(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ජර්මනිය සහ ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
එම රටවල් ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී සිටින්නේ යැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී දැනුවත් කළ බවත් එය අපේ රටට ඉතාමත්ම හොඳ පණිවුඩයක් බවත් අමාත්‍යවරයා පැවසීය.
ප්‍රබල නායකයකු ලෙස කාබනික පොහොර නිෂ්පාදනයට ජනාධිපතිවරයා ගත් තීරණය වඩාත් වැඳගත් බවත් විපක්‍ෂය කොතරම් ජනතාව ප්‍රකෝපකිරීමට උත්සාහ කළත් ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සැළසුම් සකස් කර අවසන් බවත් අමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජනපතිගෙ සිහිනයට රටවල් රැසක සහාය
නිමල් Tuesday, 29 June 2021 06:06 PM
ගෙවල් වල මුර බල්ලන් ඉන්නවා නම් ඒ අතර ඉන්නවා වැඩියෙන්ම බුරන බල්ලෙක් අනිත් උන්ට වඩා. නිකන් කිව්වේ...
rupaWednesday, 30 June 2021 09:59 AM
මහ එවුන් සිහින දකියි දුප්පත් උන් මෑරී වෑටෙයි බොරුවට වෑඩි කල් නෑහෑ කවදාවත්
Nuwan Tuesday, 29 June 2021 06:09 PM
අනේ ඇත්තද?
Saman Tuesday, 29 June 2021 06:10 PM
අවේලාවේ දැකපු සිහිනවලට කියන්නේ දවල් හීන කියලා...!!!
ranjith Tuesday, 29 June 2021 07:01 PM
මහා වසංගතයක්... එක දවසින් මේ වගේ මෝඩ තීරණ වලට පෙළඹිලා රට සාගතයට යවලා තමයි මේ ගොල්ලෝ පස්ස බලන්නේ...
Sanka Wednesday, 30 June 2021 07:58 AM
කොරොනා වලින් රටේ මිනිස්සු නැත්තට නැතිවෙලා ආදායම් මාර්ග සුණු විසුණු වෙලා, නන්නත්තාර වෙලා ඉන්න වේලාවේදී මේ මොන කාබනික පොහොරද? කොච්චර විශේෂඥයින් කීවද මේක අවුරුදු 5 ක විතර කාලයක් අරගෙන රසායනික පොහොර ක්‍රමයෙන් අඩුකරන්න කියලා. දැන් ඉතින් අසරණ ගොවියන්ට පොහොර ටිකක් නැතුව වෙච්ච වගා විනාසෙට කවුද වග කියන්නේ? ගොවියෝ පොහොර නැතුව පොළවේ පස් කනවා. ගොවියා රජකරනවා කිව්ව පාලකයින්ට ගොවියා අද සාප කරනවා. තව මාස කීපයකින් ආහාර වසංගතයක් අතළඟ...
Mahesh Tuesday, 29 June 2021 07:06 PM
තනිකරම හිතුවක්කාර මෝඩ රැලක්! රසායනික පොහොර නතර කිරීමට පෙර ඒ සඳහා විකල්ප සුදානම් කර ඉන්පසු නතර කරපල්ලා! වැඩක් සාර්ථක වෙන්න නම් ඒ සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතුයි.. මේ මෝඩ පාලකයින්ට කිසිම ක්‍රමවේදයක් පිළිවෙලක් නැත. එසේ තිබුණි නම් මිනිස්සු පොහොර ඉල්ලා මහා පාරට එ්ම අවශ්‍ය නොවේ. අවසානයේ සිදුවන්නේ මිනිසුන්ට කාබනික කියන වචනයද එපා වීමයි..
Sri Lanka Tuesday, 29 June 2021 07:07 PM
හොඳ දෙයක්.., හැබැයි දෙන්න එපා.. අයිතිය එයාට... ස්තුතියි...
yamuna Tuesday, 29 June 2021 07:29 PM
ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ...!!!!
duminda Tuesday, 29 June 2021 07:31 PM
ලබන අවුරුද්දේ ඉඳලා කන්න වෙන්නෙත් හීනෙන් තමයි.
සිරිබිරිස්Wednesday, 30 June 2021 07:21 AM
ලෝකයේ සමහර රටවල් විනිමය සොයන්න සහල් විකුණනවා. සමහර රටවල් තේ විකුණනවා. තිරිගු පිටි විකුණනවා. සියළු ආහාර වර්ග විකුනණවා. අපේ රටේ සිහින දකින්න වැඩ කරනවිට අපේ වී වගාව, පොල් වගාව මෙන්ම තේ වගාවත් විනාශ වෙනවා. නිෂ්පාදන පහළ වැටෙනවා. අපෙන් ඒවා මිලට ගන්නා රටවලට ඒවා අපෙන් භාණ්ඩ නැතිවුණාම වෙනත් රටවලින් ගන්නවා. ඉතින් විකිණීමට අපේ රටේ නිපදවන දේ නිපදවන බොහෝ රටවල් අපේ සිහිනයෙන් ඔවුන්ට වාසි වෙන නිසා සුබ පතනවා, සහාය දෙනවා. තමයි...
siri Tuesday, 29 June 2021 08:20 PM
ඒ වුණාට අපේ රටේ නොමිලයේ දෙනවා කීව පොහොර සල්ලිවලටවත් ගන්න නැතුව කබලෙන් ලිපට වැටිලා ඉන්න ගොවියන්ගේ සහාය ලැබෙන පාටක් නම් නැහැ මහත්තයෝ...
අනගි Tuesday, 29 June 2021 08:59 PM
එහෙනම් සහාය දෙන රටවල් ලවා ලෝකයාටම කියන්න පුළුවනි ශ්‍රී ලංකාව කාබනික පොහොර දාලා තේ වවනකම් අපේ වෙළෙඳපල අල්ලගෙන තියාගන්න කියලා...
bandara Tuesday, 29 June 2021 11:21 PM
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ... ගොවියො ලිපටම දමමිනා... පොහොර අද නැත වෙළඳපල හමුවේ... දරුවො බඩගිනි උහුලණා...
laksiriperera Wednesday, 30 June 2021 04:24 AM
ඉක්මණින්ම අපායට යයි වගේ...
Jude perera Wednesday, 30 June 2021 06:03 AM
මහදැනමුත්තයි, ගෝලයො රොත්තයි...!
Puppa Wednesday, 30 June 2021 06:12 AM
අරක්කු රජයක්.., මේ වගේ අඳ, බාල මිනිසුන් රට පාලනයට පත්කළ අපයි වැරැදිකරුවෝ...
සෙනෙවිරත්න Wednesday, 30 June 2021 07:21 AM
එතනෝල් වස විස නැද්ද?
ganegoda Wednesday, 30 June 2021 10:23 AM
ඇත්තටම මේක සිහිනයක්
ganegoda Wednesday, 30 June 2021 11:07 AM
අපේ දේවල් අපිම කනහැටි.. අපිත් දැන් ජර්මනියෙන්, ස්විට්සර්ලන්තයෙන් ඉගෙන ගන්න වෙලාද? හැබැයි වෙන දේවල් නම් ලැබෙන්නේ නැහැ..!!!