IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


ජනපති ධුරය අත්හරින්න සූදානම්

යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත. 

ඊට අමතරව, සෙලෙන්ස්කී ඉල්ලා ඇත්තේ, යුක්රේනයට ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ද හිමිවිය යුතු බවය.

‘යුක්රේනයට සාමය උදා වෙන්නේ නම්, මා දැන්ම ජනාධිපති ධුරයෙන් සමුගන්නවා. හැබැයි යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවිය යුතුයි. එසේ සාමාජිකත්වය හිමිවෙනවා නම්, මා ධුරයෙන් ඉවත් වීමට සූදානම්’ යැයි සෙලෙන්ස්කී පැහැදිලි කර ඇත.

යුක්රේන රුසියන් යුද්ධයට මේ වනවිට වසර තුනක් ගතවී ඇත. යුද්ධය ආරම්භ වීමට හේතුව, යුක්රේනය, නේටෝ සාමාජිකත්වය ඉල්ලීමය. ‘නේටෝ’ යනු යුද සන්ධානයකි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය.

යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්,  යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රිටාමාර්ගයක් අනුගමනය කළේ එහෙයිනි.

යුක්රේන රුසියන් යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය කටයුතු කරමින් සිටී.

ඇමෙරිකන් නියෝජිතයන් සහ රුසියන් නියෝජිතයන් අතරේ හමුවක් ද පසුගිය දා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්විණි. එම සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කිරීමක් සිදු වූයේ නැත.

මේ සම්බන්ධයෙන් යුක්රේන ජනපති සෙලෙන්ස්කී මැසිවිලි නගද්දී, ට්‍රම්ප්, යුක්රේන ජනාධිපතිට චෝදනා කළේ ඔහු ඒකාධිපතියකු කියාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධය අතරතුරේ සෙලෙන්ස්කීගේ ධුර කාලය අවසන් වුණු බැවින් සහ සෙලෙන්ස්කී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකළ බැවිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ජනපති ධුරය අත්හරින්න සූදානම්

Nandalal de Silva - France Monday, 24 February 2025 04:07 PM

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සිය රටට අතිශයින්ම ආදරය කරන, වසර තුනක කාලයක් තිස්සේ මිනීමරු පුටින් ගේ හමුදාවට එරෙහිව අභීත සටනක් කල නායකයා බව පැහැදිලිවම පෙනෙනවා. බිංකුඩ්ඩෙක් මෙන් භූගත බංකරයක සැඟවී, නිරායුධ යුක්රේන ජනතාව සමූල ඝාතනය කරමින්, ඩොලර් කෝටි ප්‍රකෝටි වටිනා දෙපල, අති දරුණු අවි බලයෙන් විනාශ කරපු, කාලකන්නි පුටින් වගේ අවජාතක කෙනෙක් නොවන, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ගැන පුදුම පැහැදීමක් මුළු ලෝකයටම තෙරී හමාරයි!!! යුක්රේනය සතු අතිවිශාල ඛනිජ සම්පත්, පුටින් සමග එක්ව නතුකර ගැනීමෙ කුමන්ත්‍රණයක ඇමරිකානු ජනපති ට්‍රම්ප් නියත බව දැන් පැහැදිලිවම පෙනෙනවා. ට්‍රම්ප් 2020දී පරාජයට පත්වූ විට, ඔහුගේ ත්‍රස්ත හමුදාව කැපිටල් හිල් වලට ගෙන්වා කරපු විනාශ ඔබට මතකද? සිය රටට එරෙහිව අරගල කරපු ට්‍රම්ප්, පුටින් සමග එක්ව යුක්රේනයට පහර දීමේ හැකියාවක් තිබෙන්නට වුවද පුළුවනි... අපේ රටේ හිටපු ගොඨාභය පලවා හැරීමත්, සෙලෙන්ස්කිගේ ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වීමට යොජනා කිරීමත් අතර විශාල වෙනසක් ඇත...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අයවැය ඡන්දය හෙට
2025 පෙබරවාරි මස 24 11 0

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (25) පස්වරු 6.00ට පැවැත්වේ.


කෙහෙළියගේ වත්කම් පිටපත් කෙහෙළියට දෙන්න කියයි
2025 පෙබරවාරි මස 24 91 1

අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන ඇති බාල බෙහෙත් ජාවාරම් සිද්ධිය සම්බන්ධයේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහු


’’පාතාලය ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෑ’’
2025 පෙබරවාරි මස 24 58 0

පාතාල ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇතිවීම දක්වා වර්ධනය වීමට ඉඩ නොතබන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (24) පැ


නීතීඥ වෙස්ගත් කත සොයා පොලිසිය මතුගම පීරයි
2025 පෙබරවාරි මස 24 798 1

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැඟවී සිටින සැකකාරිය සොයා පොලිසියේ 100 ට අධි


අගමැතිනිය, අනුරාධපුර මහ නාහිමිවරු බැහැදකී
2025 පෙබරවාරි මස 24 178 1

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් අනුරාධපුර


සෞඛ්‍ය වෘත්තීයවේදීන් කළු පටි විරෝධතාවක
2025 පෙබරවාරි මස 24 260 0

අයවැය ලේඛණයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීහු කළු පටි විරෝධතාවක් අද (24) ක්‍රියාත්මක කළහ.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 190 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 412 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 177 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site