IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් කිසිවක් නැහැ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අලුත් කිසිවක් කියැවුණේ නැතැයි ජාතික ජන බලවෙිගයේ පත් කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය කීවාය.

ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ පැවැති දේ  මේ කතාවෙන් ඉදිරිපත් කළ බව කී හරිනි අමරසූරිය මෙනවිය දේශපාලනිකව සිදු විය යුතු පරිවර්තන ඒ කතාවෙන් ඉදිරිපත් කළ බව පැවසීය. අරගලය මර්දනය කරන ප්‍රයත්නය සාධාරණීකරණය කරමින් කතාව ඉදිරිපත් කළ අතර අද  ඔහුගේ හීනය සැබෑ වූ දවසක් යැයිද  ඡන්දයෙන් කර ගන්න බැරි වූ දෙයක් ඔහු අද කර ගත් බැවින් ඔහුගේ කතාව ගැන  පුදුම වෙන්න දෙයක්  නැති බව ද අමරසූරිය මෙනවිය කීවාය.

ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තු සභා ගැබෙන්  පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් හරිනි අමරසූරිය  මෙනවිය මෙි බව කීවාය.



අදහස් (19)

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් කිසිවක් නැහැ

ffff Wednesday, 03 August 2022 03:22 PM

පැහැදිලි ඊර්ෂ්යාව

:       28       56

යෝගා Wednesday, 03 August 2022 03:23 PM

අලුතෙන් කියන්න ඕන දේවල් ඔයාගේ බොස් අනුරට පුද්ගලිකවම කියයි. පොඩ්ඩක් ඉවසලා ඉන්න.

:       25       57

මව්බිමේ අනාතයෝ Wednesday, 03 August 2022 03:28 PM

තමන් වැඩකරන විශ්වවිද්‍යාලයේ හැමදාම උද්ඝෝෂණ මිසක් ඉගැන්වීමක් නැහැනේ. ඒ නිසා දරුවන්ගේ අනාගතයත් නැතිවෙනවා. අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද අදින්න ඉස්සර තමන්ලගේ ඇහේ තියෙන පරාලය අයින් කරගත්තොත් හොඳයි නේ.

:       21       47

amithWednesday, 03 August 2022 09:14 PM

එතුමියගේ දේශපාලන මතය එතුමියගේ රැකියාව කළ විශ්ව විද්‍යාලය සමග ගාවගන්න එපා. දන්නා තරමින් සියලු උද්ඝෝෂණ මැද සහ කෝවිඩ් රැලි මැද සියලු අධ්‍යාපන කටයුතු රට පුරා මෙහෙයවන විශ්ව විද්‍යාලයක් බව එහි ඉගෙන ගන්නා සියලුම සිසුන් දන්නා දෙයකි.

:       0       0

චන්දන Wednesday, 03 August 2022 03:32 PM

ජෙප්පොන්ට හරි යන්නේ 88 කාලෙ දීපු ප්‍රකාශන විතරයි . ඒක තමා ඔය ඉල්ලන්නේ

:       25       57

uk ran Wednesday, 03 August 2022 03:47 PM

ඔයාලට හරියන්නෙ ඔයලගේ වැඩ විතරයි. කවද හරි ඔයා තියෙන් මන්ත්‍රී ධුර 03ත් නැති කරගන්නවා ඒක නම් සිකුරුයි. මොකද ඔයලා හිතන බලය ඔයලට කවදාවත් ලැබෙන්නෙ නෑ.

:       21       49

ruwan Wednesday, 03 August 2022 03:48 PM

මෙයලාට ඉතින් වැඩක් තියෙන්නෙ අනුර කියන ඒවා විතරයි, මුළු ලෝකෙන්ම.

:       18       53

fairoosWednesday, 03 August 2022 06:08 PM

අවුරුදු 74ක් රට වනසපු අය හොඳයි... ජවිපෙ කාරයින් හොඳ නැහැ.

:       25       19

ජුනයිඩ් නානාThursday, 04 August 2022 05:05 PM

තමුන් ඉතිං අයි.එස්.අයි.එස්කාරයනේ.. ත්‍රස්තවාදියෝ ජෙප්පංට එකතුයිනේ.

:       0       0

පුරවැසියා... Wednesday, 03 August 2022 03:52 PM

සෑම විටම වෛරීව නොබලා මේ මොහොතේ රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට සහායක් විය යුතු නොවේද ?

:       16       54

කිරි පුතා Wednesday, 03 August 2022 04:20 PM

තනිකරම විරෝධී ආකල්ප මතම ජීවත්වන මෙවැනි අය කිසිම දවසක කිසිවකින් සෑහීමක් නොවන අතර රටටද කිසිඳු ඵලදායි දෙයක් නොකරයි. ජනාධිපති තුමාම හොඳයි කියනවා නොව. මේ අවස්ථාවේ අපට සිදු වී ඇත්තේ පිදුරු ගහෙත් එල්ලීමට මිසක නැවකට ගොඩවීමට දැඟළීම නොවේ.

:       14       40

gaming01 Wednesday, 03 August 2022 05:34 PM

බොරු ප්‍රචාර කරමින් ජනපති පුටුවට වෙලා ජනතාවගේ මුදල්වලින් සුකෝපබෝගි ජීවිත ගෙවනවා.

:       21       13

BamunuarachchiWednesday, 03 August 2022 06:24 PM

අනුරද කියන්නේ?...

:       9       15

උපාලි Wednesday, 03 August 2022 06:01 PM

ඔයාලත් දගලන්නෙ ජන්දෙන් කරගන්න බැරි දේ අරගලෙන් කර ගන්න නෙ. හැබැයි රනිල් කලාට ඔයාලට නම් හීනයක් විතරයි. පලමුව ඊරිඝියාව, කුහක කම අතහරින්න.

:       5       26

Bamunuarachchi Wednesday, 03 August 2022 06:14 PM

මේ උන්දෑ කොහෙන්ද පාත් වුනේ...? හලෝ කාලයක් අනුර රනිල්ගේ හොරනෑව වුණාට රනිල් අනුර හොරණෑව නොවෙයි..

:       7       25

Anura Wednesday, 03 August 2022 06:33 PM

මෙයා මේ වගේ කතාවක් කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද?

:       4       24

chandima Wednesday, 03 August 2022 06:59 PM

ඒ කියන්නේ කතාව හරියට තේරුණේ නැතුව වද්ද? අනේ මන්ද මේ වගේ කට්ටිය නියෝජිතයෝ හැටියට යවල කවදානම් රට ගොඩගන්නද?

:       0       0

ගජමිතුරු Wednesday, 03 August 2022 07:56 PM

අනේ මැඩම් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් දෙන්න. ඔන්න එක ගෙදරකට හොරු පැනල ගෙහිමියා කපාකොටා ගෙදර තිබුනු සියල්ලම අරගෙන ගියා කවුරු හරි 119 ට ඇමතුමක් දීලා පොලිසිය එනවා. පොලිසිය කරන්න ඕන ලෙඩා රෝහල් ගතකර රෝගියා බේරා ගැනීමද නැත්නම් රෝගියා එලෙසම ඉන්න තියලා හොරා ඇල්ලීමට යාමද නැත්නම්. ලෙඩා සුවකරගෙන හොරා ඇල්ලීමට යාමද

:       2       16

Chinthaka Thursday, 04 August 2022 08:48 AM

උද්ඝෝෂණ, අරගල , පෝස්ටර්, වර්ජන, ඔය ටික ඇරෙන්න ඔයාලගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1243 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 681 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 111 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 589 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1035 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 540 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site