IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බව ජනාධිපති කාර්යාලය පවසයි.

එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ කඩ නොමැති නිසා මිස එම වාහන ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බවද ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  පත්වීමත් සමඟ පසුගිය දින කිහිපයේ කළ දැනුම් දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාර දුන් රථ වාහන 107 ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර තිබේ.



අදහස් (4)

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට

අලුත් ආතල් Monday, 30 September 2024 03:33 PM

රජයේ කාර්‍යාල සතු ධාවනයේ පවතින වාහන සංඛ්‍යාව 77,667 කි. රූපවාහිනියේ පෙන්නපු විදියට මම හිතුවා මෙතන වාහන 1000 ක් විතර ඇති කියලා. ඔය ජනාධිපති කාර්‍යාලයම කියන්නේ වාහන 107 යි තිබ්බෙ කියලා. ඔච්චරද රනිල්ගේ කාර්‍ය මණ්ඩලය පාවිච්චි කලේ. දැක්ක විදියට බොහෝ වාහන පරණ ලදරන් කැබ්. අර අයිසුසු කැබ් 4 ක් තිබ්බ පරණ කුනු ගොඩවල්. පොඩි ටොයෝටා ලඩියකුත් තිබ්බ. ජනාධිපති කාර්‍යාලය කිව්වට ප්‍රදර්ශනය කරන්න නෙමෙයි තිබ්බෙ කියල,

:       1       0

සිල්වා Monday, 30 September 2024 04:51 PM

නැවත තවත් පිරිසකට වාහන ලබාදීම ඊළඟට පත්වන ආණ්ඩුවකට නැවතත් සංදර්ශනයක් පැවැත්වීමට ඉඩ කඩ ලබාදීමේ ක්‍රියාවලියකි. ජනතා බදු මුදල් නැවත අවභාවිතා කිරීමක්ද සිදුවනවා...!

:       3       14

කුමාර Monday, 30 September 2024 05:35 PM

අදහසක් කියන්නම් කරන්න පුලුවන් නම්. අත්‍යාවශ්‍ය සේවා වලට ඔවැනි ඉහල වටිනාකමක් ඇති වාහන දීමෙන් පාඩුව තවත් වැඩිවේ. එකක් මේ වාහන වල පාවිච්චිය තවත් ඉහල යයි. ත්‍රීවිල් එකේ කල වැඩේට ජීප් එකක් දිව්වහම දැනට පවතින රාජ්‍ය වියදම තවත් වැඩිවේ. ඔය වාහන වල අමතර කොටස් ඉතා ගනන්. ඒ අදහස වෙනුවට අදාල ආයතනයට මෙම වාහනය විකිනීමට හෝ දිගු කාලීන කල්බදු දීමට අවසර ලබා දෙන්න එකඟතාවයක් මත. ඒ තමා වසර දහයකට වඩා අඩු කුඩා වාහනයක් ඒ වෙනුවට මිලදී ගැනීමට. මෙම කාර්යයෙන් පසු ඉතිරි මුදල් වේ නම් ඒ සඳහාද ක්‍රමයක් සකසන්න. කලබල වෙලා මේ වගේ දේවල් දවසෙන් දෙකෙන් විසඳීමට යාමෙන් වැඩේ තවත් අවුල් විය හැක. හිතවත්කමට මෙය කියන්නේ.

:       0       0

Prabha Monday, 30 September 2024 06:42 PM

ලීටරයට කිලෝ මීටර් 4-5 දුවන වාහන නඩත්තුවට එම ආයතන වලට මුදල් තියේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2665 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 761 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1256 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1072 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 765 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2268 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site