(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව දැඩි පහසුතාවට පත්කරමින් පුද්ගලයන් 20 ක පමණ පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට කිසිඳු බාධාවකින් තොරව හැසිරෙමින් වංචාකාරී ක්‍රියාවල නිරතවන ආකාරය දැකගත හැකිය.
මෝටර් රථ සම්බන්ධයෙන් සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ට විවිධ සේවා සැපයීමට එම පුද්ගලයන් ඉදිරිපත් වන අතර එම සේවා අතර වංචාකාරී ක්‍රියා රැසක් දැකිය හැකිය.
වාහන ලියාපදිංචිය සඳහා වන පෝරමය සම්පූර්ණ කිරීමේ සිට සාමදාන විනිශ්චකාරවරුන්ගේ නිල මුද්‍රාව තබා ඡායාරූප සහතික කිරීම ඇතුළු විවිධ සේවා සැපයීමට කිසිඳු බියක් නොමැතිව ඔවුහූ ඉදිරිපත්ව සිටිති.
මෙම වංචාසහගත ලියවිලි ඉදිරිපත් කළ පසු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් සහතික නිකුත් කිරීම වඩාත් භයානක තත්වය බවට පත්ව තිබේ.
එම පුද්ගලයන්ගේ වැඩි සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් බව බැලූ බැල්මට කිවහැකි අතර සේවා ලබාගැනීමට එන කාන්තාවන්ට යතුරුපැදියෙන් බැසීමටත් අවස්ථාව නොදී දැළට හසුකර ගනිති.
වාහන ගාල්කිරීමේ නිරත සිටින කාන්තාවක් ද ඒ මුවාවෙන් එහි රැදෙමින් වංචාකාරී ලේඛණ ලබාදී මුදල් ලබාගන්නා ආකාරය දැකිය හැකි අතර එම පුද්ගලයන් අතර ආබාධිත පුද්ගලයන් කීපදෙනෙක් ද සිටිති.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස් ඒකකයක් ද තිබෙන අතර මෙම වංචාකාරී සිදුවීම් වන ස්ථානයේ සිට නාරාහේන්පිට පොලිසියට මීටර 100 ක පමණ දුරක් තිබේ.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති අණින් නතර වූ ආර්.එම්.වී කාක්කෝ යළි රජ කරති
Hafeel Monday, 29 November 2021 12:33 PM
බලයට ආපු ගමන් වත්මන් ජනාධිපතිපතිත් මෙතන්ට ගිහින් ලොකු සංදර්ශන පෙන්නුවා. මේ ආණ්ඩුවේ වැඩ සේරම සෝඩ බෝතල වගේ. එදා ගුවන් තොටුපොළටත් කඩා ගන ගියා. නමුත් තාම ශ්‍රී ලංකන් ගුවන් සමාගම දුවන්නේ පාඩු ලබමින්. වැඩක් නැහැ. බොරු සෝබන තමයි.
පැරකුම්Monday, 29 November 2021 01:20 PM
මෙයාට හමුදා පාලනය කෙසේවෙතත් රාජ්‍ය පාලනය නම් බැරි බව දැන් හොඳටම පැහැදිලියි. ඒ පිළිබඳ පාඨමාලාවක් හදාරන්න යවමුද? නැත්නම් ආපහු ඇමෙරිකාවටම යවමුද?
Hafeel Monday, 29 November 2021 01:55 PM
ඇමරිකානු ජනතාව දැන් හිතනවා ඇති මේ රටේ ඡන්ද දායකයින්ගේ බුද්ධිය පිළිබඳව...
පිටිගල මිලානෝ Monday, 29 November 2021 12:38 PM
ආයෙත් පාරක් ස' ව අරිමු ආර් එම් වී එක සුද්ද කරන්න සිoහ ලීලාවෙන්.....
හසන්ති Monday, 29 November 2021 12:54 PM
ඥාණක්කාට කියලා ගුරුකමක්වත් කරලා මේ ජාවාරම් කාරයින් එළවමුද..?
දාස Monday, 29 November 2021 12:56 PM
සර්ගේ හැම වැඩක්ම ඔහොම තමයි.. ෆොන්සේකා මහත්තයා නැතිව මෙයා යුද්ධ කලා නම් තාමත් යුද්දෙ යනවා. එහමත් නැත්නම් ප්‍රභාකරන්ට රටේ භාගයක් ගිහිල්ලා...
Hafeel Monday, 29 November 2021 01:50 PM
එ්ක තමයි මමත් කියන්නේ. එදා යුද්ධය කළා කියලා පොත් ලිව්ව කෙනාට දැන් වමනය යනවා ඇති...
Shan Monday, 29 November 2021 01:06 PM
එයා කොහොමත් රිවස් ජනපතිනේ...?
kamal Monday, 29 November 2021 01:13 PM
සසර වසනතුරු... නිවන් දකින තුරු...
Sunil Monday, 29 November 2021 02:02 PM
ඒකත් රිවර්ස්...!
ravin Monday, 29 November 2021 02:06 PM
දන්නේ නැද්ද උස් තැනින් පහළට වතුර ගලන විත්තිය? බොහොම ඉස්සර නම් ලංකාවේ හිටියේ යෝධයින් වගේ මිනිස්සු ... අවුරුදු ගාණක් පවතින නිර්මාණය කරපු රජවරු.. දැන් රජත් බලු.. වැඩත් බලු..
කරුණාරත්න Monday, 29 November 2021 02:25 PM
මෙහෙම වෙන්න හේතු මොනවද කියලා කවුරුවත් බලන්නේවත්, හිතන්නේවත් නැහැ. ඇත්තටම වාහනයක් ලියාපදිංචි කිරීමට හෝ මාරුවක් කරනවිට තියෙන අයදුම්පත් සම්පූර්ණ කිරීමට දන්නා කෙනෙකුටවත් ඉතාම අමාරුයි. සේවා සැපයීමේදී පහසුවට කළයුතු වුණත් මෙහි එවැන්නක් දකින්නට නැහැ.. එහෙම ප්‍රශ්න තවත් කොපමණ ඇද්ද? පෙර කාලේ ආදායම් බලපත්‍රය ගන්නත් ආකෘතියක් තිබුණා.. දැනට එය අහෝසි කළා වගේ මේවත් පහසු කරන්න මෙහි වංචා අනන්ත තියෙනවා. එකක් කියන්නම් එක් යතුරු පැදියක්.., අයිතිකරු මියගියා... ඔහුගේ බිරිඳගේ මල්ලි එය ගෙනගියා. පසුව ඔහුගේ නමට හරවාගෙන තියෙන්නේ හොරකම් කළ වාහනයක් ලෙසට රක්ෂණ ආයතනයක් උදව් කරගෙන...
wicky Monday, 29 November 2021 02:39 PM
මේකයි ඉතින්. ඔතන ඉන්න නිලධාරීන්ගේ ඉඳලා හොරාට වැඩ කරනකොට, ඕවා නතර කරන්න ජනාධිපතිට විතරක් බැහැ. පොලීසිය, එතකොට ඔතන ඉන්න ආරක්ෂක නිලධාරියාගේ ඉඳලා ඕවාට සම්බන්ධයි...
සුරලොව ඇල්මන්Monday, 29 November 2021 04:46 PM
විකී කියන්නේ සහතිකම ඇත්ත, මෙහි සෑමදෙනාම හවසට ගෙදර යන්නේ අතට මුදලක් සොයාගෙන... රාජ්‍ය සේවකයින් සඳහා මෙම දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු කීපයක් ඉතා ප්‍රියමනාප දෙපාර්තමේන්තු ලෙස සලකන්නේ නිකම්ම නොවෙයි... මේ තත්වය නිසා කියන්න පුළුවන්...!!!
Bunny Preena Monday, 29 November 2021 02:45 PM
ගැසට් එකවත් නිකුත් වුණාවත්ද?
ජගත් ලියනගේ Monday, 29 November 2021 04:15 PM
"එක රටක් , එක නීතියක්" නේ තියෙන්නේ...
Eranga Monday, 29 November 2021 05:56 PM
කාක්කෙක්වත් එළවා ගන්න බැරි කෙනෙක් ජනාධිපතිවරයා බවට පත්කරගෙන දියසේන කුමාරයා තමයි කියලා බලන් ඉන්න 69 ලක්ෂයේ ජනතාව පව්..!
හසන්තීMonday, 29 November 2021 06:45 PM
හා...හා.. සක්වල ගල ප්‍රකම්පිත කරගෙන ආවේ..!!!
Demuni Uduwara Monday, 29 November 2021 06:24 PM
කෙටියෙන් කිව්වොත් ශ්‍රී ලංකාව කියන්නේ නීතියක් නැති, පාලනයක් නැති රටක්...
ගමේ එකාලාTuesday, 30 November 2021 03:26 PM
ඔක්කෝටම හරියන්න පවුල් පාලනයක් (සහෝදර සමාගමක්) රජ කරන ලෝකේ නම් දරාපු එකම රටත් ලංකාව...
ana Monday, 29 November 2021 09:01 PM
රටේ හැම තැනම ගිහින් වැරදි නිවැරදි කරන්න බැහැ. එයා කරන්න ඕන ඒ සඳහා යාන්ත්‍රණයක් සෑදීමයි.
samayan Monday, 29 November 2021 09:35 PM
ජනාධිපති වෙච්ච ගමන් කරපු මාධ්‍ය සංදර්ශන වලට මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ.
Prabha Monday, 29 November 2021 09:49 PM
2015 ලංකාවට ආපු වෙලාවේ වේරහැරෙන් ලංකාවේ බලපත්‍රය අලුත් කර ගන්න ගිහින් දවස් දෙකක් රස්තියාදු වුනා. මොකද මම පගාව දෙන්න විරුද්ධ වුන නිසා,
විපරමා Monday, 29 November 2021 10:03 PM
වැඩිහරියක් ඉන්නේ ජරාව කන අය. ගෑනු කියලා වෙනසක් නැහැ. මෝටර් රත පරික්ෂකවරු ඊට හපන්..
Kamal Tuesday, 30 November 2021 12:09 AM
ෆෝම් එකක් පුරවන්න බුද්ධියක් නැත්නම් කොහොමද වාහනයක් එලවන්නේ
Mahinda Radapaksa Tuesday, 30 November 2021 04:17 AM
කොමසාරිස්වරයා වගකීමෙන් යුතුව කරුණු සොයා බැලිය යුතුයි.
perera Tuesday, 30 November 2021 06:38 AM
හාල් කඩවලට ගියා හාල් මෝල් වැටලුවා හාල් අඩු වුණාද? ඒ වගේ තමයි මෙයාට රටක් පාලනය කරන හැටි තේරෙන්නේ නැහැ. ජනපතියෙක් ඉන්නේ ප්‍රතිපත්ති හදන්න. නියෝග දෙන්න. නැතිව බොරුවට මිනිසුන්ට පේන්න කඩවලට පැනලා, ආයතන වලට පැනලා බොරු තර්ජනයක් දාලා විහිලු කරන්න නෙමෙයි. ලංකාවේ හැමදේම අනාගන්නනේ තියෙන්නේ....
Perera Wednesday, 01 December 2021 01:01 AM
කෝ ප්‍රවාහන ඇමති