IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනපතිවරණ දිනය අද රෑ එළියට?

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ ව්‍යවස්ථාපිත කරුණු ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය  අද (25 ) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ පැවැති අතර එහිදී ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සාමාජිකයන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු බවද අභ්‍යන්තර ආරංචි මා ර් ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවට කොමිසම සාමාජිකයන් පිරිසක් තීරණය කර තිබූ අතර තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ එය සැප්තැම්බර් මස 28 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවටය.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු විශේෂ රැස්වීමට සහභාගී නොවූ අතර ඔහු විදේශ රටක සිට දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබිණ.

 

 



අදහස් (2)

ජනපතිවරණ දිනය අද රෑ එළියට?

Joe Biden Thursday, 25 July 2024 10:22 PM

වසර 75ක ලංකාවට කෙලවුන ඇත්ත හේතු. 1. 1977 විවෘත ආර්ථිකය හරහා රට දියුනු වේ යැයි නොරිස්සූ ඉන්දියාව ඇතිකල වසර 30හේ යුද්ධය. 2. රාජපක්ෂලා ඩොලර් බිලියන 10 කට වඩා හොරාකෑම. 2. 1989 රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසාදැමීමෙන් ආරම්භකල පුද්ගලික විශ්වවිද්‍යාල වලට වට බැඳීම නිසා වසරකට ඩොලර් බිලියන 1 ක් ගානේ ඩොලර් බිලියන 25 ක් විදේශ අධ්‍යාපනට වියදම් වීම. විදේශ ශිශ්‍යයගෙන් උපයාගැනීමට තිබූ වසරකට ඩොලර් බිලියන 0.5 බැගින් අවුරුදු 25 ට ඩොලර් බිලියන 12.5 ක් අහිමි කිරීම. රටේ මුළු විදේශ ණය ප්‍රමාණය බිලියන 45 යි. ඉන් බිලියන 37.5 ක් (එනම් 83%) ජවිපෙ/මාලිමාව නිසා රටට අහිමි වූ ඩොලර් ආදායමයි. රටට කෙලවූ මාලිමාවට ජයවේවා.

:       0       0

chandima Thursday, 25 July 2024 10:58 PM

අද රෑට බැහැ .උදේ 6.32 වෙනකල් රාහු කාලය.ඉන් පස්සේ තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1359 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1841 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 460 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3037 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2452 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1798 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34700 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site