IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජනාධිපති අරමුදල පුළුල් වෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා  50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි වීම ක්‍රියාත්මක වෙයි.

එසේම 2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටුකිරීමට  පියවර ගෙන තිබෙන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග සඳහා ද වෛද්‍යාධාර ලබා දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

වයස අවුරුදු 21ට අඩු පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් කටයුතු කෙරෙනු ඇත.

රෝගීන්ට වෛද්‍යාධාර ලබා ගැනීමට නගරයට පැමිණිම අවම කිරීම සඳහා දිවයින පුරා රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කිරීමේ පහසු ක්‍රමවේදයක් ද 2024 සිට ක්‍රියාත්මකය.

දැනට කරාපිටිය රෝහලේ ක්‍රියාත්මක වන රාජකාරී වේලාවෙන් පසුව හෘද සැත්කම් කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව මෙම වසරේ සිට වැඩි කරනු ලබන අතර මෙම ක්‍රමවේදය වෙනත් රෝහල් සඳහාද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර ගෙවීම ද මෙම වසරේ සිට සිදු කෙරේ. 

එසේම පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් සිදු කරන පිළිකා සැත්කම් සඳහා  මෙතෙක් වෛද්‍යාධාර ලබා දී නොතිබු නමුත් මෙම වසරේ සිට  ඒ සඳහා වෛද්‍යාධාර ගෙවීම සිදු කෙරේ. 

පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලට අමතරව රජයේ රෝහල්වලින් ද සිදු කරනු ලබන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට පෙර සහ පසුව පෞද්ගලික අංශයයෙන් සිදුකර ගනු ලබන වෛද්‍ය පරීක්ෂණ සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමට කටයුතු කෙරෙනු ඇත.

එමෙන්ම වෛද්‍යාධාර ලබාදීමේ දී රෝගීන්ගේ පවුල් ඒකකයක් සඳහා දැනට සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව මෙම වසරේ සිට රුපියල් ලක්ෂ 2ක් දක්වා වැඩි කිරීමට  තීරණය කර තිබේ. 
එමඟින් වෛද්‍යාධාර ලබා ගැනීමට අවශ්‍ය මධ්‍යම පාන්තික ජනතාව සඳහා  ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීමේ හැකියාව ලැබේ.

2022 අගෝස්තු මස සිට ගෙවීම් සිදු නොකර ගොඩගැසී තිබූ වෛද්‍යාධාර අයදුම්පත් 8000කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව එම වර්ෂය අවසන් වන විට වෛද්‍යාධාර අයදුම්පත් 12,000කට ආසන්න ප්‍රමාණයක ගෙවීම් සිදු කර තිබෙන අතර ඒ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 1,342කි.

2023 වර්ෂය සඳහා වෛද්‍යාධාර අයදුම්පත් 3458ක් ලැබී තිබූ අතර එම අයදුම්පත් සියල්ලම සඳහා දැනට ගෙවිම් සිදු කර අවසන්ව තිබේ. ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 844.7කි.

වෛද්‍යධාර ගෙවීමේ දී පැවති අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා වෛද්‍යාධාර ප්‍රතිපූරණය කර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය යාවත්කාලීන කරන ලද අතර නිසි පරිදි සම්පූර්ණ කර අඩුපාඩු රහිතව ජනාධිපති අරමුදල වෙත බාරදෙනු ලබන වෛද්‍යාධාර අයදුම්පතක් සඳහා වැඩ කරන දින තුනක් ඇතුලත ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි. 

එමෙන්ම සැත්කම්/ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන රෝගීන් සඳහා අවශ්‍ය වගකීම් සහතික පැය කිහිපයක් ඇතුළත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බවත් ඒ අනුව එම රෝගීන් රෝහල් ගත වී වෛද්‍ය පහසුකම් ලබාගෙන රෝහල් වලින් පිටව යාමේදී අරමුදල විසින් ගෙවීමට එකඟ වූ මුදල එම වෛද්‍ය බිල්පත් වලින් අඩු කිරීමට රෝහල් විසින් කටයුතු කරනු ලැබෙන බවත් ජනාධිපති කාර්යාලය කියයි.

ඒ අනුව අයැදුම් කරුවෙක්  කාර්යයන් ඉටුකර ගැනීම සඳහා එක් වරක් පමණක් ජනාධිපති අරමුදල වෙත පැමිණීම ප්‍රමාණවත් වන අතර කිසිදු අයදුම්කරුවෙකු අනවශ්‍ය ලෙස අරමුදල වෙත කැඳවිමට හෝ අපහසුතාවයට ලක්වීම සිදු නොවන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා   පැවසීය.



අදහස් (6)

ජනාධිපති අරමුදල පුළුල් වෙයි

Amal Thursday, 04 January 2024 04:19 PM

ඕකෙන් වැඩිම ප්‍රතිලාභ පාර්ලිමෙන්තුවේ කාලකන්ණි 225 ටයි, දේශපාලන හෙන්චෛයන්ටයි. සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ සොච්චමයි. කෙහෙළිය වගේ අයට බීල වැටිලා අඬු කදාගත්තහම සීමාවල් නැතිව වෛද්‍යාධාර දුන්නා !!!

:       3       14

samThursday, 04 January 2024 07:42 PM

අසරණයින්ට සරණ වීම පුණ්‍ය ක්‍රියාවක් සහ ජනාධිපති අරමුදල යනු මහජන අරමුදක් නිසා එය මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යෙදවීම අගය කළයුතු වෙමු...

:       2       3

ජයරත්න Thursday, 04 January 2024 04:58 PM

මාගේ දියණියට ලබාදෙන විශේෂ ඖෂධයක් පෞද්ගලිකව ඉතා විශාල මුදලක් ගෙවා සහ ඉතා අමාරුවෙන් පිටරටකින් වසර ගණනාවක සිට ගෙනැවිත් දෙන අතර එය ඉදිරියටත් කළ යුතුව ඇත. මේ ආකාරයට තවත් අය ඉන්නට පුළුවනි... එම නිසා ඊටද ජනාධිපති අරමුදලෙන් සහනයක් ලබා ගතහැකිද...?

:       0       7

අරවින්ද මොනරවිල Thursday, 04 January 2024 06:08 PM

ඕකෙන් වැඩිපුර ප්‍රතිලාභ ලැබෙන්නේ දේශපාලකයනුයි, ඔවුන්ගේ පවුල්වල අයයි හෙංචයියනුයි තමයි. කෙහෙළිය, දී.මු., රාජිත, ජයලත් ජයවර්ධන එහෙම ප්‍රකට දේශපාලඥයන් කිහිප දෙනෙක්. එවුන්ට තව තවත් ලොකු හැඳි වලින් බෙදලා දෙන්න තමයි මේ හදන්නේ...!

:       0       1

upul Thursday, 04 January 2024 08:35 PM

කාලීනව ඉතාම වැදගත් වගේම හොඳ තීරණයක්...!

:       0       0

Rata Perata Friday, 05 January 2024 01:02 PM

ෂුවර් එකටම දන්නා එකෙක්ගේ පවුලේ කාට හරි කෝටි ගානක් දෙන්න ඕන වෙලා ඇති .ජනතාව ගැන හිතලා මේවා කරනවානම් ඊට ඉස්සරවෙලා කරන්න කොච්චර වැඩ තියනවද ?දැන් පිනා උඩින් යනකොට පරිවාර හෙලිකොප්ටර් යනවලු

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අඹුසැමි යුවලගේ සිරුරු නිවසකින් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 06 157 0

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .වැලිපැන්න මුස්ලි


අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක
2024 ඔක්තෝබර් මස 06 292 0

දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන ප


මැතිවරණ
2024 ඔක්තෝබර් මස 06 20 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


ආනයනික අල ලොකු ළූණු තොග මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 06 150 0

අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල ව


පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 842 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 616 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39145 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25590 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site