(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වු අතර වියට්නාමයේ සහාය ඇතිව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍ර පිළිබඳව සහ ආයෝජන ප්‍රවර්ධනයට අදාළව වියට්නාමය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීමට සූදානම් බවද මෙහිදී තානාපතිවරිය සඳහන් කළාය.
එසේම වියට්නාමය රටක් ලෙස ලබා ඇති ජයග්‍රහණ ශ්‍රී ලංකාව තුළ ඵලදායීව යොදා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.
වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී ලී වෑන් හොංග් (Le Van Huong), තානාපතිවරියගේ ලේකම් රම්‍යා නිලංගනී යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පෙබරවාරි මස 24 වැන දින සිට ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු මැද,නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වය වැඩි වීමක් බලා පොරො
කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්ද
ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වි
කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.
ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේද
වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස්
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ජනපති ලේකම්- වියට්නාම තානාපතී හමුවක්