(අංජුල මහික වීරරත්න)
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ කාදිනල් තුමන් මේ බව කීය.
බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා අගරදගුරු තුමන් බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
මෙහිදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ මෙසේද කීහ.
ශ්‍රී ලංකාවේ වැඩිම ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපති ධූරයට පත් අනුර කුමාර දිසානායක මහතාට මම සුබ පතනවා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍යම වෙනසක් ඇති කිරීමේ භාරදූර වගකීම එතුමාගේ කර මතට රටේ ජනතාව විසින් පවරා තිබෙනවා. මෙය භාරදූර හා දූෂ්කර කටයුත්තක් විය හැකියි. අප එතුමාට අපේ සම්පූර්ණ සහයෝගයත්, ආශිර්වාදයත් ඒ සඳහා ලබාදෙන බවට ප්‍රතිඥා දෙනවා. විශේෂයෙන් මෙරට දිළිදු ජනතාව පිළිබඳ නිතරම සිතමින් ඔබතුමාගේ කටයුතු ඉදිරියට කරගෙන යන ලෙස මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාදිනල් තුමන් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සහ එහි සත්‍ය හෙළිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීමට උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට ජනපති තමන්ට සහතික වූ බවයි. මැක්ස්වෙල් සිල්වා කොළඹ සහායක රදගුරු, ජේ.ඩී. ඇන්තනී රදගුරු, ඇන්ටන් රංජිත් පියතුමන්, කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා, කොළඹ අගරදගුරු පදවියේ පරිපාලක, කාදිනල් තුමන්ගේ පරිපාලක ලේකම් ජොශප් ඉන්දික පියතුමා, අගරදගුරු පදවි භාණ්ඩාගාරික ජූඩ් සමන්ත ප්‍රනාන්දු පියතුමා ඇතුළු පියතුමන්ලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ද ගොස් මවුලවිතුමන්ලාගේ ආශිර්වාදය ද ලබා ගත්තේය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති කාදිනල් තුමන් බැහැදකී
Upali Tuesday, 24 September 2024 09:00 AM
❤️❤️
යෝගා Tuesday, 24 September 2024 09:41 AM
එක වල්ලේ පොල්
Asanga thiththagalla gamage Tuesday, 24 September 2024 09:50 AM
දැන් ආයෙත් පාස්කුව ගැන කතා කරයි කාදිනල්