IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජනාධිපතිවරයාට තවත් කෝටි875ක්

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අමතරව රුපියල් කෝටි 875 ක පරිපූරක මුදලක් ගෙවිය යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතියට ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනෙකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය ගන්නා ඕනෑම ණය මුදලකින් හෝ මෙම මුදල ගෙවිය යුතු බවටද එම යෝජනාවේ සඳහන්වේ.

මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇතැයිද සඳහන්වේ.

යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

 



අදහස් (14)

ජනාධිපතිවරයාට තවත් කෝටි875ක්

Chandima Monday, 10 June 2024 06:43 AM

ණය නොගෙනවා ඉතිරි කරගත් මුදල් මුන් මුන්ම බේදාගන්නවා

:       0       0

Chandima Monday, 10 June 2024 06:47 AM

එක්කෝ ඇත්තටම සල්ලි මදිවෙලා. නැත්නම් මේක පිටින් රට කුලප්පු කරවලා ඡන්දේ දාන්න කරපු ප්ලැනක්

:       0       0

Aruna Manipura Monday, 10 June 2024 07:10 AM

තවත් රුපියල් බිලියන 8.75 ක් ඉල්ලන්නේ මේ වෙනකොට කොච්චර බිලියන ගානක් ඉවර කරලද ඉන්නේ. 2019 ට පෙර ඡන්දයක් පවත්වන්න රුපියල් බිලියන 5-10ක් ප්‍රමාණවත් කියලා තමයි වාර්තා වුනේ. අපි බදු ගෙවලා මේ ජනාධිපති නඩත්තු කරන්නේ මොකක් කරගන්නද? ඉස්සෙල්ලා අනවශ්‍ය ගමන් අඩු කරලා රටේ මහජන සල්ලි නාස්තිය අඩු කරලා පෙන්නන්න. මුළු සමෘද්ධියටම වෙන් කලේ රුපියල් බිලියන 50ක් විතර... දැන් රටේ දුගීභාවය දෙගුණයකින් වැඩිවෙලා...

:       0       0

Moda gamaya Monday, 10 June 2024 07:12 AM

ඔව් ඉතින් ගෑස්, තෙල් පෝලිම් නැති කරලා, හාල් නිකන් දීලා, 40000 පෝර ගෝනිය 18000ට දීලා රටේ ආර්ථිකයත් ගොඩදාපු එකේ කෝටි 1000ක් දුන්නොත් කමක් නැහැ නොවැ.

:       0       0

වීර Monday, 10 June 2024 07:34 AM

125 ක් මම දෙන්නද මේ කැළණි හිගන්නාට.. අපිවම කාාපන් නාකියා.. මරාගෙන කාපන්..

:       0       0

චන්දිම Monday, 10 June 2024 07:38 AM

අනේ හත් දෙය්යනේ මේ මොන සාපයක්ද අපේ රටට සිද්ධවුණේ. මොන දෙය්යන්ටද එහෙමත් නැතිනම් මොන යක්ෂයාටද මේ අවනඩුව කියන්නේ? අපේ රටේ සල්ලි නැහැ කියල ඕනිම කෙනෙක් දන්නවනේ. සල්ලි හොයන්න කියලා මිනිස්සුන්ගෙන් හුරලා මරලා බදු ගහල ගන්නවා. මුන්ට බැරි වුනාට ළඟට හෙට උපදින්න ඉන්න දරුවන්ට දියුණු කරගෙන මොනවා කරලා හරි ආදායමක් හොයා ගන්න තියෙන රටේ සම්පත් ඔක්කොම ප්‍රතිව්‍යුහගත කරනවා කියල බොරු ප්‍රෝඩාවක් කරලා සින්නක්කරේටම පිටරැටියන්ට විකුණලා දානවා. ඒ ඔක්කොම සල්ලි මේ විදියට කිසි වැඩකට නැති මේ සුදු අලීයෙක් වගේ ඉන්න මනුස්සයෙකුගේ සුඛෝපභෝගී ජිවිතයක් සඳහා නාස්ති කිරීම මොන තරම් අපරාධයක්ද? අද දියවානාවේ පොහොට්ටුවෝ ඉන්නේ නයා මැරිච්ච අහිකුන්ටකයෝ රැලක් වගේ.අද ඔවුන්ට තියෙන එකම සරණ අලි වලිගෙ එල්ලිලා ඉන්න ඒක විතරයි. ඔවුන් අද කීකරු බලු කුක්කන් රැලක් වගේ නිවට නියාලුව කියන හැම අසමජ්ජාති වැඩක්ම ඒක පයින් කරනවා. මේ රට මේ විදියට යන්නේ මහා විනාශයකට.

:       0       0

nanda Monday, 10 June 2024 08:30 AM

රටේ මැතිවරණ වලට තමයි මුදල් නැත්තේ. මේ මුදලින් රටේ සෑම මැතිවරණ කොට්ඨාශයක්ම කෝටි 4 ගානේ වැය කරලා කර්මාන්ත ශාලාවක් හදලා ගම්වල තරුණ, තරුණියන්ට රැකියා අවස්ථා ඇති කළොත් යහපත් නැතිද?

:       0       0

සත්‍ය ගවේෂී. Monday, 10 June 2024 08:40 AM

කෝටි 875 ක්... දෙවි හාමුදුරුවනේ... මේවා කජු ඇටද? එසේ නැතිනම් කොස් ඇටද? මේ මුදලත් දැනට භුක්ති විඳින විය හියදම් වලට අමතරව නේද? රටේ ජනතාව මේ තරම් අගහිඟකම් දුක්පීඩා මැද දිවි ගෙවද්දී, රටේ දේශපාලනඥයින් මෙසේ ක්‍රියා කිරීම සදාචාරාත්මක ක්‍රියාවක් වන්නේද?

:       0       0

lakmal Monday, 10 June 2024 08:47 AM

ඔහොම යං. කාපුවා වමාරන්න තව පෝය පහයි.

:       0       0

Kazi Shajahan Monday, 10 June 2024 09:15 AM

යන යකා කොරහා බිදගෙන යන්න හදන්නේ. මේ සල්ලි නැති වෙලාවේ ඔක්කොම හූරගෙන නැති කරලා දාලා යන්න යන්නේ. තවත් මුන්ගේ පස්සේ යන ගොන් නාම්බෝ ඉන්නවා නේ.

:       0       0

Siripala Monday, 10 June 2024 09:29 AM

තොපි මේක කාබාසිනියා කරලම පලයල්ලා. ජනාධිපතිවරයාට කෝටි 875 ක් කියන්නේ, අසරණ පවුල් ලක්ෂ ගණනකගේ ලයිට් කපලා. කන්න නැහැ. හාමු ගෝලයෝ ටිකත් එක්ක ලෝකේ වටේ රවුම් ගහනවා.

:       0       0

Hafeel Monday, 10 June 2024 02:45 PM

මෙහම බලන විට ජනාධිපති ගොඩ දාල තියන්නේ රටේ ආර්ථිකය නොවේ, ඔහු විසින් ඔහුව ගොඩ දාල තියන්නේ.

:       3       11

Lalith Monday, 10 June 2024 04:21 PM

ඉස්සර රටට ලැබෙන සල්ලි ගාණට හරියනකල් ණය අරන් එව්වා කාබාසිනිය කළා. දැන් ණය වාරික ගෙවන එක නවත්තලා, ඒවට ගෙවන්න තියෙන සල්ලිත් කාබාසිනිය කරනවා.

:       2       7

kotiya Wednesday, 12 June 2024 05:10 AM

ඇයි ... මෙයාට ඡන්දේ තියන්න කෝටි 50ක්ද කොහෙද නෑ කියලානේ කිව්වේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 701 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3617 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1301 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site