(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගෙන වැලිමඩ බලා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය නිසා අද (3) දහවල් වැල්ලවාය ප්‍රදේශයට හදිසියේ ගොඩ බස්වා තිබේ.
ගුවනේ මතු වූ මිහිදුම් සහිත කාලගුණික තත්ත්වය නිසා හෙලිකොප්ටරය ගමනාන්තය කරා මෙහෙයවීම අපහසු වී ඇති අතර පැයකුත් විනාඩි විස්සක් පමණ ගුවනේ සැරිසැරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා රැඟත් හෙලිකොප්ටර් යානය සහ පරිවාර හෙලිකොප්ටරය වැල්ලවාය බුදුරුවගල පාසල් ක්‍රීඩාංගනයට හදිසියේ ගොඩ බැස්සවීමට නියමුවෝ තීරණය කළහ.
හෙලිකොප්ටරය පාසල් ක්‍රීඩාංගනයට ගොඩ බැසීමෙන් අනතුරුව එහි පැමිණියේ ජනාධිපතිවරයා බව දුටු සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන් හෙලිකොප්ටරය අසල වටවී ජනපති සමඟ සුහදශීලීව අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් පැවැසීය.
විදුහලේ ගුරුවරුන් විසින් එහිදී අවට ග්‍රාමයේ මෙන්ම පාසලේ අඩුපාඩුකම් පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති අතර ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් සටහන් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහි සිටි ලේකම්වරයකුට දැනුම් දී තිබේ.
නැවත පිටත්ව යාමට වාහනයක් එනතුරු ජනාධිපතිවරයා බුදුරුවගල පාසලේ පැය භාගයකට ආසන්න කාලයක් රැඳී සිට ඇත.
අනතුරුව රථය පැමිණි පසු ජනාධිපතිවරයා වැල්ලවායේ සිට වැලමඩ දක්වා ගොඩබිම් මාර්ගය ඔස්සේ පිටත්ව ගොස් තිබිණි.
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා
ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැ
එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජනපති ගිය හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්වයි
Prabha Friday, 03 November 2023 06:35 PM
අෂ්රෆ් මතක් වුණා...
මාරසිංහ Friday, 03 November 2023 06:38 PM
මම හිතුවේ නාකියාට අවීචි නරකාදියෙන් ටිකට් එක ඇවිල්ලා කියලා. මේක කඩන් වැටුනේ නැහැනේ... අපරාදේ හෙට කිරිබත් කන්න තිබුන චාන්ස් එක...
CharithFriday, 03 November 2023 09:11 PM
හෙඩින් එක දැක්ක ගමන්, බට්ටෝ වැලක් පත්තු කරන්න තරම් සතුටක් අවා.. ඒත් මෙයා පණපිටින් කියලා දැනගත්තාම වහ බොන්න හිතුණා... නැහැ නැහැ මම හිතන්නේ මේ රිහර්සල් විතරයි. ෆයිනල් එක මහපාරේ සිද්ධ වෙන්නයි, මිනිහගේ ඉරණම තීරණය කරලා තියෙන්නේ...!
PaliFriday, 03 November 2023 09:51 PM
ගුණමකුවන්ට අමතක වුණාට රනිල් නැත්නම් තාමත් පෝළින්වල නොමැරී මැරෙනවා...
Lal Friday, 03 November 2023 06:59 PM
රට වල පල්ලේ තිබුණු වෙලාවේ.. ඇවිත් එක ගොඩ දැම්මේ මෙයා තමයි... දැන් කතාකාරයෝ හැමතැනම... ඉතිරි ටිකත් කරන්න පුළුවන්...
hrmFriday, 03 November 2023 07:50 PM
කොහේද හලෝ ගොඩ දැම්මේ? ඔයාගේ පවුලද ගොඩ දැම්මේ?
අරවින්ද මොනරවිලSaturday, 04 November 2023 09:25 AM
එතකොට මහ බැංකුව කඩලා, ගිණි පොලියට අයි.එස්.බී. ණය අරගෙන එවා නාස්තිකරමින් ආතල් අරගෙන පාස්කු ප්‍රාහරය වෙන්න ඉඩ දීලා බලාගෙන ඉඳලා රට විනාශ කෙරුවේ අපිද?
සුමනදාස Friday, 03 November 2023 07:16 PM
දුක් වෙන්න එපා. සුබ පණිවිඩයක් අද හෙටම එනවා..!
pjSaturday, 04 November 2023 02:25 AM
සුමනදාස සහ මාරසිංහ අකුණු ගසන අවස්ථාවලදී ප්‍රවේසම් වන්න... අකුණු ගසන්න වහින්නම අවශ්‍ය නැහැ...
Rata Perata Friday, 03 November 2023 08:34 PM
අයියෝ... කවදා හොඳ පුවතක් ඒවිද මන්දා...?
chandima Saturday, 04 November 2023 12:20 AM
පව් ළමයින්ට දවසක් ඉස්කෝලෙ පාඩු වුණා... මෙයා කඩාපාත්වෙලා... අනේ අම්මපා පෙරළියන් බර කරත්තෙ පෙරළියන්...!
Perera Saturday, 04 November 2023 06:57 AM
ගියා නම් ඉවරයි...!
Bunny Preena Saturday, 04 November 2023 09:18 AM
තවත් කෙනෙකුට මරණය ප්‍රාර්ථනා කරනා පුද්ගලයා හොඳ කෙනෙකු නෙවෙයි..!
අරවින්ද මොනරවිල Saturday, 04 November 2023 09:28 AM
ඒ හෙලිකොප්ටර්ය පැදවූ නියමුවාට නිකමටවත් රට වෙනුවෙන් තම ජිවිතය පරිත්‍යාග කරලා ජාතික වීරයෙක් වෙන්න තිබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා හිතුනේම නැද්ද?
Bamunuarachchi Sunday, 05 November 2023 05:01 AM
අනුර යන අවස්ථාවක ඒක කරන්න ඉඩ තියා ගත්තා වෙන්න ඇති.
Kumara Saturday, 04 November 2023 05:35 PM
මල්වෙඩි සංදර්ශනයක් බලන්න තිබුණු වාසනාව නැතිවුණා...!