(අංජුල මහික වීරරත්න)
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් හමුවේ පැවසීය.
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා සහ බස්නාහිර පොලිස් ප්‍රධානීන් අතර හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවත්විණි.
නීතියේ විධානයේ ආධිපත්‍ය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යන මහත්වරුද බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද
මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ඇමෙරිකානු ඩොලර් බිලියන 1 වටිනාකමකින් යුත් මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවතත් ලබා ගැනීමට අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව ආරංචි මාර්ග උපුටා
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සොයා ගැනීම සදහා රහස් පොලිස් විශේෂ කණ්ඩායමක් 15 ක් මේ වනවිට යොදා ඇති බව ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක ස
දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජනපති බස්නාහිර පොලිස් ලොක්කන් කැඳවයි
රම්බොඩ Tuesday, 18 March 2025 02:49 PM
එක ආණ්ඩුවකින් අපරාධ මර්දනය කළාම ඊළඟ ආණ්ඩුව ඇවිත් එම නිලධාරීන් පෝරකයට නොයවන විදිහ ජාතික ප්‍රතිත්ති සහ නීති සම්පාදනය විය යුතුයි යුතුයි. නැත්නම් නිලධාරීන් බයයි රාජකාරි කරන්න. මේ ආණ්ඩුව කරන දේවල් පේනවනෙ
Kawindu Tuesday, 18 March 2025 02:59 PM
හොඳටම සැර කරන්න වගේ යන්නේ. මේසෙටත් ගහයිද දන්නේ නෑ!
හසක Tuesday, 18 March 2025 03:59 PM
රම්බොඩ ඒ කතාව ඇත්ත! රවීට, ශානිට, නිශාන්තට වගේ නේද ...!! ඩග්ලස් නිමල් මතකද? එතකොට සරත් ෆොන්සේකා? දැන් කතාවෙන රෝහිත ප්‍රියදර්ශන?
අපිට තාම අමතක නෑTuesday, 18 March 2025 11:00 PM
ශානි නම් රංජා කියන පහත් දේශපාලුවා එක්ක විනිසුරුවරියන්ට බලපෑම් කරලා, වලං හෝදන්න ගිහින් කියපු කතා තාම රෙකෝඩින් තියෙනවා. රවී නම් පාස්කු ප්‍රහාර පිලිබඳ බුද්ධි වාර්ථා බලන්නෙ නැතුව ලියුම මේසෙ උඩ තියාගෙන ඉඳලා 300ක් මරු කටට යැව්වා