
(අංජුල මහික වීරරත්න)
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වේ.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping) මහතා, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට නියමිතය.
එසේම, මෙම චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද සැලසුම් කර තිබේ.
මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යොදා ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වීම ද විශේෂත්වයකි.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති අද චීනයට
Sarath Monday, 13 January 2025 12:39 PM
මූත් දිගට හරහාට යනවනේ බන් සංචාර නේද? අපි හිතුවේ නෑ නේ යකෝ, ඔහොම යයි කියලා? ගෝත්‍රික ගතිය ටිකක් අඩු වෙලා පොෂ් වෙලා වගේ දැන්. මාලිමාවේ JVP උන්ගේ තිබ්බ කොරපොතු ටික ටික ගැලවෙලා යනවා වගේ. ආණ්ඩු බලය ආවම නේද ?හා හා ගිහින් වරෙන්කෝ. අපි පටන් ගන්න බලාගෙන ඉන්නේ ගෝටා Part 2!"
MaheshMonday, 13 January 2025 05:39 PM
සරත්, ඔබ ශ්‍රි ලාංකිකයකු බව ඔබගේ කතාවෙන් පැහැදිලිවම පෙනේ.මේතාක් කල් දේසපාලුවන් රට හූරාගෙන කා රට බංකොලොත් කරන තුරු මන්දබුද්ධිකයන් සේ හැසිරුණු ඔබ දැං කිසිම හේතුවක් නැතිව අනුර කුමාර දිසානායක ජනාධිපති වරයාට අපහාස කිරීමට අසාර්ථක උත්සාහයක නිරතව සිටී.මේ ඔබලා වැනි වහලුන්ගේ අවසානය බව තේරුම් ගන්න.කරුනණාකර දැන්වත් මව් බිමට ආදරය කරන්න.වහල්භාවයෙන් මිදෙන්න.
ලසා Monday, 13 January 2025 01:44 PM
සරත් හිතන්නේ අරගලය කලේ කවුරුන් කියල ද. ඔයා වගේ වුන් ඇදන් යට හිටියේ ඒ කාලේ . හරි විපක්ෂයක් නැති හිටපු වුන් කාපු මේ රට විනාශයට ආයෙත් ගන්න මේ රටේ බහුතරයක් කැමති නෑ .ඒ නිසා ගෝටා part2 හීන බලලා චූන් වෙන්න අවුරුදු 5 ක්ම.
PRASANNA Monday, 13 January 2025 02:31 PM
රෙදි ඇදගෙනද යන්නේ පුළුවන් තරම් බැනලා
Sham Monday, 13 January 2025 03:18 PM
චීනෙට යනවා... අම්මෝ මාරයිනේ... මාර ලොකු වැඩක්නෙ. එන්න අපි කවි ලියමු... නූගත් ජෙබයියෝ."
Govonda Tuesday, 14 January 2025 08:37 AM
රැවටුනා නෙමෙයි මම විස්වාස කලා