IMG-LOGO

2024 ඔක්තෝබර් මස 26 වන සෙනසුරාදා


ජනපති කමිටුව ඇමැති බංගලාවලටත් කඩාපනී

(සුජිත් හේවාජුලිගේ)

හිටපු මැති ඇමතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ බංගලා පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සොයා බැලීමේ ත්‍රිපුද්ගල කමිටුව  අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ  කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසා ඇත.

අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු කමිටුව හමුවට කැඳවා මෙසේ කරුණු විමසා ඇතැයි වාර්තාවේ.

රජයේ බංගලා ලබාදී තිබූ ඇමතිවරුන් සංඛ්‍යාව, හිටපු ඇමතිවරුන් තවමත්  රැඳී සිටින රජයේ බංගලා  සංඛ්‍යාව, එම නිවාස වලට ලබාදෙන පහසුකම් සහ  ඒවාට වැය කරන වියදම්  යනාදිය පිළිබඳව මෙලෙස කරුණු විමසා ඇත.

මේ අතර හිටපු ඇමතිවරුන්ගෙන් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ 14 දෙනකු පමණක් බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු ඇමතිවරුන්ට ලබා දී තිබු නිවාස සංඛ්‍යාව පනහකි.

බංගලා භාර නොදෙන හිටපු ඇමතිවරුන්ට ලබන 30  වැනිදායින් පසු  නඩු පැවරීමට අමාත්‍යාංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ  හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම ත්‍රිපුද්ගල කමිටුව   පත් කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

කමිටුව හිටපු ජනාධිපතිවරුන්ගෙන්ද  පසුගියදා ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු විමසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බලන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාය.

විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා මුළුමුල්ල යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වෙති.

මෙම කමිටුවේ විමර්ශන අවසන් වීමෙන් පසු හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් නිර්දේශ  ඇතුළත් වාර්තාවක් රජයට බාර දීමට නියමිතය.



අදහස් (1)

ජනපති කමිටුව ඇමැති බංගලාවලටත් කඩාපනී

Sameera Saturday, 26 October 2024 02:29 PM

ඉතාම හොඳ වැඩක්.. ඔය දේටත් පිස්සු කියවන සෙට් එකක් දැන් කොම්මෙන්ට් බලන්න පුළුවන්...

:       0       16

ඔබේ අදහස් එවන්න

දියත

අල්ගම ඔයේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 26 84 0

නිට්ටඹුව පොලිස් වසමේ දඹුටුව පාසල අසල අල්ගම ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු අද (26) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .


‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘
2024 ඔක්තෝබර් මස 26 1624 0

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නික


ප්‍රහාරය සාර්ථකයි-ඊශ්‍රායලය
2024 ඔක්තෝබර් මස 26 1138 0

ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.


විදෙස් බුද්ධි තොරතුරු විපරමට වෙනම බලඇණි තුනක්
2024 ඔක්තෝබර් මස 26 686 1

රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරන


අපේ අය තව 61ක් ඊශ්‍රායලයට
2024 ඔක්තෝබර් මස 26 829 3

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකි


ජනපති කමිටුව ඇමැති බංගලාවලටත් කඩාපනී
2024 ඔක්තෝබර් මස 26 3304 1

හිටපු මැති ඇමතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ බංගලා පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සොයා බැ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 914 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 575 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site