IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජනපති ඩුබායි යයි

 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) රාත්‍රී ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යයි .

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (COP 28) රාජ්‍ය නායකයන්, රාජ්‍ය - පෞද්ගලික අංශ නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් හෙට (30) සිට දෙසැම්බර් 12 වනදා දක්වා ඩුබායි හි එක්ස්පෝ නගරයේදී පැවැත්වේ.

“කොප් 28” සමුළුව වෙනුවෙන් මෙවර විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඉන් ප්‍රධානතම යෝජනාව වනුයේ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (Climate Change university) මෙරට ඇති කිරීමයි.

ඊට අමතරව දියුණු රටවල ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට පත්වන තුන්වන ලෝකයේ රටවල් වෙනුවෙන් දේශගුණික යුක්ති සංසදයක් (Climate Justice Forum) පිහිටුවීම හා නිවර්තන වැසි වනාන්තර වෙනුවෙන් සංසදයක් (Tropical Belt Forum) පිහිටුවීමේ යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා "කොප් 28" සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ ඇමති අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක,අජිත් මාන්නප්පෙරුම, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මහත්වරු ඇතුළු 15 ක පමණ දූත පිරිසක් සමුළුවට සහභාගී වෙති.

පෞද්ගලික අංශය නියෝජනය කරමින් තවත් පිරිසක් තම වියදමෙන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රාජ්‍ය නොවන සංවිධාන වල අනුග්‍රාහකත්වය යටතේ තරුණ තරුණියෝ 20 ක් මෙම සමුළුවට සහභාගී වෙති.

 



අදහස් (8)

ජනපති ඩුබායි යයි

aruna Wednesday, 29 November 2023 08:00 PM

අනේ දෙවියනේ මෙයාට ආපහු එන්න වරම් දෙන්න එපා...!

:       0       0

Gaamini Wednesday, 29 November 2023 08:14 PM

බල්ලට ඇති වැඩකුත් නෑ. හෙමින් ගමනකුත් නෑ.

:       0       0

Siri Wednesday, 29 November 2023 09:01 PM

දැන්, ඕනෑ එකටයි, එපා එකටයි හැම මලකඩිත්තුවකටම ඇඟිලි ගහන්න ගිහින් හැට හුටහමාරක් බැනුම් අහන අරයත් එක්කද ගියේ...?

:       0       0

Rata Perata Wednesday, 29 November 2023 09:47 PM

ඔයාට මොකද? ලෝකෙ වටේ රවුම් ගහගහ ඉන්න.

:       0       0

Akila Wednesday, 29 November 2023 09:51 PM

ලොක්ක මේ සැරේ තමයි ට්‍රැවල් කරන්න නියම පොටක් හොයාගෙන තියෙන්නේ..., මේ වැඩකට නැති COP සමුළු / වැඩමුළු 1995 ඉඳන් හැම අවුරුද්දකම මුළු අවුරුද්ද පුරාම එකඑක රටවල තියෙනවා.. කට්ටියට ගිහින් කාලා බීලා විනෝද වෙලා කැමැති නම් කතාවක් දෙකක් කරලා එන්න තමයි තියෙන්නේ...!

:       0       0

සමන් Wednesday, 29 November 2023 09:58 PM

මතක ඇතිව අර STF දාගෙන පරිස්සම් කරන අඹුවත් අරං යන්න හොඳේ...

:       0       0

චන්දිම ෆොන්සේකා Wednesday, 29 November 2023 10:38 PM

මෙච්චර මේ මිනිස්සුන්ට අමාරු කාලේ ඕක අන්තර්ජාලය හරහා එනම් මාර්ගගත ක්‍රමයට කරන්න බැරි කමක් තිබුනද නැහැනේ. මේ ඉතින් නව ගිලුනත් බෑන් චුන් කියන්නා වගේ විශාල මුදලක් වය කරමින් රට සවාරි ගැසීමට තියෙන ළදරු ආශාව නේ? පිනට ලැබුණු චාන්ස් එකෙන් හොඳට ප්‍රයෝජන ගන්නවා. තව ඒ මදිවට රංචුවකුත් එක්කගෙන යාවි. මොන ජගතා වුනත් කමක් නැහැ මේ වගේ නාස්තිකාර වැඩ නවත්වන්න රටේ මිනිස්සු තමන්ගේ අවධානය යොමු කරන්න ඕනි කාලේ දැන් පහුවෙලා ගොඩක් කල්. කොච්චර වියදම් කරලා තියෙනවද මෙයාගේ සවාරි වලට?

:       0       4

Ahmed (Gulf) Thursday, 30 November 2023 12:19 AM

තම රටේ "දකුණු බටහිර සහ ඊසානදිග" මෝසම ගැන නොදන්නා අයෙක් "එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව" මෝඩ විහිළුවට සහභාගී වේ. මෝඩ විහිළුවක්

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 174 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1741 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site