IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජනපතිගේ සාර්ථකත්වය බලන්න බැරි අය නිකරුනේ කෑගහනවා

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ ජනපතිගේ සාර්ථකත්වය බලා සිටින්නට බැරි දේශපාලන කණ්ඩායම් වේදිකා ගානේ නැග මඩ ප්‍රචාර ගෙන යමින්  බලය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රනිල් එදා අභියෝගය බාර නොගත්තා නම් අද ලංකාව තිබෙන තැනවත් හිතාගන්නට නොහැකි වනු ඇතැයි විජයවර්ධන මහතා කීය.

එක්ව ජයගමු ගම්පහ ජනරැළිය අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

අද ගම්පහ දිස්ත්‍රික්කයටම සුවිශේෂී දිනයක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව වසර දෙකක් වෙනවා. එතුමාගේ දෙවර්ෂ පූර්ණ සැමරීම  ගම්පහදී සිදුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දී තිබෙනවා. අද මේ වේදිකා දිහා බැලු විට සෑම පක්ෂයකටම අයත් දේශපාලන නායකයින් රැඳී ඉන්නවා. ඔවුන් රැඳී ඉන්නේ මේ රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙනුයි යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය.



අදහස් (18)

ජනපතිගේ සාර්ථකත්වය බලන්න බැරි අය නිකරුනේ කෑගහනවා

Rukman Monday, 22 July 2024 09:40 AM

බල්ලට පණ තියෙනකන් මැක්කො කිනිතුල්ලෝ සතුටින් ජීවත් වෙනවා..රනිල්ට බලය තියෙනකන් රුවන්ලා වැජඹෙනවා.එහෙම නැතුව මිනිස්සුන්ගේ මනාපයක් රුවන්ලට නෑ.රනිල්ගෙන් ආරෝපණය කරගන්න බලයට මිනිස්සු පස්සෙන් යනවා විතරයි .

:       0       14

සෙනෙවිරත්න Monday, 22 July 2024 09:45 AM

ඒ ගැන කියල මොකටද,ඒ හොර කල්ලියෙන් මේ හොර කල්ලියට, ණය ගන්නවා විකුණනවා, හොරු රකිනවා, ඔය අතරෙ මොනව හරි බෙදනවා වැඩි කරල ටිකක් අඩු කරනවා, ඔය කල්ලි දෙකෙන් පිට තවත් අයෙකුට අවස්ථාවක් දීල තියෙනවද? දීල බලමු වෙනස, මේ කල්ලි දෙකේ අය ඉන්නතුරු රටට ආයෝජන නැහැ, රට මේ තත්ත්වයට ඇදදාපු උන්ම මේක ගොඩදාවි කියල හිතනව නම් එික හීනයක්.

:       0       11

සෙනෙවිරත්න Monday, 22 July 2024 09:48 AM

කප්පං අරගෙන ඇඟ බැඳපු එකෙක් මූලාසනේ තියාගෙන එයාම සංවිධානය කරපු රැස්වීමක වෙන මොනවා කියන්නද? කීර්තිමත් එජාපය වැටුණ තැන. ඩී එස්ලා ඩඩ්ලිලා හදපු පක්ෂයට , කප්පං කාරයෙකුගේ නැට්ටෙ එල්ලෙන්න වුණා එහෙනම්

:       0       10

Pradeep Kumara Monday, 22 July 2024 09:58 AM

ඒ ගැන නම් කියලා වැඩක් නෑ මහත්තයෝ. ජනාධිපති කොයිතරම් සාර්ථකද කියලා කියනවානම් අවස්ථාවාදීව පිල් මාරු කරන දේශපාලකයින් බොහොමයක් දැනටමත් එයාගේ සාක්කුවේ. හැබැයි රට, ආර්ථිකය සහ අනෙකුත් අංශ දිනෙන් දින වල පල්ලට.වැලෙ වැල් නැතුව හිටපු ඔහෙලා වගේ අය අද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකලා.

:       0       6

අරවින්ද මොනරවිල Monday, 22 July 2024 10:24 AM

ගේම් ගහන්නේ නැතුව ජනාධිපතිවරණයට එන්න කියන්න මහත්තයෝ එයාට, එතකොට බලාගන්න පුලුවන් එයාගේ සාර්ථකත්වය, උපරිම සියට දොළහයි.

:       0       9

Zara Monday, 22 July 2024 10:40 AM

මෙම රැලියට "එක්ව සොරකම් කරමු " කියලා දාමු

:       4       35

පිටිගල මිලානෝ Monday, 22 July 2024 10:42 AM

බැංකු හොරෙක් ජනාධිපතිවෙලා කරන පිස්සු වැඩ ඉවසන්නේ කවුද….?

:       5       34

Nimal Monday, 22 July 2024 11:02 AM

ණයට අරන් ණය නොගෙවා සංදර්ශන දානවා.අඩුම ගානේ බිත්තරයක්වත් රටේ හදා ගන්න බැරි උනා .මේවට කොහෙන් හිනා වෙන්නද

:       4       18

Lakmal Monday, 22 July 2024 11:20 AM

හරක් පට්ටියක් බකා ගන්න බෑ .කට නම් තියනවා

:       4       27

සත්‍යා Monday, 22 July 2024 11:31 AM

එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමේ වගකීම මහින්ද රාජපක්ෂ මහතාට භාර උනා සේ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ගොඩ දැමීම මෙරට අවසන් ප්‍රභූ දේශපාලකයා වන රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති සෙයකි. කෙසේ වුවත්, ජවිපෙ සහ පෙරටුගාමී වැනි ත්‍රස්තවාදයත්, ලංකා ගුරු සංගමය වැනි ත්‍රස්තවාදී වුර්තීය සංගම් භීෂණයෙන් රට බෙර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ කුමන පුද්ගලයාට දැයි තවම අවිනිශ්තය. එම වගකීම ද බොහෝ විට රනිල් වික්‍රමසිංහ මහතාටම පවරුනොත් යෙහෙකි.

:       36       8

සිල්වා Monday, 22 July 2024 11:32 AM

ඡන්දයක් නොපමාව පවත්වා සාර්ථකත්වය තහවුරුව කරමු.

:       5       34

Rata Perata Monday, 22 July 2024 11:49 AM

මෙයා ඉතින් රනිල් වෙනුවෙන් කහින්නේ නැතිව වෙන මොනවා කරන්නද?

:       0       9

Cisco Monday, 22 July 2024 11:59 AM

"රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දී තිබෙනවා" මැරෙන්න ඔන්න මෙන්න තියද්දී අලුත් දේශපාලන සංස්කෘති හඳුන්වා දෙන්නේ .77 දී බලයට ඇවිල්ලා මේ වෙනතුරු පොල් ගෑවද ?

:       6       34

don Monday, 22 July 2024 02:47 PM

ලැජ්ජ නැති මිනිස්සු

:       1       13

විජිත් Monday, 22 July 2024 02:59 PM

සාර්ථකත්වය බලන්න ඡන්දෙ තියනවාකෝ, එතකොට බලාගන්න පුළුවන් හපුයියාට තියෙන ඡන්ද ගණන. මුළු රටෙන්ම ඡන්ද ලක්ෂ 4 කට වැඩියෙන් ගන්න බැහැ බටලන්දේ නාකි චන්ඩියාට. හැබැයි මීළඟ මහජන රජයක් යටතේ මිනිහයි ගෝල බාලයෝයි අධිකරණය හමුවට පමුණුවන බවත් අධිකරණයේ තීරණය අනුව රනිල් වික්‍රමසිංහ හිරේ යනබවත් ස්ථිරයි.

:       2       11

ගමේ එකාලා Monday, 22 July 2024 11:39 PM

මොන සාර්ථකත්වයක්ද? අවුරුදු 45කටත් වැඩිකාලයක් දේසපාලනේ කරපු බලලෝබී බඩගෝස්තරවාදී රනිල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.ඔයා දේසපාලුවෝ හැමෝම එකතුවෙලා කෙරුවේ රටම හොරාකාලා විනාශ කරපු එක.කිසිම ජනවරමක් නැති ,ජන ප්‍රසාදයක් නැති,දූෂිත පවුල් පාලනේ උන් ,දූෂිත දේසපාලුවෝ රකින්ඩ ආපු පින් ජනපතියා ?

:       0       0

Chandima Tuesday, 23 July 2024 09:42 AM

අපි නම් කෑගහන්නේ නැහැ .ඔයාලමනේ කෑගහන්නේ ?

:       0       1

Thiline Wednesday, 24 July 2024 06:24 AM

කාගේවත් සාර්තකත්වය නෙවෙයි අපට දකින්න අවශ්‍ය රටේ සාර්ථකත්වයයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1522 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1334 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2080 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2397 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 565 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35896 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site