IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජනපතිගෙන් රට හොල්ලන ප්‍රකාශයක් අනිද්දා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ කාරණය ජනපති අනිද්දා  (26) රටට ප්‍රකාශ කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජූනි මස 26 වැනිදා ජාතිය අමතන බවද කරුණානායක මහතා කීය.

ජාතිය අමතමින් ජනාධිපතිවරයා ඉදිරි සැලසුම්, වැඩ පිළිවෙළ සහ ඉලක්ක ගැන රට දැනුම්වත් කරන බවද කරුණානායක මහතා සඳහන් කළේය.

රට දැන් බංකොලොත් භාවයෙන් එළියට පැමිණ  තිබෙන බව සියලු දෙනාටම පැහැදිලි බවත් ඒ අනුව රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය සමඟ  ගනුදෙනු කරන්න අවස්ථාව උදා වී තිබෙන්නේ යැයිද එජාප ජාතික ලේකම්වරයා කීය.



අදහස් (30)

ජනපතිගෙන් රට හොල්ලන ප්‍රකාශයක් අනිද්දා

Ajantha Monday, 24 June 2024 12:43 PM

පොඩ්ඩක් කලිසම තදට ඇඳ ගන්න කියන්න. නැතිනම් ගැලවෙයි හොල්ලන ප්‍රකාශ කරනකොට...

:       20       102

Tharanga FernandoMonday, 24 June 2024 01:49 PM

ඒක හරි.. තදට හිරට ඇදපු එකෙක් ඇවිත් කරපු දේ අමතකයි නේ... තව එකෙක් එන්න දඟලනවා කයිය ගාගෙන.. ආවොත් තේරෙයි කවුද හොඳ කියලා.. කලිසමේ එල්ලිලා එන්න එපා.. වැඩ පිළිවෙල බලන්න... තව එක කරන්න පුළුවන්ද කියලත් බලන්න. කලිසම ගැලවිලා ඇතුලේ මොනාද තියෙන්නේ කියලා බලන් එන්නේ නැතුව..

:       55       12

අරවින්ද මොනරවිල Monday, 24 June 2024 02:12 PM

වැඩපිළිවෙළ බලලා තමයි තරංග 1019 දී ගෙදර යැව්වේ, පිනට ලැබුණ ආසනයට පැන ගෙන දැන් බයිලා ගැහුවාට 2015 ඉඳලා 2019 වෙනතුරු රටයි, රටේ ආර්ථිකයයි දෙකම විනාශ කෙරුවේ මේ හාදයෝ තමයි.

:       10       53

DsamMonday, 24 June 2024 03:06 PM

වටේ ඉන්න හොරු රැල ගැන බැලුවාම වැඩ පිළිවෙල ගැන හිතාගන්න පුළුවන් නේද?

:       4       20

HafeelMonday, 24 June 2024 03:15 PM

තරංග, IMF එකේ පළවැනි ණය වාරිකාව ලැබුණු මොහොතේත් රනිල් මෙහෙම තමයි කිව්වේ තව දුරටත් රට බංකොලොත් කියලා කියන්න බැහැ කියලා. දැන් තුන්වැනි ණය වාරිකාව ලැබුණු වෙලාවේත් මෙහෙම තමයි කිව්වේ. හරියට එදා හරින් ඇමති කිව්වා වගේ "ඔහු එදා සාමාන්‍ය පෙළ විභාගය ලියන කොටත් රනිල් ඒජාප එකේ නායකයා සහ දැන් ඔහුගේ පුතා අද සාමාන්‍ය පෙළ විභාගය ලියන කොටත් රනිල් ඒ ජා ප එකේ නායකයා කියලා. අනික IMF දුන්නෙත් ණය මිස ආධාරයක් නොවේ. ඒ කියන්නේ රටේ ණය බර තවතවත් වැඩි වෙනවා මිස අඩු වෙන එකක් නැහැ. රනිල්ගේ වසර 47 දේශපාලන ජීවිතය තුළ, ඔහු විවිධ තනතුරු දරමින්, ඔහු කරපු දේවල් මේ රටේ ජනතාව දැකලා තමයි පහුගිය මහ මැතිවරණයේදී ජනතාව ඔහු ඇතුළු ඔහුගේ පක්ෂයම අතු ගාලාම දැම්මේ. ඔහුගේ වැඩ පිළිවෙල නිසා රට බංකොලොත් භාවයට පත් වුණා මිස රටට යහපතක් වුනේ නැහැ.

:       8       32

බටගොඩ දොන් සිමන් Monday, 24 June 2024 12:46 PM

එය හොල්ලන එක ඔයා කලින් කියලා කැඩුවානේ. රට හොල්ලන කතාවක් කිව්වාම මම හිතුවේ මහ බැංකුව කඩපු හොරු අල්ලනවා වත් ද කියලා...?

:       11       72

Harsha Monday, 24 June 2024 12:49 PM

නිර්පාක්ෂික UNP අපේක්ශකයා. ඒක කියන්නෙත් මහබැංකු හොරා...!

:       14       80

Dharmatileke Monday, 24 June 2024 12:50 PM

මදිද හොල්ලලා තියෙනවා...?

:       13       61

Prabha Monday, 24 June 2024 12:55 PM

හොරු පිරිවරාගෙනද ඉන්නේ ඉන්නේ?

:       9       41

NAMAL Monday, 24 June 2024 01:02 PM

ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6, 7 පාරක් අගමැති වෙලා ඉන්න කාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ අගමැති. දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ.

:       12       43

Achini Monday, 24 June 2024 01:05 PM

කොහොමත් රනිල් වික්‍රම සිංහ කරන්නේ රට හොල්ලන දේවල් තමයි. මහබැංකුව හිස්කළ හොරුන් ආරක්ෂා කළා. රටේ ඉඩම්ටික වික්කා.

:       11       47

පිනා Monday, 24 June 2024 01:06 PM

බංකොලොත් නැහැ කිව්වොත් ආපහු ණය පොලී ගෙවන්න සිද්දවෙනවා නේද?

:       8       37

NAMAL Monday, 24 June 2024 01:10 PM

ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ අගමැති. දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ... වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍යය.

:       10       36

Janii Monday, 24 June 2024 01:19 PM

බංකොලොත්භාවයෙන් එළියට ආවා කියන්නෙ දැන් ආයි රටේ ණය ටික ගෙවන්න පටන් අරන් ද

:       6       35

ලුම්බිණි Monday, 24 June 2024 01:20 PM

අපි ප්‍රවේශමෙන් ඉන්නම්.

:       6       32

කපිල Monday, 24 June 2024 01:24 PM

ගෝටව පන්නපු අරගල කාරයො ගහලා පන්නල රට කරගෙන යන රනිල් පන්නන්න කවුරුහරි හිතනවානම් ඒක හීනයක්.

:       34       13

Warnasinghe Monday, 24 June 2024 01:24 PM

ජනතාව නම් දිනපතාම එතුමාගේ දෙමාපියන් අමතනවා.

:       7       39

H.D.Jayasiri Monday, 24 June 2024 01:24 PM

රට බංකොලොත් භාවයෙන් එළියට ඇවිල්ලනම්, දැන් රටේ ණය වාරික හා පොළිය ගෙවනවාද? අයිඑම්ඔෆ් එකෙන් තව ණය ගනිමින් මේ කරන විහිළු ප්‍රකාශ මොනවද?

:       6       33

BITTER TRUTH Monday, 24 June 2024 02:02 PM

ආණ්ඩුව සහ රාජපක්ෂවරුන් මුදල් දීලා වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂවරුන්ට සමීප ඔත්තු කරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම... මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහ රට සුළු ජාතින් නිසා විනාශවන බව පෙන්වා දෙයි. පොදු ජනතාව අවධානයෙන් සිටිනමෙන් ඉල්ලා සිටිමු.

:       4       22

Rata Perata Monday, 24 June 2024 02:27 PM

මෙයාගෙන් රට හොල්ලන කතා බලාපොරොත්තු වෙන්න තරම් දැන් මිනිස්සු මෝඩ නෑ. ඒ සාගල එක්ක තියන සම්බන්ධය ගැන මොනවා හරි කියන දේ දන්නේ නෑ හදන්නේ

:       3       20

Pankumburage Monday, 24 June 2024 02:41 PM

බැංකු හොරු නැවත කරලියට එනවා.

:       4       28

sunimal Monday, 24 June 2024 03:10 PM

ආර්ථිකය යහපත් කළේ සංචාරකයෝද? රනිල්ද?

:       3       11

ගමේ එකාලා Monday, 24 June 2024 03:39 PM

ආසනයෙනුත් පැරදිලා ,දූෂිත ජරාපක්ෂලා රකින පින් ජනපතියා දැනටමත් කරන්නේ රටම හොල්ලන වැඩක් නේන්නම්? අනිද්දා වෙනකම් ඉන්නේ නැකත එනකම්ද?

:       0       0

Chandima Monday, 24 June 2024 04:15 PM

අනුපාත ක්‍රමය යටතේ අපි පක්ෂයකට සහ ප්‍රතිපත්ති වලට දේ මොනවා කියලා නේද කියන්නේ? දැන් මෙතැන පක්ෂ ප්‍රතිපත්ති කියන්නේ රනිල්ගේ තනි තීරණ වලටද?

:       1       6

wedage Monday, 24 June 2024 04:30 PM

යුද හමුදාව කැඳවන එකද කරන්නේ...?

:       1       9

Hemanthi Monday, 24 June 2024 04:44 PM

මාලිමාවට ජයවේවා. මේරටේ බහුතරයකගේ එකම ප්‍රාර්ථනාව ජාතික ජනබලවේගයයි...

:       3       13

විජිත් Monday, 24 June 2024 04:49 PM

ඔය මිනිහා ඉන්නේ හෙළුවෙන් කියලා එයාට තේරෙන්නේ නැහැ. කවුරුත් කියන්නෙත් නැහැ... නමුත් රටේ මිනිස්සුන්ට පෙනෙනවා මෙයාගේ හෙළුව. මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ "ෆොක්ස්වැගන් " ගෙනාපු හැටි එහෙම..

:       2       11

S,p,bandara Monday, 24 June 2024 06:36 PM

අනේ රවියෝ, අපි ඔබලා නොදන්නා රනිල්ගේ වැඩ... නිකන් බොරුවට තටමන්න එපා මී පැටියෙක් තමයි වැටෙන්නේ...!

:       1       7

Bamunuarachchi Monday, 24 June 2024 11:13 PM

බඩයුද්දීන් මුලතිව් කැලේ එලිකරල හම්බයින්ට දීපු රක්ෂිතයේ ඉඩම් වලටත් ඔප්පු දුන්නාද?

:       0       0

Bamunuarachchi Monday, 24 June 2024 11:18 PM

රවියෝ අපි උඹවත් දන්නවා රනිලය වත් දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 442 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 943 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 607 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 942 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1401 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 581 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24812 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site