පවසා තිබෙන්නේ සත්‍යය. ඒත්, පෙර කළ කී දේ අනුව සම්පූර්ණ විශ්වාසය තියන්නට නම් බැහැ තමයි.

:       1       12

De Tuesday, 06 October 2020 02:22 PM

හරි හරි දැන් මට තේරුණා.. ඔය පිනුම ගහන්න නේද හදන්නේ..?

:       11       53

de silva Tuesday, 06 October 2020 02:35 PM

මොහුගේ දේශපාලන අරමුණ අවුල් සහගතය. නමුත් මේ ප්‍රශ්නයේදී මොහුගේ අදහස හරි. 20 මේ විදිහට සම්මත කරගත්තොත් ඉදිරියට තිබෙන පළාත් සභා, පළාත් පාලන, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණවලින් පොහොට්ටුව පරදිනු ඇත.

:       8       70

Prabha Tuesday, 06 October 2020 02:44 PM

මෙයට අධිකරණ ඇමැතිකම නොලැබුණු නිසා මේ තරහා කියලා කියනවා. මෙයාගේ අතීත කෙරුවාවල් එක්ක ඒක ඇත්තද කියලා මටත් හිතෙනවා.

:       11       46

විජිත් Tuesday, 06 October 2020 03:09 PM

එදා පතෝල සිරිසේනගේ සහ රනිල් බෑනාගේ යහපාලන ආණ්ඩුව කාලේ අධිකරණ ඇමති. එදා රජය ගෝඨාගේ නඩුවලට එයාව අධිකරණයට ගෙනියන්න උත්සාහ කරපු වෙලාවේ කිවේ මෙහෙමයි. " මම අධිකරණ ඇමැතිවෙලා ඉන්නකම් ගෝඨාභයව අධිකරණය ඉදිරියට ගෙනියන්න දෙන්නේ නැහැ" කියලා. ඊට පස්සේ ටික කලකින් ඇමතිකමෙන් අස්වෙලා "මැද" ට වෙලා හිටියා. පස්සේ මැදමුලන බයියෝ එක්ක එකතුවුණා. ඡන්දෙන් පස්සේ හිතාගෙන හිටියේ අධිකරණ ඇමති කමයි. නමුත් "මුකුත්ම" ලැබුනේ නැහැ. මේවගේ වවුලන්ට මිනිස්සු ගල් ගහලා එළවන්නේ නැත්තේ ඇයි..? ගල් නැතිද..? මිනිස්සු නැතිද..?

:       17       119

Champa Tuesday, 06 October 2020 03:15 PM

"සේද මාවත දිගේ ලිස්සා ආ ඒකාධිපතියා." චිත්‍රපටයකට හොඳ තේමාවක්! පළවෙනි ප්‍රහාරය තමන් ආ මාවතටමයි. හේතුව අනෙකෙකුට, විශේෂයෙන් සේද මාවත අයිනේ ඇන තියාගෙන සිටි සුන්දර මිනිසාට ඉඩ නොදීමයි. දෙවෙනි ප්‍රහාරය තමන්වත් නොදන්නා චරිත සහතික දෙමින් තමන්ව සේද මාවතට ඇරලවූවන්ටයි. තුන්වෙනි ප්‍රහාරය ඡන්දය දුන් මෝඩ වහලුන්ටයි.

:       17       65

L.G.P.Jathunarachchy Tuesday, 06 October 2020 03:46 PM

අවංක මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි කරන්න නීති සම්පාදකවරුන් උත්සාහ ගනිමින් ඉන්නවා.

:       0       0

Demuni Uduwara Tuesday, 06 October 2020 04:33 PM

මේ අවස්ථාවේදී ඔහු සත්‍යය වටහාගෙන ඇත.

:       3       7

Champa Tuesday, 06 October 2020 04:38 PM

20න් රට බේරා ගන්න පුළුවන් අගමැතිතුමාට විතරයි. නමුත් මුකුත් නොකර ඉන්නේ මොකක් හරි කොස්සක් තියෙනවද?

:       3       5

sudanthaWednesday, 07 October 2020 08:30 AM

රට බේරා ගන්න අගමැති? ඔබ අදහන ඔය දෙයියා තමයි මේ රට විනාශ කලේ.. අන්ත වැඩ කරන්න දුන්නා. මත්තල ගුවන්තොටුපොල සහ හම්බන්තොට වරාය හදන්න අධික පොලියට චීනාගෙන් ණය අරන් අන්තිමට චීනාට රටම උකස් තිබ්බා. කොටියට රුපියල් මිලියන 600ක් දීලා දෙමළ මිනිස්සුන්ට ඡන්දෙ දීම වැළැක්වූවා. ඒ විතරක් නොවෙයි හමුදාවෙන් ප්‍රභාකරන්ව මැරුවේ නැතිනම් ප්‍රභා අද පොහොට්ටුවේ උප සභාපති. ඔබ ගැන ලැජ්ජයි..

:       1       0

ChampaThursday, 08 October 2020 02:51 PM

මේක දැක්කේ දැන්. මම ණය ගැනීමට විරුද්ධ නමුත් උත්තරයක් දෙන්නම ඕනේ ඔබ සත්‍යය විකෘති කරලා නිසා. යුද්ධයෙන් පස්සේ රට ගොඩගන්න ලංකාවට ණයක් හරි දුන්නේ චීනය විතරයි. නැවත ණය ගෙවීමේ හැකියාවක් එතකොට තිබුනේ නැති නිසා කිසිම ජාත්‍යන්තර ආයතනයක් රටට ණය දෙන්න ඉදිරිපත් වුනේ නැහැ. චීනෙවත් හිටියේ නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ. හම්බන්තොට සහ මත්තලට දුන්නු ණය නිසා රටේ මුදල සංසරණය ඉහළ ගියා. මිනිස්සුන්ට අමාරුකමක් දැනුණේ නැහැ. මත්තල සහ හම්බන්තොට වරාය නිමාකළේ 2013/2014. ඊට පස්සේ මහින්දව පැරැද්දුවා. සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙකුට වුණත් තේරෙනවා ගුවන් තොටුපොළක් සහ වරායක් හදපු ගමන් මුදල් උපයන්න බැහැ කියලා. ඒකට කාලයක් යනවා. රනිල් සිරිසේන ඇවිල්ලා කලේ ණය වාරික නොගෙවා වරාය චීනේටම විකුණපු එක. ඔබ ඒවා උකස් කළා කියලා මහින්දට චෝදනා කරන්නේ උකස් කිරීමයි විකිණීමයි අතරින් වඩා හොඳ විකිණීම කියලා ඔබ හිතන නිසා වෙන්න ඕනේ... ප්‍රභාකරන් හිටපු කාලේ පොහොට්ටුවක් තිබුණෙත් නැහැ. 2009 ඉඳන් අද වෙනතුරු ප්‍රභාකරන්ට නිදැල්ලේ ඉන්න ලැබෙන්නෙත් නැහැ. ඔබ යමක් ගැන විවේචනය කරන කොට අද ඉඳන් නැතුව අතීතයට ගිහින් එදා තිබ්බ තත්වය විශ්ලේෂණය කරන්න...

:       0       0

ChampaWednesday, 07 October 2020 09:08 AM

මේකේ ඉතුරු කොටසයි වැදගත්...

:       0       0

DAYAN Tuesday, 06 October 2020 05:15 PM

විජයදාස රාජපක්ෂ මැතිඳුනි මට සිහිවෙනවා 78 ව්‍යවස්ථාව ගේනකොට ඇන් ඇම් පෙරේරා මැතිතුමා කී කතාව.

:       1       2

beau Tuesday, 06 October 2020 08:05 PM

ඇමතිකමක් ලැබුනේ නැති නිසා මෙයා මේ කතා කියමින් කඩාකප්පල් වැඩවල යෙදෙන්න හදනවා.

:       2       3

ranjith Tuesday, 06 October 2020 11:29 PM

රටට වැදගත් වන මත නොබියව ප්‍රකාශ කිරීම අගය කරනවා.

:       3       6

Bamunuarachchi Wednesday, 07 October 2020 12:54 AM

ඔබ හරි මුවුන් තමන්වම විනාශ කර ගන්නවා.

:       5       4

BamunuarachchiWednesday, 07 October 2020 01:14 PM

ඒත් අපිට ජෙප්පන්ට හෝ ටෙලිෆෝන් එකට සපෝර්ට් කරන්න කොහොමත් බැහැ. එ් ගොල්ලෝ සිංහලයාට විනකරන සුළු ජාතිකයින්ට පක්ෂයි.

:       1       0

mp Wednesday, 07 October 2020 01:52 AM

අවස්ථාවාදයම තමා!

:       1       2

CN Wednesday, 07 October 2020 03:44 AM

මෙම කථාව පිළිබඳව අප වටහා ගත යුතු දෙය නම්, ඔහු ඉල්ලා ඇති දේ ලබා නොදුන් සෑම අවස්ථාවකදීම ඔහු මහජන පාර්ශවයේ සිටගෙන පාලක පක්ෂ නොමඟ යන විට දැඩි ලෙස පහර දීමයි. ඔහුට හොඳින් සලකන විට සහ පාලක පක්ෂයෙන් ඔටුනු පළඳින විට, පක්ෂය වැරදි කරන විට ඔහු ඕනෑම දෙයක් සාධාරණීකරණය කරයි ඒ සඳහා ඔහු 'කබරගෝයා තලගෝයා' න්‍යාය භාවිතා කරයි.

:       3       9

THARUKA Wednesday, 07 October 2020 04:53 AM

කැබිනට් ඇමතිකමක් නොලැබීමේ වේදනාව පිටකරන අයු‍රක් පේනවා. රටේ බහුතර ජනතාව ඡන්දෙ දුන්නෙ 19 අහෝසි කරල පෙර තිබූ ආකාරයේ විධායක බලතල ඇති ජනපතිවරයෙක් බිහි කරන්න. ඒක මේ කවුරු මොනා කිව්වත් ඇත්ත ඒකයි. පාර්ලිමේන්තුවට බලය යෑමේ අනිටු විපාක මම මේකෙ පැහැදිලි කරන්න ඕන නෑ, ආර්ථික පරිහානියෙ ඉදන් හම්බන්තොට වරාය විකුණමින් සහරාන් බෝම්බය දක්වා හැමදේටම වගකියන්න ඕන. ජනපතිට බලය නොමැතිවීම.

:       7       3

Appuhami Wednesday, 07 October 2020 05:16 AM

මෙයාට අධිකරණ ඇමතිකම ලැබුනේ නැති නිසා

:       2       4

BamunuarachchiThursday, 08 October 2020 01:37 AM

මේ කියන දේවල් තේරුම් ගැනීමට යම්කිසි උගත් කමක්, බුද්ධිමත් කමක් තිබිය යුතුයි. ගොබ්බයින්ට මේ අදහස් පෙනෙන්නේ විකෘති වෙලා.

:       1       0

අසේල Wednesday, 07 October 2020 05:30 AM

මෙයාට අධිකරණ ඇමතිකම නොදීම

:       2       3

DILUM Wednesday, 07 October 2020 05:47 AM

අද සේදමාවත කොච්චර පහසු වුණාද කියලා කියනවා නම් නඩුවකිනුත් දිනලා තමයි අපේක්ෂක වෙන්න වුණේ..

:       0       0

Rata Perata Wednesday, 07 October 2020 06:24 AM

මොහුගේ අතීත ක්‍රියා ගැන ප්‍රශ්න තිබුණත්, දැන් මේ කියන දේවල් ඇත්ත.

:       1       0

Sunil milano Wednesday, 07 October 2020 06:48 AM

මෙයාව දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි..

:       0       0

de silva berlin Wednesday, 07 October 2020 07:16 AM

මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට දේශපාලනයේ සහ රාජ්‍ය පරිපාලනයේ විශාල පලපුරුද්දක් සහ දක්ෂතාවයක් තිබෙනවා. එමනිසා මේ බාරදූර අවස්ථාවේ ඔහුට පාර්ලිමේන්තුවේ බලතලවලින් කොටසක් තිබීම ඉතා වැදගත්. ගෝඨාභය මහත්තයා අතිදක්ෂ ආරක්ෂක ලේකම්වරයෙක් වුණත් දේශපාලනයට ඔහු අලුත්... ඒ නිසා 20 ගෙනත් විශාල දේශපාලන බලයක් ඔහුට දුන්නොත් ඒක පරිපාලනය කරගන්නට ඔහුට පලපුරුද්ද මදිවීමෙන් විශාල විනාශයක් වෙන්න පුළුවන්. එම නිසා මෙම අවස්ථාවේ 20 ගෙන ඒම තාවකාලිකව නවතා දමා.. මේ අගාධයෙන් රට ගොඩගෙන එන්න කටයුතු කළ යුතුය.

:       0       0

upul Wednesday, 07 October 2020 08:07 AM

දුකට කියන කතා... ඇමතිකමක් දුන්නොත් ඕනම වැඩක් කරයි...

:       0       1

KamalKoyralaFriday, 09 October 2020 05:58 AM

හරියට හරි.. උපුල් කඩේ ගිය තරමට ජූනියර් කෙනෙකුටනේ චාන්ස්එක ලැබුණේ..? දුකයි.. එනමුත් 20ට අත උස්සනවා ශුවර්..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 773 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 1311 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 976 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 493 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1324 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22869 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site