(ඩයනා උදයංගනී)
රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා දිනාගත යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නොව ජනතා විශ්වාසය බවත්, සියලු පක්‍ෂ එක්කරගත් සර්ව පාක්‍ෂික වැඩපිළිවෙලකට යොමුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රජයේ වත්මන් වැඩපිළිවෙල යටතේ සහ රට බංකොලොත් කළ දේශපාලකයන් සහ නිලධාරීන් පැත්තක සිටියදී තරුණ සමාජ ක්‍රියාකාරිකයන් හඹා ගොස් හදිසි නීතිය යටතේ ප්‍රශ්න කරන්නට, පැහැර ගන්නට යාමෙන් ආණ්ඩුව ගැන රටේ විශ්වාසයක් ගොඩනොනැගෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එයින් රටේ ප්‍රතිරූපය තවත් ඇද වැටෙන බව කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා පොහොට්ටුවේ විශ්වාසය දිනාගත්තාට අමතරව ජනතා විශ්වාසය දිනාගත යුතු බවත්, පොහොට්ටුව ගැන ජනතා විශ්වාසයක් නොමැති බවත් කීවේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී අද (31) පැවති කොස් පැල සිටුවීමේ වැඩසටහනකට සම්බන්ධවීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරයා දිනාගත යුත්තේ ජනතා විශ්වාසයයි
fairoos Sunday, 31 July 2022 04:01 PM
වහල්ලුන්ට මේවා කියලා වැඩක් නැහැ.
BamunuarachchiSunday, 31 July 2022 05:40 PM
හම්බයින්ට විතරයි තේරෙන්නේ... එනිසා හොඳ සිංහලෙන් හම්බයින්ට කියන්න.
ගමේ එකාලාSunday, 31 July 2022 07:25 PM
පාර්ලිමේන්තුවේ ඉන්න ටික පක්ෂව ඡන්දෙ දුන්නේ රනිල්ව විශ්වාස කරලා. ඒකම ඇති?
senaSunday, 31 July 2022 06:09 PM
පාඨලී චම්පික රණවක යනු කිසිවිටෙක රට බංකොලොත් කළ දේශපාලකයන් සහ නිලධාරීන් සමග සම්බන්දව සේවය නොකළ ඇමතිවරයෙකි.
Bamunuarachchi Sunday, 31 July 2022 05:39 PM
අරගල කාරයින්ගේ විශ්වාසය නොවෙයි. අරගලෙත් හෙමින් දියවේගන යනවා...
Saman Sunday, 31 July 2022 09:14 PM
රනිල් ජනාධිපතිකම භාර අරන් රටට සෙතක් කරයි කියලා හිතනවා වගේම චම්පික මහත්තයාත් බොහොම උගත් මනුස්සයෙක්. මේ ආණ්ඩුව යටතේ වුණත් එයාට ඇමතිකමක් දීලා වැඩක් ගන්න ඕන කෙනෙක්
lakvidu Monday, 01 August 2022 02:58 AM
බලශක්ති ඇමැති වෙලා හිටියා... කරපු මගුලක් නැහැ.
නිමල් Monday, 01 August 2022 01:09 AM
ජනාධිපති හීන දකින පොරක්...
mp Monday, 01 August 2022 06:29 AM
අපොයි අර අහිංසක කොල්ලෙක් අසරණව සිටිද්දී අහක බලා ගත් හැටි.
Saththaya Monday, 01 August 2022 07:44 AM
අවුරුදු 15 ක් 20 ක් රට බංකොළොත් වෙනකල් පාර්ලිමේන්තුවේ නිදාගෙන හිටපු අය දැන් නැගිටලා, එකමුතුවෙලා ඉස්සෙල්ලාම මේ අගාධයෙන් රට ගොඩ දාන්න උදව් කරන එක තමයි නියම සමාජ සේවය.., මේ රටට වුණේ සමාජ සේවකයෙක් හොයාගන්න බැරිවුණු එක. බංකොලොත් වෙනකල් වෙච්ච් දේවල් දන්නෙත් නැහැ. දැන් බයිලා ගහලා මොකටද? හිස් වචන...
යැකෙන්දන්ඩා Monday, 01 August 2022 08:47 AM
ඔය බයිලා නොකියා, ඔබත් සම්බන්ධ වෙලා රනිල්ට උදව් කරන්න. එවිට සාර්ථක වේවි..!