( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් වී ඇත්නම් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලා නීතිඥවරු 4 දෙනෙක් අද (1) අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
නීතිඥ සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න, නාමල් රාජපක්ෂ හා තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥවරුන් සිව් දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූහ.
2015 ජනවාරි 8 වැනිදා හා 2019 නොවැම්බර් 19 වැනිදා කාලය අතරතුරදී සිදුව ඇතැයි, කියන දේශපාලන පළී ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි එම නීතීඥවරු සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කල අංක 2157 / 44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බව පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥවරු පෙන්වා දෙති.
අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂක් සභාව නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය ,ස්වාධිපත්‍ය බලය , ජනතාවගේ විශ්වාසය බලවත් ලෙස හෑල්ලුවට ලක් කර කිරීමක් සිදුව ඇතැයිද එම නීතීඥවරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දේ.
දුමින්ද සිල්වා මහතා දේශපාලන අසාධාරණයට ලක්කර ඇති බවත් ඔහුට එරෙහිව නියම කර ඇති මරණ දඬුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව නැවත සළකා බැලීමට නිර්දේශ කිරීම මගින් අධිකරණයට යුක්ති හා සාධාරණත්වයට කරනු ලැබු අපහාසයක් වන්නේ යැයි ද එම නීතිඥවරුන් පැමිණිල්ල මගින් අගවිනිසුරුවරයා වෙත පෙන්වාදි තිබේ.
ඒ අනුව එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් සිදු වී ඇත්නම් , පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයිද එම පැමිණිල්ලෙන් පෙන්වා දේ.
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු 4 අගවිනිසුරුට ලියති
sena Monday, 01 March 2021 09:06 AM
දන්නේ නැති නිසයි අහන්නේ... අධිකරණයට අපහාසයක් වෙලා තියෙනවා නම් පුරවැසියන් නේද නඩු දාලා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කළ යුත්තේ? කවුරුවත් නඩුවක් ගොනු නොකර අධිකරණයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවාද?
සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 March 2021 09:51 AM
මේ නීතීවේදී කණ්ඩායමට ස්තූතියි. අපගේ හඬද වූයේ ඔබතුමන්ලාගේම වැනි හඬකි. අපට සිතෙනා, හැඟෙනා ආකාරයට අධිකරණයට හා විනිසුරුතුමන්ලාට මේ අයට මෙසේ, මේ ආකාරයට දඬුවම් දියයුතු බව නිර්දේශ කිරීමට කවර හෝ පුද්ගලයෙකුට බැහැ. එසේ කිරීම වරදක් මෙන්ම අධිකරණයට අපහාස කිරීමක් ලෙස අපටද සිතේ. මේ ආකාරයට දේශපාලකයින් විසින් පත්කරනු ලබන කොමිසම් හරහා රටේ අධිකරණයට හා විනිසුරුවරුන් හෑල්ලුවට ලක්කිරීම බලවත් වරදක් බව පෙනේ. යමෙකුට නීති ප්‍රකාරව දඬුවම් කිරීමට විනිසුරුවරුන්ට තවත් කෙනෙකුගේ උපදෙස්, නිර්දේශවලින් කෙරෙනුයේ අයුතු බලපෑමක් බව පෙනේ....
විපරමා Monday, 01 March 2021 11:18 AM
හැම ආයතනයකින්ම දේශපාලනීකරණය වෙච්ච රටක කවර කතාද?
ලුම්බිණි Tuesday, 02 March 2021 12:18 AM
රන්ජන් රාමනායක කළා කියලා හිතන වරදම තමයි මේ අයත් කරලා තියෙන්නේ...
Puppa Tuesday, 02 March 2021 12:52 AM
මේ සම්බන්ධයෙන් අප මෙම නීතීඥයාට ස්තූති වෙනවා.
මුණසිංහ Tuesday, 02 March 2021 02:31 AM
එතකොට දේශපාලන වශයෙන් පලිගැනීම් වලට ලක් වු අයටත්, එසේ කළ අයටත් ප්‍රතිකාර නැත්ද? දන්නා අතීතයේ සිටම මෙවැනි දේවල් වෙනවා. එය නතර කිරීමට නම් මෙතනින් හෝ පටන් ගත යුතුයි.. .