IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජනපති ඉරානයට ශෝකය පළ කරයි

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, "X" ගිණුමෙහි සටහනක් තබමින් මෙලෙස සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

"ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇත. අඅභාවයට පත් වූවන්ගේ පවුල්වලට, රජයට සහ ඉරාන ජනතාවට මගේ බලවත් සංවේගය සහ අවංක ශෝකය ප්‍රකාශ කරමි. ජනාධිපති රයිසිගේ සහ ඔහුගේ දූත පිරිසගේ පවුල්වලට අපගේ සිතුවිලි සහ යාඥාවන් සිදු කරන්නෙමු."



අදහස් (11)

ජනපති ඉරානයට ශෝකය පළ කරයි

PATTA hora Monday, 20 May 2024 03:38 PM

එහෙදී මුන ගැහිලාම ඔය ටික කියන්න හැකි වේවා! හැබැයි අපිව ගාවන්න එපා, හොදේ...

:       62       19

Aravinda Monarawila Monday, 20 May 2024 03:50 PM

අපිත් බලාගෙන ඉන්නවා අපේ රටටත් ඔය වගේ ශෝක පණිවුඩ ලෝකයේ හැම රටකින්ම ලැබෙන දවස උදා වෙනතුරු...

:       60       20

පිටරටවැසියා Monday, 20 May 2024 04:43 PM

අර කිව්වත් වාගෙ එලොවදී මුණ ගැහිලම ඔයටික කිව්වානම් නේද වඩාත් හොඳ? මොකද ඊබ්‍රාහිම් රයිසි හිටපු ජනාධිපතිට "X" ගිණුමක් නැහැනෙ ...

:       26       0

chandana Monday, 20 May 2024 05:58 PM

ඒ කියන්නේ අපට බෞද්ධයා වගේ පෙන්නුවට මෙයා මුස්ලිම් භක්තිකයෙක් නේද ?තම්බි මුදියන්සේලාගේ පරම්පරාවෙනේ ?

:       20       0

Nandalal DE SILVA - France Monday, 20 May 2024 06:54 PM

රනිල් කරේ අනවශ්‍ය ශෝඛ ප්‍රකාශයක්.උන් ගහ මරා ගත්තම අපට තියන රුදාව මොකද්ද ?උන් අපේ මචා ලා නෙමෙයිනේ .රනිල් ට ගෙදර ඕන තරම් වැඩ තියනවා නේද ?

:       17       1

Jayamanna Monday, 20 May 2024 07:14 PM

රනිල් එක්ක බලනකොට ලංකාවේ ගෝත්‍රික මිනිස්සුන්ව නියිජනය කරනවා කියන්නෙත් ලොකු දෙයක් .ඒ තරම් පාහර මිනිස්සු ඉන්නේ ,NPP එකේ

:       0       19

බද්රානි Monday, 20 May 2024 07:36 PM

මොනවා වුණත් ලෝක නායකයින්ගේ අවමගුල් උත්සවවල අඬන්න නම් ලංකාවේ නායකයින්ට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා... ඡන්ද වලට හලන කෙළ, කඳුළු මෙන් පිටවෙනවා... කුලියට හඬලා රාජ්‍ය ආදායම වැඩිකර ගන්න ක්‍රමයක් තියනවාද මන්දා...?

:       0       0

3% Monday, 20 May 2024 09:42 PM

ඔය තියෙන්නෙ පසුගාමී 3% අදහසක්.

:       0       17

Nandalal DE SILVA - France Monday, 20 May 2024 11:05 PM

රනිල්ගේ පින්තුරේ තියන දුක දැක්කාම... කිලෝමීටර් දහස් ගණනක් දුර මැරිලා අගුරු වෙලා තියෙන්නේ තමන්ගේ පවුලේ කෙනෙක්ද කියලාත් හිතෙනවා

:       19       1

K Perera Tuesday, 21 May 2024 12:17 AM

මේ ශෝකය පලකෙරුවේ ශ්‍රීලංකාව ඇතුළු තව රටවල් කීයද ?අරාබි රටකවත් තවම ශෝඛය පළකර නැහැ.ඔබට උපදේශ ගන්න හරිහමන් කෙනෙක් නැතිද ?

:       16       1

Vithana Tuesday, 21 May 2024 06:22 AM

දුෂ්කර අවස්ථාවලදී අපට උදව් කළ රටක් වෙනුවෙන්, නායකයෙක් වෙනුවෙන් මේ කළ දේ ඉතා වටිනවා. ඒත් ඇමරිකන් ඒජන්තලා මේකට අනිවාර්යෙන් විරුද්ධ වෙයි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය. එයාලා ඉතින් ඇමරිකන් කීමට ඉරාන ආධාර වලින් හදපු උමා ඔය ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කටයුතු කල අයනේ.

:       0       26

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1788 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 15 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1115 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1669 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1163 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 623 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site