IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ජනපතිගේ අලුත් තීන්දුව මැතිවරණයට බාධාවක්?

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම මේ වනවිට ලහිලහියේ සූදානම් වන අතර, එහි මූලික කටයුතු සිදුකරනුයේ ණය  පදනම මත බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ආයතන ණය පදනම මත භාණ්ඩ සහ සේවා මිලදී නොගත යුතු බවත් එම නියෝගය කඩ කරන රාජ්‍ය නිලධාරීන් අදාළ වියදම්වලට පෞද්ගලිකව වගකිව යුතු බවටත් ජනාධිපතිවරයා පෙරේදා (31) අලුත් නියෝගයක් නිකුත් කළේය.

 නව නියෝගය හේතුවෙන් මැතිවරණ කොමිසමට ණය පදනම මත ඉන්ධන ලබාදීම, මුද්‍රණ කටයුතු සිදුකිරීම, රාජ්‍ය සේවකයන්ගේ සේවය ලබාගැනීම ආදී කටයුතුවලට තවත් බාධාවක් එල්ලවී ඇතැයි ද වාර්තා වේ.

මැතිවරණ කොමිසම මෙතෙක් පැවැත්වූ සෑම මැතිවරණයකදීම භාණ්ඩ හා සේවා ලබාගත්තේ ණය පදනම මත වන අතර ඊට අදාළ මුදල් පසුව විටින් විට නිදහස් කිරීම සිදුකර තිබේ.

 ජනාධිතිවරයාගේ අලුත් නියෝගය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙනම සිදුකළ එකකැයි ඇතැම් පිරිස් සැකපහළ කරති.



අදහස් (39)

ජනපතිගේ අලුත් තීන්දුව මැතිවරණයට බාධාවක්?

siri Thursday, 02 February 2023 06:38 AM

එක මනුස්සයෙකුට පුලුවන්ද ජනතා පරමාධිපත්ය හකුලන්න .එක් පුද්ගලයෙකුට තියෙන්නේ එක චන්දයයි .එක චන්දයකින් කෝටීයක පමණ චන්ද අයිතිය අහුරන්න පුලුවන්ද?

:       10       123

johanThursday, 02 February 2023 11:05 AM

මට හිතෙන හැටියට මේ මනුස්සයා ඉන්නෙ රටේ තරුණයෝ ගැන වයිරයකින්. කොහොම හරි කැරැල්ලක් ඇති කර ගත්තම තරුණයෝ මරන්න පුළුවන්. එහෙම නැතිව මේ මනුස්සයා හොඳමට දන්නවා පළාත් පාලන ආයතන විරුද්ධ පක්ෂ දිනලා ඒ උදවිය තව අවුරුදු දෙකක් තුළ කරන පිස්සු වැඩ නිසා ඊළඟට එන මහ ඡන්දෙ තමන්ට නිකම්ම දිනන්න පුළුවන් කියලා. එයාට ඡන්දෙ දිනන්න ඕන නැහැ. ඕන මේ රටේ මිනිස්සුන්ගෙන් පළිගන්න.

:       11       52

BamunuarachchiThursday, 02 February 2023 06:45 PM

මට හිතෙන හැටියට මේ මනුස්සයා ඉන්නෙ රටේ තරුණයෝ ගැන වෛරයකින්ලු. අමු ගොන් කතා ටිකක් කිව්වා. හලෝ තරුණයා කියන වචනය විග්‍රහ කරන්න. තරුණයින්ගේ ව්යස්සීමාව මොකක්ද? තරුණයෝ හොඳ මොකටද කියලා අපි 1971,1989, යුද්දෙකාලේ දැක්කා. දේශපාලඥයෝ බිලි බෝයිස් හැටියට තෝරන්නේ තරුණයෝ. තරුණයෝ අත්දැකීම් ලබන්නේ වැඩිහිටි අයත් එක්ක වැඩකරලා. මොන ආයතනයෙන් තරුණ කමට වගකීම් සහිත රැකියාවල් දෙන්නේ? අඩුම ගන්නේ ඩ්‍රයිවර් වැඩක් දෙනවාද? මැට්ටා

:       0       1

nanda Thursday, 02 February 2023 06:41 AM

එහෙනම් පසුගිය දින වල කිවුවේ රාජ්‍ය ආදායම මෙන් දෙතුන් ගුණයක වියදමක් තිබුනා කියලා .එතකොට ණය වෙලා නැතිද ?විහිලු කතා

:       7       73

ashok Thursday, 02 February 2023 06:47 AM

මෙහෙම කිඋව කෙනා කව්ද ඇතැම් පිරිස් කියල තිබුනේ, චන්දෙට අකමැති ඇතැම් පිරිස් මෙහෙම හිතලවත් සතුටුවෙනවා ඇති

:       8       38

ජගත් ලියනගේ Thursday, 02 February 2023 07:29 AM

එයාට ඕන ඔය පළාත් පාලන ඡන්දෙ නොතිය ඉන්නම තමයි . මොකෝ තිබ්බොත් අන්ත පරාජයක් ලබනවා . ගිය පාර වැටුණු ඡන්ද ටිකවත් ලැබෙන්නේ නැහැ .

:       11       82

අරවින්ද මොණරවිල Thursday, 02 February 2023 07:30 AM

ඡන්දය තිබොත් තමන්ගේ තරම ලෝකයටම පෙනෙන නිසා පිං ජනාධිපතිවරයා ඡන්දකඩාකප්පල් කරන්න නොගන්න උත්සහයක් නැහැ.

:       11       82

Nimal Thursday, 02 February 2023 07:55 AM

ආර්ථික අර්බුද මද්‍යයේ උවද පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට සහ බදු අඩුකළ යුතු බවට SJB සහ NPP සම්බන්ද unions එක්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත වුර්තිය සමිති වර්ජන නිසා රටේ පුරවැසියන් හට අර්බුද ගණනාවකට මුහුණ දෙන්නට සිදුවන බවක් පෙනෙන්නට තිබේ. යලිත් ඉන්දන නොමැතිව විදුලිය සහ වරායේ වර්ජන නිසා නාවුක කටයුතු නතරවී රටතුල අර්බුදයක් මතු උවහොත් SJB සහ NPP වගකිව යුතුවේ. රටට වෙනසක් ලබාදිය හැකි ජාතික මැතිවරණයක් හැර විපක්ෂ දේශපාලකයන් ඉල්ලා සිටින ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වීම යනු නැවත රට සම්ප්‍රදායික දෙසපාලනය ඉදිරියටත් කරගෙන යාමට හැකිවීම සහ යලිත් කිසි දිනෙක රටට යහපත් වෙනසක් පිළිබද බලාපොරොත්තුවක් තබා ගත නොහැක. ආර්ථික අර්බුද, ජාතික අර්බුද බලය බෙදීම පිළිබද ගැටළු සහ ගෝලීය වසයෙන් බලපාන කරුණු සහ අලුත් පිරිසක් දේශපාලනයට ගෙන්වා ගැනීමට / හදුන්වා දීමට සිදුවීමට නම් ජාතික මැතිවරණයක් පැවැත්විය යුතුම වේ.

:       58       27

Hafeel Thursday, 02 February 2023 01:05 PM

මතකද රනිල් ආවේ ආර්ථිකය ගොඩ දානවා කියල කියමින්. දැනට මාස දහයකට ආසන්නයි ඔහු බලය අරගන. පේන්න තරමට අඟලක් හෝ ඉදිරියට ගිහින් නැහැ. ඔහු බලයට ආවෙන් පසු එක ඩොලරයක් හෝ ඔහු මාර්ගයෙන් ආව නැහැ. ආපු දා ඉඳන් ඔහුත් කියන්නේ රටේ ආර්ථිකය අර්බුදය ගැනයි. රටේ කොව්රුත් දන්නවා රටේ ආර්බුදයක් තියනවා කියල. ලෙඩ දුකට දොස්තර ලඟට බෙහේත් ගන්න ගියාම, එම දොස්තරුත් ඒ ලෙඩේ ගැන කියා කියා හිටියුත් ලෙඩ සනීප වෙනවද? ඔබ කියන පරිදි SJB, NPP පමණක් නොවේ රටේ ජනතාවත් කැමති ජාතික මැතිවරණයක් තමයි මේ මොහොතේ තියයුතුයි කියල. නමුත් මේ රනිල් කිසිම මැතිවරයක් හෝ තියන්න කැමති නැහැ.

:       8       41

NimalThursday, 02 February 2023 05:24 PM

ජනාධිපතිවරයා පත්විමෙන්පසු සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකරීමට අවස්ථා කිහිපයකදී විපක්ෂයට ආරාදන කල නමුත් SJB, NPP කණ්ඩායම් දෙකම එම අවස්ථව මග හැර ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියා කළේය. දැනට මාස 10 කට පෙර මුළු පර්ලිමෙන්වේ සිටිනා සියලු දේශපාලන කණඩායම් එක්වී ආණ්ඩුවක් ඇති කලේනම් IMF සහ වෙනත් රටවල සහයෝගය මේවන විටත් ලැබීමට අවස්ථව තිබිණි.

:       0       0

Bamunuarachchi Thursday, 02 February 2023 08:15 AM

ණයවෙලා චන්ද තියන්නේ මොන බම්බුවකටද ? මොකක්ද ප්‍රයෝජනය? ඒ නය ගේවන්න කව්ද? මම අකමැති පාක්ෂයක් බලයට ගෙන්වාගෙ උන්ව ගෙන්නගත්ත නය මම ගෙවන්නේ මොකටද? උදා මම අකමැති ජෙප්පෝ බලයට ගෙන්වාගෙන උන් බලයට ආපු වියදම මම දරන්නේ මොකටද? ඒ නිසා ණයවී කෙරෙන චන්ද එපා.

:       118       24

AsangaThursday, 02 February 2023 11:23 AM

අනේ මේ වගේ ගොන් මෝඩ මීහරකෙක්. ඇත්තටම පේන්නේ නැද්ද රටට වෙලා තියන දේ.

:       8       41

BamunuarachchiThursday, 02 February 2023 06:19 PM

රටට වෙලා තිබෙන දේට උත්තරය ණයවෙලා චන්ද කරන එකද ගොන් හරකෝ? අපි ණයවෙලා චන්ද තියලා ඊළඟට බලයට එන එකා එන්නේ ඇලඩින්ගේ පහන අරගෙනද? උන්ට කොහෙන්ද රට ගෙනියන්න සල්ලි? පලාත්පාලනේ දිනලා මොන බම්බුවක් කොරන්නද? බදු අඩු කරන්නද? විදේශීය විනීමය වැඩිකර ගන්නද? හොරු අල්ලන්නද? අධ්‍යාපන තීන්දු ගන්නද? රටේ ඔක්කොම නගර ජෙප්පෝ කියන කේතුමතී පුරය වල කරන්නද ගොන් හරකෝ? ඔය එකක්වත් කරන්න බැහැ. අපි ණය වෙලා තව කොන්ත්‍රාත් කාරයෝ ටිකක් හදනවා විතරයි. මැට්ටෝ..

:       1       1

BamunuarachchiSunday, 05 February 2023 11:42 AM

රටට මොනවද වෙලා තිබෙන්නේ...? වෙන දෙවල් සිද්ද වුනේ ජෙප්පන් නිසා...

:       1       0

ජයන්තThursday, 02 February 2023 11:32 AM

මම අකමැතිම පක්ෂයක එකෙක් යටතේ මම පාලනය වෙන්නේ මොකටද. කොටින්ම කියනවානම් රනිල් රාජපක්ෂලා යටතේ මම පාලනය වෙන්නේ මොකටද. මට ඔ්නා ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ සඳහා ව්‍යවස්තාපිත නියමිත ඡන්දය මට ඔ්න.

:       14       108

BamunuarachchiThursday, 02 February 2023 06:32 PM

මොනවා? අපිත් රනිලාට කැමති නැහැ. නමුත් පළාත් පාලනේ අහිමි උනා කියලා රනිල් මේකෙන් යනවාද? යන්නේ නැහැ. ණයවෙලා මහා චන්දයක් තියනවානම් කමක් නැහැ. මහා චන්දෙදී එන එකාට අවස්තාවක් තිබෙනව එක්කෝ රට හදන්න නැතිනම් තවත් කාබාසිනියා කරන්න. පළාත් පාලන චන්දෙන් මොන බම්බුවක් කරන්නද? රටේ ඔක්කොම නගර ජෙප්පෝ කියන කේතුමතී පුරය වල කරන්නද? ණය වෙලා මගුල් කන රටේ ණය වෙලා චන්ද කරන එක පුදුම නැහැ. ඒක තමන්ගේ සල්ලිවලින් කරනවානම් කරන්න.

:       0       1

නිශාන්ත Thursday, 02 February 2023 03:06 PM

ගල් බමුණා

:       1       19

BamunuarachchiThursday, 02 February 2023 06:34 PM

මෝඩ හරකෙක් කියලා රටටම පෙන්නුවා.

:       0       0

Nandasena grSunday, 05 February 2023 07:41 AM

අනේ වහලෝ.තවත් මේ දුක විඳින්න තොපි කැමති උනාට අපි කැමති නැහැ.අපිට ඕන ඉක්මනින්ම මැතිවරණයක්.උඹට ගෙවන්න බැරි නම් දෙකට නැමිලා හපාගෙන හිටහං.

:       0       0

BamunuarachchiSunday, 05 February 2023 11:48 AM

මම ජේවීපී නොවන වහලෙක්... ඔබ ජේවීපී වහලෙක් මොකක්ද වෙනස? වෙනස ඔබලා 1971, 1989, 2022 රට ගිනිතිබ්බා, මන්කොල්ලකෑවා, මිනීමැරුවා අපි එහෙම කළේ නැහැ. ඔයටික නැහැයි කියන්න පුලුවන්ද?

:       0       1

Sadun Indika Thursday, 02 February 2023 08:25 AM

වාර්තා වේ.? ආරංචි මාර්ග සඳහන් කරයි? වාර්තා වේ? සැකපහළ කරති?

:       4       22

de silva berlin Thursday, 02 February 2023 08:54 AM

ඕක කරන්න මුදල් නොමැති නම් විශේෂ ගිණුමක් ආරම්භ කරලා කරන්න .අපි පුරවැසියෝ අපට පුළුවන් විදිහට අරමුදලට මුදල් එවන්නම් .අපට සල්ලි වලට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය වටිනවා .අන්තර්ජාතික මූල්‍ය අරමුදල වුනත් රටකට උපකාර කරන්න කලින් එහි ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවාද කියලා සලකලා බලනවා

:       12       63

nihal Thursday, 02 February 2023 09:11 AM

එදා ඉඳන් අපේ රටට කෙනෙහිලිකම් කරපු හා තවමත් කරන උන්ගෙන් එකෙක්

:       10       77

pathiranaThursday, 02 February 2023 10:41 AM

කතාවේ ඇත්ත .නැතිනම් චන්දෙට බාධා කරන්නේ නැහැ

:       5       52

Willow Drive Thursday, 02 February 2023 09:14 AM

අති විශේෂ කැපිල්ල

:       6       34

Prase Thursday, 02 February 2023 09:35 AM

රනිල් ට දැන් තමයි මොලේ පෑදී ගෙන එන්නේ .ඕවා කලින් කරානම අපේ රට අද සිංගැප්පූරුවක් වෙලා ඉවරයි

:       33       27

අබිලින් Thursday, 02 February 2023 09:39 AM

නැතුව නැතුව හදිසියේ මෙහෙම තීන්දුවක් ගත්තෙ ඒකට කියලා තමයි හිතන්නේ .ඕකට ඉස්සර මුතුන් මිත්තෝ කිව්වෙ කන්න ඕන වුනාම කබරගොයා තලගොයා වෙනවා කියලා

:       7       40

චන්දිම ෆොන්සේකා Thursday, 02 February 2023 10:19 AM

අදින්න පුළුවන් හැම අන්චියක්ම අදින්න බලනවා. පෙරලන්න පුළුවන් හැම කුණු බාල්දියක්ම පෙරලන්න හදනවා. දාන්න පුළුවන් හැම ලෙඩක්ම දාන්න බලනවා. ෂිට් විතරක් ඒ එකක්වත් තාම නම් හරිගියේ නැහැ නේද බෑනො?

:       8       40

sena Thursday, 02 February 2023 10:30 AM

මේ මනුස්සයා රට විනාශ කරලා නවතින්නේ

:       12       73

Kapila Thursday, 02 February 2023 10:37 AM

මෙහෙම ගියොත් ළඟදීම මහජනයා විසින් රනිල් ගේ කෝට් එකයි කලිසමයි ගලවනවා. කරන්නෙම මැතිවරණ වලට අකුල් හෙලීම. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකද?

:       10       50

Prase Thursday, 02 February 2023 11:01 AM

රනිල් අරගෙන නියම තිරණයක්. රටක් පාලනය වෙන්න ඕනි විදිය එහෙම නැතුව ණයට අරගෙන ආයතනවල ප්‍රධානීන්ට ඕන විදියට ජනතාවගේ බදු මුදල් විදයම් කරන්න දෙන්න හොඳ නෑ. එතකොට තමයි නිලධාරීන් වගකීමෙන් වැඩ කරන්නේ. ඡන්දය පවත්වන්න එපා කියලා නෑ. හොරා කන්නේ නැතුව ජනතාවගේ බදු මුදල් නිවැරදිව පාවිච්චි කරන්න කියන්න ඒකයි ඔතන අදහස. ඡන්ද තියලා කවුරු හරි දින්නා කියලා අපේ රට පැය 24 න් සුරපුරටයක් වෙන්නේ නෑ. මෙතන කමෙන්ට් දාලා තියන ජනතාවගේ එකම අරමුණ ඡන්දය. පැහැදිලිවම පේනවා අපේ රටේ මිනිස්සුන්ට කිසිම දැක්මක් නෑ. තමන්ගේ පක්ෂය දිනවන එක තමයි දැක්ම. රටේ පරිපාලනය දුර්වල වෙලා තියෙන්නේ කියලා කිසිම කමෙන්ට් එකක නෑ. මගේ රටට බුදුසරණයි.

:       17       9

ජයන්ත Thursday, 02 February 2023 11:29 AM

නිදහස් උත්සවය පවත්වන්නෙත් ණය පදනමින්

:       4       31

ranjan Thursday, 02 February 2023 11:33 AM

80000 කට වඩා අපේක්ෂකයෙ තැන්පත් කරපු ඇප මුදල් වලින් වියම් කරන්න. එකත් පිල්ලිය ගහන්නෙ නැතුව.

:       3       21

විජිත් Thursday, 02 February 2023 11:36 AM

කිසිම ජනපදනමක් නැතිව හොරෙන් ජනාධිපති පුටුවට පැනගත්ත මේ උද්දච්ච ,පට්ට මෝඩයා අනිවාර්යයෙන්ම හිරගෙට යනවා !!! එදාට ඔය මිනිහාවටේ ඉන්න ජාත්‍යන්තරයේ කියන යාලුවෝ එකෙක්වත් එන්නේ නැහැ මිනිහාව බේරාගන්න. ඔහුගේ ඉරණමේ අවසාන පරිච්චේදය බොහෝවිට ඔහුගේ පට්ට මාමට අත්වුන දෙයටත් වඩා ශෝචනියවේවි. මේ යන විදිහටනම් බොහෝදුරට මහා පාරේදීම ........

:       11       73

Rata Perata Thursday, 02 February 2023 12:49 PM

අපේ රටේ දේශපානය කරන 70 පැනපු මහල්ලෝ බොහොදෙනෙකුට පිස්සු.

:       6       22

nandana Thursday, 02 February 2023 12:57 PM

වහල්ලු එක එක මුට්ටි දාලා බලනවා. දැන් මුට්ටි කීයක් දැම්මද? යහපත් දේවල් කරන්නනම් ඡන්දෙට බය වෙන්න අවශ්‍ය තාවක් නැහැනේ.

:       4       18

ranjith Thursday, 02 February 2023 03:18 PM

ලෝ වාර්තාවක් තියන්න පුලුවන් වේ. පුංචි චන්දයක් පරදින්න බයෙ වැඩිපුරම කුමන්ත්‍රනය කරපු රට විදියට

:       4       15

Prabha Thursday, 02 February 2023 06:14 PM

ලෝකේ එකම පින් ජනාධිපති .චන්දෙ තියා ගෙදර යන්න දුක ඇති

:       0       1

Santhu Monday, 06 February 2023 10:25 PM

බමුණුආරච්චි..ට ඖ, ඒක හරි එදා මෙදා තුර ඒ පාපතරයින් මේ රට ටිකෙන් ටික විනාසයට ඇද දැම්මා .ඒ පාපය නෙවද මේ දසක 5 ක සිටම ඒ ත්‍රස්තයින්ම විඳ වන්නෙ එක තැනම පල් වෙවී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 126 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 462 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 755 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1836 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2246 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් පියසාත් මරුට
2025 අප්‍රේල් මස 23 3328 10

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 614 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site