IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ජනපති අරමුදලේ භාවිතය ගැන රනිල්ගෙන් නිවේදනයක්

(අංජුල මහික වීරරත්න)

තම පාලන කාලයේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

වර්ෂ 2022 ජූලි මස සිට 2024 සැප්තැම්බර් මස දක්වා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුල ජනාධිපති අරමුදලේ ක්‍රියාකාරකම් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ලෙස මෙය ඉදිරිපත් කෙරෙයි. 

2022 ජූලි මස 26 වැනි දින වන විට මූල්‍යාධාර ලබා ගැනීම සඳහා රෝගීන්/අයදුම්කරුවන් විසින් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කරන ලද අයදුම්පත් 8000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා ගෙවීම් සිදුකර නොතිබූ අතර 2022 දෙසැම්බර් මාසය වන විට තවදුරටත් අයදුම්පත් 3000 ක පමණ ප්‍රමාණයක් ජනාධිපති අරමුදල වෙත ගෙවීම් කිරීම සඳහා ඉදිරිපත් වී තිබිණ.

ඒ අනුව මේ සියළුම අයදුම්පත් සඳහා ඉතා කඩිනමින් ගෙවීම් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලද අතර 2022 වර්ෂය අවසාන වන විට සියළුම රෝගීන්/අයදුම්කරුවන් සඳහා ගෙවීම් සිදුකර අවසන් කෙරිණි. ඒ සඳහා රුපියල් මිලියන 1500 කට ආසන්න පිරිවැයක් ජනාධිපති අරමුදල විසින් දරන ලදී.

ඒ අනුව වසර ගණනාවක සිට ගෙවීම් සිදු නොවී ගොඩ ගැසී තිබුණු වෛද්‍යාධාර අයදුම්පත් සඳහා ගෙවීම් සිදු කර අවසන් කරන ලද අතර තවදුරටත් කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවීම් සිදු කිරීමට ක්‍රමවේදයක් ද සකස් කරන ලදී.

ඒ අනුව, වෛද්‍යාධාර ලබා දීම සඳහා මාස ගණනාවක් ගතවන ක්‍රමවේදය වෙනුවට දින 3කට අඩු කාලයක් තුල වෛද්‍යාධාර ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි නව වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රයක් හදුන්වා දෙන ලදී.

රෝහලින් බැහැර වූ දින සිට වෛද්‍යාධාර අයදුම්පත් බාරදීමට තිබූ දින 30ක කාලය දින 60ක් දක්වා දීර්ඝ කරනු ලැබීය.

ගැටළු සහිත අයදුම්පත් ඉදිරිපත් වූ විට ඒවා තවදුරටත් සලකා බැලීම සඳහා අභියාචනා කමිටුවක් හඳුන්වා දීමට කටයුතු කෙරිණි.

ග්‍රාමීය සහ කොළඹින් පිටත අයදුම්කරුවන් සඳහා තවදුරටත් සහන සැලසීම සඳහා නව රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කරවා ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

අලුතින් හදුනාගෙන ඇති රෝග සඳහා මෙන්ම මීට පෙර වෛද්‍යාධාර ගෙවීම් නොකරන ලද රෝග සඳහා වෛද්‍යාධාර ගෙවීමේ කටයුතු අලුතින්ඇරඹීය.

එවකට පැවති සියළුම වෛද්‍යාධාර ගෙවීම් යාවත්කාලීන කිරීමේ පියවරක් වශයෙන් 2024 ජනවාරි මස සිට සියළුම වෛද්‍යාධාර ගෙවීම් 50% සිට 100% දක්වා ප්‍රමාණයකින් වැඩි කරන ලදී.

රාගම රෝහලේ දී කරනු ලබන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ  ශල්‍යකර්ම සඳහා රුපියල් ලක්ෂ 10 දක්වා වෛද්‍යාධාර ලබා දීම අලුතින් ආරම්භ කළේය.

කුඩා දරුවන්ගේ කර්ණ ශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්ෂ 6 දක්වා වෛද්‍යාධාර හදුන්වා දීම සිදුවිණ.

රජයේ රෝහල් විසින් සිදු කරනු ලබන සැත්කම් සඳහා සැත්කමට පෙර හා පසු වෛද්‍ය වාර්තා පිටතින් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා චෛද්‍යාධාර ලබා දීම අලුතින් හදුන්වා දුන්නේය.

ගැහැණු දරුවන්ගේ පැති කුදය රෝගය (Scoliosis) සඳහා  මෙරට දී හෝ පිටරටක දී හෝ සිදු කරනු ලබන සැත්කම් සඳහා අවශ්‍යතාවය අනුව ලබා දිය හැකි උපරිම වෛද්‍යාධාර දීම හදුන්වා දුණි. සාමාන්‍යයෙන් මේ වෙනුවෙන් සෑම විටම රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 40 දක්වා අවශ්‍ය වෛද්‍යාධාර ලබාදීමට කටයුතු කෙරිණ.

වෛද්‍යාධාර ලබා දීමේ ක්‍රමවේදය පුළුල් කිරීම හා ජනතාව වෙත ඒ සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම තුලින් වඩා හොද සේවාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.

වෛද්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා සැලකිල්ලට ගනු  ලබන රෝගියාගේ පවුලේ මාසික ආදායම් සීමාව සංශෝධනය කෙරිණ. එමඟින් වෛද්‍යාධාර ලබාදීමට සලකනු ලබන රෝගියාගේ පවුලේ මාසික ආදායම් සීමාව රුපියල්.150,000.00 සිට රුපියල්.200,000.00 දක්වා ඉහල දැමිණ.

වයස අවුරුදු 21 අඩු දරු දැරියන් සඳහා අක්ෂි ශල්‍යකර්ම සඳහා අලුතින් වෛද්‍යාධාර ලබා දීමට පියවර ගත්තේය.

යම් රෝගියෙකු සඳහා උපරිම රුපියල් ලක්ෂ 10 ක සීමාව යටතේ අවස්ථා ගණනාවකදී වුවද වෛද්‍යාධාර ලබා දීමට කටයුතු කිරීම හා එම සීමාව ඉක්මවා වෛද්‍යාධාර දීමට අවශ්‍ය වන්නේ නම් ජනාධිපතිතුමාගේ, ජනාධිපති ලේකම්තුමාගේ, ජනාධිපති අරමුදලේ ලේකම්තුමාගේ අනුමැතිය පරිදි එම සීමාව ඉක්මවා වෛද්‍යාධාර ලබාදීම ක්‍රියාත්මක විය.

මීට පෙර වෛද්‍යාධාර නොදුන් පිළිකා රෝග තත්වයන් සඳහා ද 2024.01.01 දින සිට වෛද්‍යාධාර ලබා දීමට කටයුතු ඇරඹිණ.

ලියුකේමියා, තැලසීමියා හා පිළිකා විශේෂයක් වන මයිලෝමා රෝගී තත්වයන් සඳහා සිදු කරනු ලබන ඇට මිදුලු සැත්කමට පෙර හා පසු කරනු ලබන පරීක්ෂණ සඳහා වෛද්‍යාධාර අලුතින් ලබා දීමට කටයුතු ඇරඹුවේය.

ඒ අනුව දැනට වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා රෝගීන් විසින් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සඳහා දින 3 ක් ඇතුලත වෛද්‍යාධාර ලබා දීමේ ක්‍රමවේදය සකස් කර ඇති අතර අදාල ගෙවීම් ඍජුවම රෝගියාගේ, අයදුම්කරුගේ බැංකු ගිණුම වෙත ‍ප්‍රේෂණය කර ඒ බව කෙටි පණිවිඩයක් මඟින් රෝගියා, අයදුම්කරු වෙත දන්වා යවනු ලැබේ. එසේම ශල්‍යකර්මය , ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා රෝහල්ගත වී ඇති අවස්ථාවක   ජනාධිපති අරමුදල විසින් රෝහල වෙත වගකීම් ලිපියක් නිකුත් කර පසුව අදාළ වෛද්‍යාධාරය රෝහල වෙත  ප්‍රේෂණය කිරීමද සිදුවිණ.

2022 වර්ෂයේ සිට වෛද්‍යාධාර වශයෙන් රෝගීන්- අයදුම්කරුවන් වෙත ලබා දී ඇති මුදල පහත පරිදිය.

2022 වර්ෂය වන විට ගොඩගැසී තිබූ අයදුම්පත්‍රද සමඟ  2022 වර්ෂය තුල රුපියල් මිලියන 1515 ක් ද 2023 වර්ෂයේ දී රු.මි.839 ක් ද 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා දළ වශයෙන් රු.මි.450 ක් පමණ ද රෝගීන් සඳහා වෛද්‍යාධාර වශයෙන් ලබා දී තිබුණි.



අදහස් (7)

ජනපති අරමුදලේ භාවිතය ගැන රනිල්ගෙන් නිවේදනයක්

බකල ජයා Thursday, 19 December 2024 03:45 PM

ෂාහ්, ගොඩාක් වැඩ කරලා. අර කෝටිගණන් ගත්ත මැටිගොල්ලො ගැන සඳහනක්වත් නෑනේ දෙගොල්ලන්ගෙන් කවුද බොරු කියන්නෙ? නොකිව්වත් අපි දන්නවා .

:       8       53

dileepa1986 Thursday, 19 December 2024 03:48 PM

යන්නේ කොහෙද මල්ලෙ පොල්. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරේ සාමාන්‍ය මිනිසුන්ට අඩු මුදලකුත් හොර මන්ත්‍රීලට කෝටි ගාණක් දීපුවා ගැනයි. අනිත් එක ජනාධිපති අරමුදල ගැන විස්තර ඒකේ වෙබ් සයිට් එකෙන් බලාගන්න පුලුවන්. අනිත් එක මතක තියාගන්න. ජනාධිපති අරමුදල සෑම සතයක්ම මේ රටේ මිනිසුන්ගෙම සල්ලි. කාටවත් ඕන ඕන විදියට ඒක වියදම් කරන්න බෑ.

:       6       51

සෙනෙවිරත්න Thursday, 19 December 2024 03:57 PM

යන්නේ කෙහෙද මල්ලෙ පොල් උත්තරයක්, යාළුවන්ට දීපු හැටි සහ දුන්නේ⁣ කුමකටද කොහොමද කියල නැහැනේ.

:       5       25

Banda Thursday, 19 December 2024 04:04 PM

ඔක්කොම හරි ලොක්කා. අර දේශපාලුවන්ට කෝටි ගණන් ගෙවපු විදිහ කියමුකෝ. දයා ගමගේත් ඉන්නවලු නේ?

:       2       20

පොඩි එකා Thursday, 19 December 2024 04:06 PM

අනේ කවුරැවත් නැද්ද මේ මුත්තට චුයංගම් එකක් දෙන්න හපහප ඉන්න, මේ තේරුමක් නැති විකාර කියවන්නේ නැතුව.

:       7       13

ජයනාත් Thursday, 19 December 2024 04:09 PM

අහිංසකයන්ට දුන්නේ නැත්නම් වෙන දේ කියන්න ඕන නැහැ නේ. ප්‍රශ්නෙ ඒක නෙවෙයි අර සෞඛ්‍ය ඇමැති ඉදිරිපත් කරපු ලැයිස්තුව තමයි ප්‍රශ්න කරන්නේ . ඒකට උත්තර කෝ..

:       4       14

Perera Thursday, 19 December 2024 04:16 PM

මැති ඇමතිගොල්ල කී දෙනෙක්ට මෙයා මුදල් දීම අනුමත කරලද? ඒ අය කවුද දුන්නේ කීයක්ද කියලා අපේ දැනගැනීම පිණිස මෙයාට කියන්න පුළුවන්ද?

:       2       13

ඔබේ අදහස් එවන්න

දියත

පලතුරු ලොරිය අධිවේගයේ දොයි
2024 දෙසැම්බර් මස 19 99 0

පලතුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ 39 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද සවස පෙරළී අනතුරට පත්ව ඇතැයි මීරිගම අධිවේග


ඇමති පන්නිලගේ මන්ත්‍රීධූරයට එරෙහිව පෙත්සමක්
2024 දෙසැම්බර් මස 19 1127 0

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභා


දරුවන් ඉදිරියේ මව මැරූ පියාට වසර 37ක සිර දඬුවම්
2024 දෙසැම්බර් මස 19 1142 0

ඕස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී තම බිරිඳව පොරවකින් කපා කොටා ඝාතනය කර තම පුතුණුවන්ටද පහරදුන් 47 හැවිරිදි දිනුෂ් කුරේරා නම් ශ්‍රී ලාංකික ජාතිකයා


සජිත් සහතික භාරදෙයි
2024 දෙසැම්බර් මස 19 662 0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරු 11.40 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම පාර්ලි


ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට කිරීමේ වාර්තාව අධිකරණයට
2024 දෙසැම්බර් මස 19 173 0

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව කළ විමර්ශනවල සවිස්තර තොරතුරු ඇතුළත් රහසිගත වාර්තාවක් අපරාධ පරීක


’’ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත් අය තවත් ඉන්නවා’’
2024 දෙසැම්බර් මස 19 693 0

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති තවත් පිරිසකගේ ලේඛනයක් ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19)පැවසීය


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21419 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13867 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 336 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 290 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site