IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනපති ගෝඨාභය මුද්‍රාව සහතික කරයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව සිටි සමගි ජනබලවේගයේ නායකයින් අන්දමන්ද කළ පණිවුඩයක් පසුගිය සදුදා, හමුව පැවැත්වීමට පැය කිහිපයකට පෙර, ඔවුන් වෙත ලැබිණ.

ජනපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ සහයකයෙක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාල සහයකයකු අමතමින්, ප්‍රේමදාස මහතා කැටුව පැමිණීමට සිටි දූතයින් තිදෙනෙකුට එම හමුවට සහභාගීවීමට අවසර නොමැති බව දැනුම් දුන්නේය. එයින් දෙදෙනෙක් හිටපු අමාත්‍යවරුන් වූ පාඨළී චම්පික රණවක සහ රිෂාඞ් බදුර්දීන් වූහ.

රණවක ජාතික හෙළ උරුමයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරන අතර බදුර්දීන් සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායකයා වේ. තෙවැනියා වූයේ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතාය. හෙතෙම සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ පොරොත්තුවෙන් සිටින්නෙකි.

මේ හමුවේ හදිසි රැස්වීමක් කැදවූ සමගි ජනබලවේගයේ නායකයෝ සිදුකළ යුතුව තිබෙන දේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. ඒ අනුව ඔවුන්ගේ නායක සජිත් ප්‍රේමදාස සහ බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු ජනපතිවරයා හමුවිය යුතු බවට ඔවුහු තීරණය කළහ. ජනපතිවරයා තමා හමුවීමට අවස්ථාව ලබාදී තිබෙන්නේ ඔවුන් කළ ඉල්ලීම නිසා බව සමගි ජනබලවේගයේ නායකයෝ අවධානයට ගත් අතර, එනිසාවෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පනවා තිබෙන ඇදිරි නීතිය සමග මතුව තිබෙන ගැටළු, කෝවිඞ්-19ට එරෙහිව කරන සටන සහ පාර්ලිමේන්තු මැතිවරණය, යන කාරණා සම්බන්ධයෙන් ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට මෙය හොදම අවස්ථාවක් බවට ඔවුහු එකග වූහ.

සිය නිලධාරී මණ්ඩලය සමග අදහස් දැක්වූ ජනපති ගෝඨාභය මහතා ඉහත කී තිදෙන හමුවට සහභාගී කරගැනීමෙන් වැළකීමට තමා තීරණය කළේ ඇයිදැයි පැහැදිලි කළේය. හිටපු අමාත්‍යවරුන් වන රණවකට සහ බදුර්දීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙමින් තිබෙන බවත් ඔවුන් දෙදෙනම දැනට ඇප මත නිදහස් කර සිටින්නවුන් බවත් පෙන්වාදුන් ජනපතිවරයා ...

“මම ඒ අයව මුණගැහුනොත් මම වැරදි පණිවිඩයක් දුන්නා වෙනවා. එහෙම කළොත්, අනෙක් අයත් මම වගේම කටයුතු කරන්න ගනීවි” යැයි පැවසුවේ ය.

සුරේන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ ඔහු මෙම හමුවේ දී තමා නෛතික කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදහස් නොකරන බව කීවේය. පාර්ලිමේන්තු මැතිවරණය සහ වෙනත් කාරණාවලට අදාළ ව්‍යවස්ථාමය ගැටළු මෙම හමුවේදී මතු කැරෙනු ඇතැයි ජනපතිවරයා කල්තියාම හදුනාගෙන සිටි බවක් පෙනිණ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටි හමුවේ ආරම්භක කොටස සජිත් ප්‍රේමදාස මහතා යොදාගත්තේ කෝවිඞ්-19 වසංගතය හා සම්බන්ධ ගැටලු ගෙනහැර දැක්වීමටය. මාරාන්තික කෝවිඞ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වුනු මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අතරින් පතර සජිත් ප්‍රේමදාස මතුකළ ගැටලුවලට ප්‍රතිචාර දැක්වූයේය. ඩලස් අලහප්පෙරුම සහ දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපතිවරයාගේ විශේෂ දූත බැසිල් රාජපක්ෂ මහතා පැහැදිලි කිරීමක් සිදුකරමින් රටේ විවිධ ප්‍රදේශවලට ආහාර බෙදාහැරෙමින් පවතින ආකාරය පෙන්වා දුන්නේය. ඔහු එවැනි පැහැදිලි කිරීමක් සිදුකළේ නිශ්පාදකයන් සහ පාරිභෝගිකයන් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති බවට ප්‍රේමදාස මහතා පවසා සිටීමෙන් අනතුරුවය.

මෙම බෙදාහැරීමේ යාන්ත්‍රණය සදහා බිම් මට්ටමේ (ග්‍රාම සේවක නිලධාරීන් ද ඇතුලුව) දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ඔවුන්ගේ සහයක නිලධාරීන් සම්බන්ධ කරගෙන තිබේ. ව්‍යසනය අවසානයේ නැවත සාමාන්‍ය තත්ත්වයට රට පත්කිරීම සදහා අනුගමනය කළ යුතු පිටවුම් ක්‍රමවේදයක් සකස් කළ යුතුව තිබෙන බවට යෝජනාවක් ඉදිරිපත් විය.

රටේ ඖෂධ හිගයක් පවතින බවට ද කෝවිඞ්-19 ආසාදිතයන් හදුනාගැනීම සදහා ප්‍රමාණවත් තරම් පරීක්ෂණයන් සිදුනොවන බවට ද සමගි ජනබලවේගයේ දෙදෙනා චෝදනා කළහ. නමුත් වෛරසය පැතිරීම මර්දනය කිරීමේ ව්‍යායාමයේ නියැලී සිටින වෛද්‍ය වෘත්තිකයෝ එම චෝදනා බැහැර කළහ.

අපේක්ෂා කැරුණු පරිදිම හමුවේ අවධානය අනතුරුව යොමුවූයේ පාර්ලිමේන්තු මැතිවරණයටය. මැතිවරණ කොමිසම ජනපතිවරයා වෙත යවන ලද ලිපි දෙක පිළිබදව පසුගිය සතියේ මෙම තීරුවෙන් වාර්තා කැරිණ. පවතින පසුබිම සම්බන්ධයෙන් වඩා හොද අවබෝධයක් ලබාගැනීම සදහා එම ලිපි දෙක පහත දක්වා තිබේ.

 

2020 මාර්තු 31,

ආචාර්ය පී.බී.ජයසුන්දර,

ජනපති ලේකම්,

 

පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය සහ නව පාර්ලිමේන්තුව කැඳවීම

 

1. 2020 මාර්තු මස 2 වැනිදා අතිගරු ජනපතිවරයා විසින් නිකුත් කරන ලද 2165/8 අංක දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, පාර්ලිමේන්තුවට සාමාජිකයන් තෝරාගැනීම සදහා වන ඡන්ද විමසීම නැතහොත් පාර්ලිමේන්තු මැතිවරණය 2020 අප්‍රේල් මස 25 වැනිදාට පැවැත්වීමටත් නියමිත වූ අතර නව පාර්ලිමේන්තුව කැඳවෙන දිනය ලෙස සදහන් වූයේ 2020 මැයි මස 14 වැනිදාය.

2. කෙසේවුවත් කෝවිඞ්-19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගත් මැතිවරණ කොමිසම අප්‍රේල් මස 25 වැනිදා මැතිවරණය පැවැත්විය නොහැකි බවත් එය පැවැත්විය හැක්කේ මැයි මස 14 වැනිදායින් පසුව යෙදෙන දිනයක බවටත් නිවේදනය කර ඇත.

3. මෙම තත්ත්වය යටතේ, ජනපතිවරයා ගැසට් නිවේදනයක් හරහා, නව පාර්ලිමේන්තුව කැඳවෙන නව දිනය ප්‍රකාශයට පත්කළ යුතුමය. ව්‍යවස්ථාවේ සම්පාදනයන්ට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරි දිනයේ සිට මාස 3කට නොවැඩි කාලයක් ඇතුළත නව පාර්ලිමේන්තුව කැදවිය යුතු වේ. ඒ අනුව 2020 ජූනි 1 වැනිදා නව පාර්ලිමේන්තුව කැඳවිය යුතුය.

4. 2020 ජූනි 1 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීම සදහා මැයි මස 27 හෝ 28 යන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුය. එසේ මැතිවරණය පැවැත්වීම සදහා සූදානම් වීම අප්‍රේල් 20 වැනිදා සිටවත් ආරම්භ විය යුතුය. එසේ කිරීමට නම්, මෙම දිනය වන විට රටේ පවතින කෝවිඞ්-19 වසංගත තත්ත්වය නොසළකා හැර සිටිය හැකි තත්ත්වයකට පත්ව තිබිය යුතුය. මැතිවරණ කොමිසමට, වෙනත් රජයේ නිලධාරීන්ට සහ දේශපාලන ක්‍රියාකාරීන්ට, ඔවුන්ගේ කටයුතු බාධාවකින් හෝ බියකින් තොරව දියත් කිරීමට අවස්ථාව සැළසෙන්නේ එවිටය.

5. අද දින විට පවත්නා තත්ත්වය අනුව, 2020 අප්‍රේල් මස 20 වැනිදා වන විට එවැනි තත්ත්වයක් රටේ ඇතිවීම උගහට බව බොහෝ දෙනාගේ මතයයි.

6. ඒ අනුව, පවත්නා තත්ත්වය සම්පූර්ණයෙන්ම යහපත් මට්ටමකට පත් නොවුනහොත්, මැයි මස අවසානය වන විට මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොතිබෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 2020 ජූනි මස 2 වැනිදා වන විට පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි තත්ත්වයක, ව්‍යවස්ථා අර්බුදයක් පැනනැගිය හැකි බව මැතිවරණ කොමිසමේ අවධානයට ලක්ව තිබේ.

7. කරුණාකර මේ සම්බන්ධයෙන් අප්‍රමාදව ජනපතිවරයාගේ අවධානය යොමුකිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන්ද මේ කාරණයම සම්බන්ධයෙන් නීතිපති ජනරාල්වරයාගේ උපදෙස් ලබාගන්නා මෙන්ද ඉල්ලා සිටිමි.

 

මහින්ද දේශප්‍රිය.

සභාපති, මැතිවරණ කොමිසම

මැතිවරණ කොමිසම වෙනුවට

 

01.04.2020

කඩිනම් අවධානයට,

 

ආචාර්ය පී.බී.ජයසුන්දර

ජනපති ලේකම්

පාර්ලිමේන්තු මැතිවරණය සහ පාර්ලිමේන්තුව කැදවන දිනය

 

1.31.03.2020 දාතමින් යුත් ලිපිය හා බැදේ

2. පසුගිය පැය 24ක කාලය ඇතුළත කෝවිඞ්-19 ආසාදිතයන්ගේ ප්‍රමාණයේ ඉහළ යාම සහ වසංගත රෝග විශේෂඥයින්ගේ උපදෙස් සැළකිල්ලට ගැනීමේ දී අප්‍රේල් මාසය ඇතුළත වෛරසයේ පැතිරීම පාලනය කිරීමට හැකියාවක් නොමැති බව පැහැදිලිය.

3. ඒ අනුව මැයි මස අවසන් සතියේ හෝ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකිය. මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් මාස 3කට පසුව නව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි බව 01.04.2020 දින රැස්වූ මැතිවරණ කොමිසමේ අවධානයට ලක්විය.

4. ගැටලුව විසඳාගැනීම සදහා ජනපතිවරයා අප්‍රමාදව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මාර්ගෝපදේශනයක් ලබාගැනීම සුදුසු බව මැතිවරණ කොමිසමේ මතයයි.

05. මෙය කඩිනමින් ජනපතිවරයා වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

 

අත්සන් කළේ - මහින්ද දේශප්‍රිය

සභාපති

මැතිවරණ කොමිසම

 

(මැතිවරණ කොමිසම වෙනුවට)

 

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙන - සභාපති මහින්ද දේශප්‍රිය, සාමාජික - එන්.අබේසේකර, සාමාජික - එච්.හූල්, මාර්තු 21 වැනිදා ඒකාබද්ධ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එය 1981, අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ, 24(3) වගන්තිය ප්‍රකාරව නිකුත් කැරුණු නියෝගයක් විය.

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(1) වගන්තිය ප්‍රකාරව, දක්වා ඇති සියලුම මැතිවරණ දිස්ත්‍රික්ක ආවරණය කරමින් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සදහා වන මැතිවරණ සදහා වන ඡන්ද 2020 අප්‍රේල් මස 25 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා බාර ගැනෙන බව 2020 මාර්තු මස 20 වැනිදා නිකුත් කැරුණු 2167/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කළේය.

කෙසේවුවත්, 1981 අංක01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිසම වෙත හිමිව ඇති බලතල යටතේ පහත දැක්වෙන මැතිවරණ දිස්ත්‍රික්කවල මැතිවරණය සදහා ඡන්ද විමසීම 2020 අප්‍රේල් මස 25 වැනිදා සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම මෙයින් නිවේදනය කර සිටී.(2) 2020 අප්‍රේල් මස 30 වන දිනයෙන් දින 14කට පසුව යෙදෙන දිනයක්, පාර්ලිමේන්තුවට සාමාජිකයන් තෝරාගැනීම සදහා වන මැතිවරණය වෙනුවෙන් ඡන්ද විමසීම සිදුකෙරන දිනය ලෙස යොදාගන්නා බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් නිවේදනය කර සිටී.

ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය ජූනි මාසයට හෝ ජූලි මාසයට යෙදිය හැකි බව ඉහත නියෝගයෙන් පැහැදිලිය. එය තීරණය වනු ඇත්තේ කෝවිඞ්-19 වසංගත තත්ත්වය පාලනය කර ඇතිද, නැතිද යන කාරණය මතය.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර දෙදෙනම දේශප්‍රියගේ ස්ථාවරය ගෙනහැර දක්වමින් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ගැටලු මතු කළහ. තමා මැතිවරණ කොමසාරිස්වරයාට පිළිතුරු ලිපියක් යොමුකරන බව පැහැදිලි කළ ජනපතිවරයා එසේවුවත් පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තමාගේ කිසිදු සැළසුමක් නොමැති බව අවධාරණය කළේය.

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් සිදුකිරීම හෝ නොකිරීම සම්පූර්ණයෙන්ම තමාගේ අභිමතය මත රඳා තිබෙන්නක් බවද ජනපති ගෝඨාභය මහතා පැහැදිලිව කියා සිටියේ ය.

“චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන වගේ හිටපු ජනපතිවරුන් වගේ නොවෙයි මම...මම ගෝඨාභය රාජපක්ෂ. මගේ උපදේශකයිනුත් ඔවුන් සමග සිටි අය නොවෙයි” යයි ඔහු කීවේ ය.

--------------------------------------------------

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි

පරිවර්තනය : කෝවිද ගුණසේකර



අදහස් (61)

ජනපති ගෝඨාභය මුද්‍රාව සහතික කරයි

beau Tuesday, 14 April 2020 08:02 AM

අන්දමන් කරන්න හේතුවක් මෙතන නැත. මේ හොරු දෙන්නට සංගමයට පැමිණීම ඉඩ නොදීම හරියට හරි බව අපට පැහැදිලිව පෙනෙනවා. කල දුටු කල වල ඉහගන්න හොරු දෙන්නෙක් සංගමයට රිංගා ගන්න හැදුවේ.

:       1326       1262

NishanWednesday, 15 April 2020 01:25 AM

කොහොමත් චම්පික රණවකට මුහුණ දෙන්න ආණ්ඩුවේ නායකයෝ බයයි.

:       0       0

DimuthWednesday, 15 April 2020 06:30 AM

හොරු නොහොරු එයාල ගාවත් ඉන්නවා... මෙතැන මම දකින්නේ ඒ ගොල්ලෝ අහන ප්‍රශ්නවලට සහ තර්කවලට උත්තර දෙන්න බැරිකම නිසා ඒ අයව කපලා දාලා.. එහෙයියෝ නම් 10ක් වුනත් සහභාගී කර ගනීවි...

:       200       57

vinivida Saturday, 18 April 2020 09:23 PM

පාර්ලිමේන්තු මැතිවරණය මේ වසරේ පැවැත්වුවත් ලබන වසරේ පැවැත්වුවත් කම් නැත. මේ වනවිට රජය සිටින්නේ කළු ගලක් සහ මිටිය අතර සිරවී ගෙන නිසා රජයට කැමති ආකාරයට මැතිවරණය පැවැත්විය හැකිය. රටේ ජනතවට බලපාන්නාවූ සියලු තීන්දු තීරණ ගැනීම් සිදුකරනුයේ එක පවුලක් විසින් නිසා තීරණ ගැනීමත් එතරම් අපහසු නැත.

:       3       30

Ramal Wednesday, 15 April 2020 03:40 PM

ඇමති මණ්ඩල ඇතුළේ ඉන්න විමර්ශන පැවැත්වෙමින් තිබෙන ඇප මත නිදහස් කර සිටින්නවුන් ගැන ප්‍රශ්නයක් නැද්ද?

:       80       168

Ramal Wednesday, 15 April 2020 03:40 PM

ඇමති මණ්ඩල ඇතුලේ ඉන්න විමර්ශන පැවැත්වෙමින් තිබෙන ඇප මත නිදහස් කර සිටින්නවුන් ගැන ප්‍රශ්නයක් නැද්ද?

:       58       71

ArthurThursday, 16 April 2020 07:55 AM

තව ටික දවසක් යනකොට උයන බත් මුට්ටියත් අරන් දුවන කාලයක් පැමිණේවි. ලංකාවට ඉතාමත් කරදර කාලයක් එන එක වළක්වන්න බැහැ කාටවත්...

:       136       50

Oshan Tuesday, 14 April 2020 08:19 AM

ඒකාධිපති ගමනේ හොද හොද සෙල්ලම් ඉස්සරහට දකින්න ලැබේවි.හැබයි තාමත් අපේ සිංහලයන් ආණ්ඩුවේ ගැටේට අහුවෙලා ඉන්නේ.පාලකයන්ගේ මේ අකීකරු වැඩවලට ස්වභාව ධර්මයෙන්ම පඩිසන් දෙනවා.ඒකනිසා බොහෝ ස්වභාවික විපත් රටට පැමිණෙනවා.මිනිස්සුන්ට මේ අවුරැදු 5 සැහෙන්න දුක්විදින්න වේවි.තව මාස කිහිපයකින් රට ආර්ථිකව වැටි මිනිසුන්ට රැකියාත් නැති වෙනවා.

:       1872       1188

liyanage Tuesday, 14 April 2020 04:56 PM

පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාමේ හැකියාවක් හෝ දර්ශනයක් වර්තමාන රජයට නොමැත. එකම අරමුණ මැතිවරණය දිනීම පමණක් වේ. වර්තමාන රජය 2022 ට පෙර දේශපාලනයෙන් අතුගා දැමීමට රටේ ජනතාව පෙළගැස්වීමේ ක්‍රියවලිය නුදුරේදීම සිදුවනු ඇත. රට දියුණු කළහැකි නායකත්වයක් පත්කොට ගෝලීය ආර්ථිකය සමග එක්ව ක‍්‍රියාකලහැකි දර්ශනයක් ඇති නායකයකුගේ අවශ්‍යතාව රටේ ජනතාවට දැනෙන්නට පටන් ගැනෙනු ඇත. රටේ ආර්ථිකය කලමනාකරණය කල හැක්කේ කාටද කියා ජනතව තේරුම් ගනු ඇත. ලංකාව යනු ලෝකයේ දියුණු රටවල ආර්ථිකයෙන් සහ ඔවුන්ගේ උපකාරයෙන් නඩත්තුවන රටකි. ලෝකයේ ප්‍රධාන රටවල නායකයන් ඔවුන්ගේ රටවල ආර්ථිකය යලි පණගන්වනුයේ advise on science මගිනි....

:       1730       72

janahitha Tuesday, 14 April 2020 08:17 PM

අන්තවාදීන් සමග එක්වෙලා මඩි තරකරගන්න අයට බලය ලබා දෙන්න මේ රටේ ජනතාවට උවමනාවක් නැහැ. යහපාලන නමින් හොරකම් බැංකු කොල්ල කන්නන් මිනීමරුවන් අල්ලස් ගෙන නිදහස් කරන අය මෙන්ම පවුලේ සුඛවිහරණයට තනතුරු බෙදාගන්න අගමැතියන්ද ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇත..

:       0       0

චන්දනTuesday, 14 April 2020 09:11 PM

ඔව් ඔව්, ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියලා තිබුනා මේ වසංගතය ඉටහිර රටවලට හැදුනෙත් ඔබ කියූ හේතුව නිසා කියලා. ආ තව ලෝක බැංකුව කියලා තිබුණා 1930 ගනන් වලින් පස්සේ මුළු ලෝකයම ආර්ථික පරිහානියකට ලක්වෙන්න හේතුවත් ඔබ කියූ හේතුව නිසා කියලා. තවත් ලෝකයේ සිටින හොඳම විද්‍යාඥයින් ටික කියලා තිබුණා ශ්‍රී ලංකාවේ යමපාලන පාර්ලිමේන්තුව තිබුණානම් කොරෝනා වසංගතය දින තුනකින් මුළු ලෝකයෙන්ම තුරන් කරලා ලෝක ආර්ථිකයත් එකසිය ගාණට ඉහල නංවලා ලෙඩ්ඩු සංඛ්‍යාව පෙන්නලා විදේශ ආධාර අරන් මියගිය ශිෂ්‍යයන්ට රක්ෂණ මුදලුත් දීලා ලංකාව ආර්ථික වශයෙන් ලෝකයෙන්ම අංක එකට ගේනවා කියලා. ඔබතුමාත් ඒ පරම්පරාවේ බුද්ධිමතෙක් වගෙයි.

:       0       0

Kumar (Galf)Wednesday, 15 April 2020 02:19 PM

අනේ අපිටනම් හොඳයි මේ ඒකාධිපති ගමන. මේක හොඳ නැහැ කියන්නේ සිරිකොතේ ඉඳුල් කන අපතයොයි අලියගෙ නැට්ටේ එල්ලිච්ච සීනු අපතයොයි විතරයි.

:       301       815

විපරමා Thursday, 16 April 2020 09:28 AM

පටු අදහස් තියෙන මොලේ උඩ ඉන්න අයට නම් හොදා. මේවායේ විපාක වින්දින්ට වෙන්නේ ඉස්සරහට.... අතීතයෙන් ඉගෙන ගත්තු පාඩම් අමතක වෙලා වගේ... දූෂිත දේසපාලුවෝ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ....

:       258       29

saman- doha Tuesday, 14 April 2020 08:39 AM

එහෙනම් රවී කරුණානායක හමුවෙලා උපදෙස් ගන්න පුළුවන් උනේ කොහොමද ?

:       241       874

BamunuarachchiTuesday, 14 April 2020 01:23 PM

කවුද හලෝ රවීගෙන් උපදෙස් ගත්තයි කියන්නේ? රවී කව්ද ගෝඨාභය මහතාට උපදෙස් දෙන්න ? ඒ උපදෙස් සජිත් පන්නා දමන හැටිනම් ඒවා බාර ගන්න ඇති.

:       350       327

NishanWednesday, 15 April 2020 01:26 AM

මහබැංකු හොරු තමයි දැන් එකට වාඩි වෙලා රට පාලනය කරන්නේ.

:       0       0

SusilWednesday, 15 April 2020 06:26 AM

මොකද මේ කවුරුත් දන්නා දේ නැහැ කියන්නේ... බමුණෝ වහලෙක් වුනාට ඔය තරමට කාට වුනත් රෙදි නැතිව කඩේ යන්න එපා...

:       99       129

මැක්ස් Tuesday, 14 April 2020 09:21 AM

ජනපතිවරයාගේ සෘජු භාවයට උදාහරණ සපයන ලිපියකි.

:       2145       3353

BamunuarachchiTuesday, 14 April 2020 12:31 PM

මම ඒ අයව මුණගැහුනොත් මම වැරදි පණිවිඩයක් දුන්නා වෙනවා. එහෙම කළොත්, අනෙක් අයත් මම වගේම කටයුතු කරන්න ගනීවි” නමුත් විමල් වීරවංශලා වැනි උප්පැන්න දෙකක් සහ පාස්පෝට් 2 තිබුණු කොටි සන් මුදල් සොරකම්කළ දුෂිතයන් ඔබ වටා සිටි. ඔබ කර ඇත්තේ සෘජුබව පෙන්වීමක් නොව ඔවුනට මුහුණ දීමට ඇති නොහැකියාව වේ. කෙසේ වෙතත් ඔබත් ඒ අයත් අතර වෙනසක් නොමැත. ඔබට මිග් යානා පිලිබදව නඩු සහ මහජන මුදලින් තව මොනවදෝ සදා ඇති නිසා ඔබත් නිතර දෙවේලේ උසාවි ගිය බව අපි දනිමු. මේ තෙක් එම නඩු අවසන් නැත. ඔබ ලංකාවේ විධායක ජනාධිපති සේ හැසිරීමට උත්සහ කළත් ඔබවටා සිටින පිරිස ඔබ විධායක ජනාධිපති ලෙස හැදින්වුවත් ඔබ විධායක ජනාධිපතිවරයකු නොවේ.

:       0       0

ShanthaWednesday, 15 April 2020 01:27 AM

ඍජු භාවයද? කෙලින් මුහුණ දෙන්න තියෙන බයද?

:       0       0

Pradeep Tuesday, 14 April 2020 09:25 AM

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන වගේ හිටපු ජනපතිවරුන් වගේ නොවෙයි මම...මම ගෝඨාභය රාජපක්ෂ. මගේ උපදේශකයිනුත් ඔවුන් සමග සිටි අය නොවෙයි” යයි ඔහු කීවේ ය. ඒ වචන ටිකම ඇති ජනාධිපතිතුමනි... විශිෂ්ටයි.. අතිවිශිෂ්ටයි..

:       2238       2672

NishanWednesday, 15 April 2020 01:30 AM

බැසිල්ද උපදේශක?

:       0       0

කපුරුහාමිThursday, 16 April 2020 09:34 AM

දෙකොනින්ම හිනායනවා. පවුල් පාලන ආණ්ඩුවේ කතාවලට. දේසපාලුවන්ගේ චාටු කතාවලට ජනතාව රවටුණු එකයි කවදත් සිද්ද වුණේ...

:       129       39

තිත්ත ඇත්තFriday, 17 April 2020 04:17 AM

මොකද මෙයා මෝඩ ගොන් වස්සෙක්නේ. දන් නැත්තන් බලාගන්න.

:       4       6

Pradeep Tuesday, 14 April 2020 09:36 AM

එතකොට පී.බී. හිටියේ කොහේද?

:       64       833

BamunuarachchiTuesday, 14 April 2020 01:28 PM

ඔහේගේ ගෙදර ඇතුළේ බැලුවද ?

:       235       235

NimalWednesday, 15 April 2020 06:24 AM

බමුණු මහතෝ ... ප්‍රස්නෙන් පැනලා යන්න නිකන් කතා කියන්න එපා.

:       4       23

de silva Tuesday, 14 April 2020 09:45 AM

විමල් විරවංශගේ පාර්ස්පොර්ට් නඩුව තවම තිබෙනවා නේද ? ඔය කියන විදිහට එයාටත් ඔය සාකච්චාවට සහභාගී වෙන්න බැහැ.

:       555       1208

BamunuarachchiTuesday, 14 April 2020 01:25 PM

නඩුවක් තිබෙන හැම කෙනෙක්ම ඇප පිට ඉන්න අය නොවෙයි. හරියට කතාව කියවන්න? ඉස්කෝලේ නොගිය එකේ පාඩුව.

:       338       375

LakviduTuesday, 14 April 2020 02:25 PM

ඇප පිට නොවේ යන්නෙන් නිවැරැදිකරුබව පවසනවාද?

:       0       0

PradeepTuesday, 14 April 2020 02:28 PM

පීබී ගෙන්නුවෙත් චන්ද්‍රිකා බව දන්නෝ දනිති.. පාඨලී වගේ උගතුන්ට මේගොල්ලෝ බයයි. ඒකයි ඇත්ත.

:       0       0

චමින්දThursday, 16 April 2020 01:14 AM

බමුණුතුමෝ කන්න ඕනෑ වුනාම කබරගොයාත් තලගොයාවෙනවා කියල කතාවක් ඉස්කෝලේ ගිය අපිනම් අහලා තියෙනවා.

:       43       60

BamunuarachchiFriday, 17 April 2020 05:17 AM

බමුනුඅතුමා ගැන කතා කරන්න එපා කතාවේ ප්‍රස්තුතය බමුණුතුමා නොවෙයි විමල් වීරවංශ ඇපපිට ඉන්න කෙනෙක්ද? එය පහදන්න. එය ඇපපිට නොවෙයිනම් ඉන්නේ " ඔය කියන විදිහට එයාටත් ඔය සාකච්චාවට සහභාගී වෙන්න බැහැ." කතාව අදාළ නැත.

:       2       7

NishanWednesday, 15 April 2020 01:35 AM

විමල් විරවංශට විතරක් නෙවෙයි, බැසිල්ටත් නඩු පෝලිමක් තියෙනවා තවම...

:       0       0

Jayasundara Tuesday, 14 April 2020 09:50 AM

ජයවේවා ජනාධිපතිතුමනි ! ඔන්න ඔහොමයි නියම කොන්දක් තියෙන ජනාධිපතිවරු වැඩ කරන්නෙ. එක එක හිපාටුවන්ව ලඟට ගන්න හොඳ නැහැ. අඩුම ගානේ සාකච්චාවකටවත්....

:       2316       2399

ShanthaWednesday, 15 April 2020 01:31 AM

ඒ වුණාට වැඩේ අනාගෙන වගේ නේද?

:       0       0

rana Tuesday, 14 April 2020 10:02 AM

මම දුන්න හිටන්නේ ?

:       5       78

amintha Tuesday, 14 April 2020 10:29 AM

බැසිල් නඩුවත් තාම තියෙනවා.

:       0       0

Dinesh Tuesday, 14 April 2020 10:29 AM

වැදගත් ප්‍රශ්න අහන ලමයින්ට සමහර ගුරුවරු බයයි..., \

:       0       0

Rata Perata Tuesday, 14 April 2020 10:53 AM

අනේ මෙයාගේ සෘජු භාවය. සොහොන් නඩුවෙන් කට්ටි පැන්න හැටි අපිට මතකයි, බය්යලට මතක නැති උනාට.

:       0       0

මුණසිංහ Tuesday, 14 April 2020 11:02 AM

මෙතන තිබෙන්නේ වෙන මොකවත් නොවෙයි සෘජු නායකත්වය.

:       1149       1447

suranjith Tuesday, 14 April 2020 11:17 AM

ඔබලා කවුරුත් දන්නේ නැද්ද ජනාධිපති නින්දෙන් නැගිටලා ඔක්කොම අර මහා හොරු හම්බ වුණු ඒවා අමතක වෙලානේ.... අපිව ගොනුන්ට අන්දන්න උත්සහ කලාට අපි නොව මෙවැනි දේ ලියන අයටත් සියල්ල අමතක වෙලාද?

:       244       201

JANAHITHA Tuesday, 14 April 2020 08:18 PM

යූ.එන්.පිය මෙලෝ රහක් නැහැ... අනේද කියන්නේ?

:       0       0

Nipun JayesunadaraWednesday, 15 April 2020 11:18 PM

නිකන් ඉන්න.

:       1       6

Oshan Tuesday, 14 April 2020 12:43 PM

මේ කථාවලට මිනිස්සු කොච්චරවත් රැවටෙන බව ⁣කමෙන්ට්ස් වලින් පේනවා. රැවටෙන අය පොඩ්ඩක් හිතලා බලන්න ජනාධිපති ලේකම් කියන්නේ අධිකරණයෙන් රාජ්‍යය සේවයට නුසුදුසු පුද්ගලයෙක් ලෙස වැරදිකාරයෙක් වෙච්ච මිනිසෙක්. මේ බොරුවට මිනිසුන් රැවටෙනතාක්කල් මේ රටට කවදාක්වත් දියුණුවක් ලැබෙන්නෙ නැ. හොදට බලන්න තව මාස 6,7කින් රටට වෙලා තියෙන හානිය කොපමණද කියා?

:       0       0

Duminda Tuesday, 14 April 2020 12:54 PM

ඇයි කරන්නාගොඩ එක්ක මැච් එක බැලුවේ? මිනිහත් වොරන්ට් කරල හිටියේ.... ඇපත් නෑ..

:       0       0

රසික Tuesday, 14 April 2020 01:01 PM

මෙයාලට තියෙන්නෙ ඡන්දෙ තියාගන්න හදිසිය. මැතිවරණ කොමිසමට දීපු පිළිතුරු ලිපිය රාජකාරි ලියුමක් නෙවේ ආඩපාලි හෑල්ලක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරන්න අවශ්‍ය නෑ.. ඕනනම් මැයි 15ත් ඡන්දෙ තිබ්බ හැකියි කියන්නේ. මිනිස් ජීවිත ගැන කිසිම තැකීමක් නෑ. මොන නායකයින්ද මේ..?

:       0       0

Bamunuarachchi Tuesday, 14 April 2020 01:27 PM

හා හා හා “චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන වගේ හිටපු ජනපතිවරුන් වගේ නොවෙයි මම...මම ගෝඨාභය රාජපක්ෂ. මගේ උපදේශකයිනුත් ඔවුන් සමග සිටි අය නොවෙයි”

:       235       314

ChampaTuesday, 14 April 2020 03:56 PM

ඇත්ත ඇත්ත. මම හමුදා නිලධාරියෙක්... මගේ වැඩ ඔක්කොම හමුදාව එක්ක. මා ළඟ හැමෝම ගැන දත්ත තියෙනවා. ඕනේ වෙලාවක බ්ලැක්මේල් කරන්න පුළුවන්. දැන් ඉතින් මාව බලයට ගෙනාවා නම් මා කියන විදිහට ඉන්න.

:       0       0

KumarWednesday, 15 April 2020 01:40 AM

බමුණාටනේ අප්සෙට් ගහලයි තිබෙන්නේ... ඔයගොල්ලන්ගේ ලොක්කා ඇමෙරිකාවේ සිටිය මොළකාරයෙක් නොවේ. පුද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක පද්ධතියක කටයුතුකළ කෙනෙක් ලංකාවේ මොළකාරයෙක් වෙනවද?

:       0       0

තිත්ත ඇත්තFriday, 17 April 2020 04:20 AM

මොහුගේ වයස කියන්නේ 60 පැනලලු. ඉන්නේ වෙන රටකලු. හැබැයි ලංකාවේ වෙන මුකුත් දන්නේ නැතිව කඩේ යනවා.

:       6       19

BamunuarachchiFriday, 17 April 2020 05:21 AM

60 පැන්න කෙනා ඊයේ ඉපදුන ඔයාට වඩා මෙරටේ දේශපාලනය ගැන දන්නවා නේද? ඔහේ මොනවද දන්නේ.1989 ලංකාවේ කැරැල්ලෙන් ළමයි 60000 මැරුන බව දන්නවාද?

:       41       20

de silva Tuesday, 14 April 2020 02:17 PM

සමන් - දෝහා මහත්මය රවී කියන්නේ කෝටි ගණනක් වටිනා නිවසක් අල්ලස් වශයෙන් ගත්තු පුද්ගලයෙක්, නමුත් එක එයට මතක නැහැ. ලංකාවේ එවැනි විශාල මහජන මුදල් සොරකමකට සැකපිට සාමාන්‍යයෙන් රිමාන්ඩ් කිරීමක්වත් සිදු වෙන්නේ නැහැ. පොල්ගෙඩි 2-3 හොරකම් කලොත් රිමාන්ඩ් කරලා අධිකරණයට ඉදිරිපත් කරනවා. පාටලී කරලා තිබෙන්නේ වාහන අනතුරක්... එ්ක බරපතල ප්‍රශ්නයක්... රවී කියන්නේ අපේ ලොකු මහත්මයාගේ පන්නයේ යුරෝපිය ඇඳුම් අඳින වැදගත් මහත්මයෙක්... පාටලී කියන්නේ සරම් කාරයෙක්.., රවී අපේ ලොකු මහත්මය අපහසුතාවයට පත්වෙන ආකාරයේ අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැහැ. පාටලී කියන්නේ ප්‍රශ්නවල උල්පතක්... එ්කනිසා ඔහු එළියේ හිටපුදෙන්...

:       0       0

Sisira Tuesday, 14 April 2020 02:52 PM

එතකොට PB ජයසුන්දර කලින් හිටියේ කොහෙද?

:       0       0

Champa Tuesday, 14 April 2020 04:05 PM

ගෝඨාභය මුද්‍රාව කිව්වේ "ඔවා දෙමි පරහට - මම සම්මතෙහි පිහිටා නොසිට" කියන එකද? දැන් ජනාධිපතිවරයාට එක නඩුවක්වත් තිබ්බේ නැත්ද? දේශපාලන පලි ගැනීම් කියල කියපු නඩු වලින් මට නම් මතක නැහැ එක නඩුවකින්වත් නිදහස් වෙනවා. වුනේ ඇත්තටම නඩු ටික බලරහිත කර ගත්ත එක. ඒ හින්දා අනුන්ගේ නඩු ගැන කතා කරන්න තියෙන අයිතිය ඔවා දෙමි පරහට විතරයි. අගමැතිතුමාට කිසි නඩුවක් නැහැ. 2015 ජනාධිපතිවරණෙට ඉස්සෙල්ලත් පසුවත් දහසක් එකක් චෝදනා කලාට, එක නඩුවක්වත් දැම්මේ නැහැ. ඔප්පු කරන්න විදිහක් නැති නිසා. නැත්නම් නඩු නොදා ඉඳියිද? හැබැයි අගමැතිතුමා බලයේ ඉන්න කොටත් නැති කොටත් දේශපාලන පලි ගැනීම් හෝ දේශපාලකයන් කොන් කිරීම් කරන්නේ නැති නිසා කොරෝන අර්බුදය ආපු වෙලාවෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් එක්ක සර්ව පාක්ෂික රැස්වීම් දෙකක් තිබ්බා. ඔවුන්ට කතා කරන්න ඉඩ දුන්නා. අර්බුදයක් ඇති වෙලාවක අගමැතිතුමා පටු දේශපාලනය ඒකට ගාගත්තේ නැහැ. නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදිහට විරුද්ධ පක්ෂ දේශපාලකයන්ටත් කතා කරන්න ඉඩ දුන්නා. මහින්ද එක්ක බලනකොට ගෝඨාභය තාම මග ඉන්නේ..

:       0       0

Dinesh Tuesday, 14 April 2020 06:50 PM

වැදගත් ප්‍රශ්න අහන ළමයින්ට සමහර ගුරුවරු බයයි..., හැබයි අන්න එ්වගේ ළමයි තමයි කවදාහරි ගුරුවරු වෙන්නෙත්...

:       0       0

Canada Wednesday, 15 April 2020 01:19 AM

ඍජු කොන්දක් ඇති නායකයෙක් කතාකරන්නේ ඔහොම තමයි. ඔබට පුලුවන් රට ගොඩගන්න, කොවිඩ් ඇති මේ වෙලාවේ මොන ඡන්දද? අපට වටින්නේ රටේ ජනතාවගේ ජිවිත අංක එකට... පස්සේ බලමු ඡන්ද ගැන ඔබට ජය ජනාධිපතිතුමනි..

:       0       0

fairoos Thursday, 16 April 2020 10:38 AM

නියම තීරනේ ...

:       2       21

Nuwan Friday, 17 April 2020 08:40 AM

දේශපාලුවන්ට කඩේ යන අයට අමාරු ඇති ජනාධිපතිතුමනි, ඔබතුමා ගෙන යන වැඩපිලිවල නියමයි. හමුදා පාලනයක් දෙන්න. තක්කඩි නැතිවෙන්න.

:       3       29

ධනුෂ්ක Friday, 17 April 2020 03:54 PM

හිතට එන අදහස් එලියට දාන්න කලින් හමුදා පාලනයක් යනු කුමක්ද? හමුදා පාලන තිබ්බ රටවලට මොකද උනේ කියලා ටිකක් හොයලා බලන්න. එතකොට ඔබට හිතෙයි මේකේ දාපු වචන මකලා දාන්න පුලුවන්නම් හොඳයි කියලා. මිනිස්සු කියන්නෙ නිදහස කියන දේ අගේ කරන කොටසක් වහල් මානසිකත්වය තියන ටික දෙනෙක් සිටිය හැකියි. ඔබ කැමතිද ඔබ අනවශ්‍ය විදියට පාලනය කරනවට. හමුදා පාලනයක් යනු සියල්ලට හමුදාව මැදිහත් වීම. ඒක දැනට යහපත් විදියට වෙනවා. එත් හැමදාටම නෙමේ. ඔබට රතුපස්වල අමතක නැතුව ඇති. වැරදි කරුවන් විනාශ කරනු ඇත... සාධාරණ ඉල්ලීම් කරන මිනිසුන්ට බෙදන්නෙත් ඒ හැන්දෙන්ම තමා. ඒක ඔබට නොවනතාක් ඔබට හමුදා පාලනය යහපත් වනු ඇත...

:       50       88

Rata Perata Saturday, 18 April 2020 07:09 AM

අපේ ජනපති මීට ඉස්සරවෙලා මුද්‍රාව තියල තියෙන්නේ, ඒක නිසා වැඩිය කලබල වෙන්න එපා.

:       3       13

ඔබේ අදහස් එවන්න

දියත

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 446 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1949 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 150 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2399 0


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site