IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනපතිවරණය ගැන ජනපතිගෙන් යළි සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතිකවී තිබේ. 

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති මන්දිරයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බවයි.

තමන් ජනාධිපතිවරණය කල්දැමීමට සූදානම් වන බවට විපක්ෂ මත පළ කළද  අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවද  ජනාධිපතිවරයා සදහන් කළේය.

පසුගිය සමය ඉතාම දුෂ්කර කාලයක් වූ බව පැවසූ ජනාධිපතිවරයා මේ වනවිට රට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බවද පැවසීය.

තම රජය වැඩකර රටට පෙන්වා දුන් බවත් විපක්ෂ ඇතුළු අනෙක් කණ්ඩායම් තවමත් කතා පවත්වමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.



අදහස් (10)

ජනපතිවරණය ගැන ජනපතිගෙන් යළි සහතිකයක්

Swene Haputhantirige Monday, 22 July 2024 09:35 PM

භාවිතාවට අනුව, කෙසේ විශ්වාස කරම්ද?

:       1       4

K Perera Monday, 22 July 2024 10:31 PM

මුලු ලොවම දන්නවා දැන් ලංකාවේ තත්වය ගැන ඔබ තුමා තනියම මේ රට ගොඩදාගත්තා. ජනපතිවරණයට එන්න අනිවාර්යෙන් ඔබතුමා ජයගන්නවා

:       7       2

Rata Perata Monday, 22 July 2024 10:47 PM

අවුරුදු දෙකට ඩොලර් බිලියන 4 තව ණය අරගෙන, ගෙවාගන්න ආපු ණය සතයක්වත් ගෙවන්නේ නැතුව මෙයා කියනවා දුෂ්කර කාලයක් ගෙවා දමනවාලු.. මුන් ඔක්කෝම හිතාගෙන ඉන්නේ අපිට කිසි දෙයක් තේරේන්නේ නැ කියලා.. මේ ආර්ථික ප්‍රශ්න ඔක්කෝම අස්සේ මේ කෝටි 875 ක් ජනපති වැය ශිර්ෂයට වෙන්කරගත්තා පිස්සුවේ තරම පේනවා

:       2       7

ananda Monday, 22 July 2024 11:02 PM

පාර්ලිමේන්තුවේ දී ඕක පරාජය වෙනවා. පහ හය වෙනවා. වික්‍රමසිංහ කියනවා ජනාධිපතිවරණය පවත්වන්න කියලා. ගොට්ටෙක් උසාවි ගිහින් කියනවා ජනාධිපතිවරණය නීතිවිරෝධී කියලා. අධිකරණය ඒක පිළිගන්නවා. වික්‍රමසිංහ කියනවා අධිකරණයට පිටින් යන්න බැහැ කියලා

:       3       1

chandima Tuesday, 23 July 2024 01:02 AM

අගමැති වෙද්දී කරනවා කියපු පච දැන් ආයෙත් කියව කියවා යනවා.මහ නගර සංවර්ධනයට කියලා ඇමතිලා පත් කරලා අමාත්‍යංශ හදලා නාස්තිකරපු සල්ලි කන්දරාව කියලා වැඩක් නැහැ .මේ වතාවෙත් ඒ බයිලෙමනේ කියන්නේ ?

:       3       6

Chathuri Tuesday, 23 July 2024 05:33 AM

තමුන් නිතරම සෙවල හැලුවට. මේ සේරම මුදල් රටේ. මුදල් තමන් ට අයිතිය තිබෙන්නෙ තමන් නායකය නිසා. ඔය නායක කමනම් සත පහකට වැඩක් නැහැ. පුලුවන් කම්ක් තිබුනානම් ඔය මුදලුත් හොරා කාලා කියනවා සල්ලි නැහැ කියලා. නාකි මයිනා උෆ්හ්ව් කෙරුවේ හොරුන් ආරාක්ෂා කරන නිසා. පින්ගුත්තර පුත්තුන්ට. රස්සාවල් නැහැ ඒකනේ මයිනා හොරාකන්නෙ. දුශ්කර ක්‍රියා කෙරුවේ. ජනතාව මිසක් ගොබ්බ රැල නෙමේ. අසරණ මිනිස්සු කීදාහක් මැරුණද පොලිම් වල බෙහෙත් වලින්. විදුලියෙන්. අසරණ දරුවෝ තවමත් දුක් විදිනවා. නාකියා ඉල්ලා අස්බ්වෙන්නෙ නැතිව හිරේ යන්න බයට. රජ වෙන්න හදනවා. රටේ සම්පත් හොරා කාලා විකුනලා. ගොබ්බයෝ ෆ්හැන් කියනවා ඉතිරි අවෘදු පහෙන් මේ නාකියා රට සුරංගනා ලෝකයක් කරනවලු. පිස්සන් කොටුවේ ඉන්න අයබ්වගෙ කතාව

:       0       4

අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 09:16 AM

මම හැමදාම කියන දෙයක් තමයි පිස්සෙක්ව එලවලා අපි ගෙනාවේ උම්මත්තකයෙක් කියලා. ඒක පහුගිය දවස්වල හොදටම පැහැදිලි උනා.

:       5       16

Pinjana Tuesday, 23 July 2024 09:31 AM

අනේ පිනෝ, ජනාධිපති වරනය නවත්වන්න අදින්න පුලුවන් අංචි ඔක්කොම ඇදලා, වැරදුනා ම කපන්න බැරි අත ඉඹිනවා. කොහොමත් තමුසේ අයිති දේශපාලන කුණු කූඩයට.

:       4       16

fairoos Tuesday, 23 July 2024 11:40 AM

ඒකත් බලමුකෝ 22 කේ මොනවද තියෙන්නේ කියලා

:       0       6

ගමේ එකාලා Tuesday, 23 July 2024 11:43 AM

තමුන්ගේ ආසනයෙනුත් පැරදුනු කිසිම ජනවරමක් ,ජන ප්‍රසාදයක් නැති දූෂිත පවුල් පාලනේ උන්ව රකින , එකම ගැළවුම් කාරයා පින් ජනපතියා .ජනතාවගේ පරමාදිත්‍යට ගරු කර චන්දේ පැවැත්විය යුතුමයි .මොන උප්පරවැට්ටි යක් දැම්මත් වැඩක් වෙන එකක් නැහැ.

:       2       11

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 756 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1405 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 403 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 903 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 35 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2224 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35641 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site