(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ලංකාදීපයට පැවසීය.
එම බංගලා සම්බන්ධයෙන් තොරතුරු රැස් කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
ජනපති බංගලා කුලියට ලබා ගැනීමට විවිධ ඉල්ලීම් දහයක් පමණ ලැබී ඇති අතර එම ඉල්ලීම් සලකා බලාගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
යාපනයේ ජනාධිපති බංගලාව යාපනය විශ්ව විද්‍යාලයේ පාවිච්චිය සඳහා ඉල්ලීමක් කර ඇත නුවරඑළියේ බංගලාව සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යෙදවීමට රජය බලාපොරොත්තු වෙයි.
කොළඹ සහ මහනුවර ජනාධිපති බංගලාදෙක පමණක් විශේෂ උත්සව අවස්ථා සඳහා පමණක් යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. රාජ්‍ය නායකයන් පැමිණෙන අවස්ථාවන්හිදී පිළිගැනීම් සහ හමුවීම් සඳහා ජනාධිපති මන්දිරයේ අවශ්‍ය වන අතර මහනුවර පෙරහර චාරිත්‍ර ඉටුකිරීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය අවශ්‍ය වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරීත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර පිහිටා ඇති අතර කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තරයෙන් භාවිතයට ගෙන නොමැති බව රජය පවසයි.
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28 ) උදෑස
පලාත් පාලන මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ කිරීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සහ කැස්බෑව
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති බංගලා ගැන ළඟදීම තීරණයක්
fairoos Monday, 28 April 2025 03:29 PM
ඉතාම හොඳ තීරණය. මේවා දකිනකොට වහල්ලුන්ට මාර සැප ඇතිනේ?