IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනපති ඡන්ද දිනය හෙට රෑට

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින් සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට ඊයේ දැනුම් දුන්නේය.

මේ අනුව ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම නිවේදනය දැනටමත් සකස් කර අවසන් බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද (25) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

ජනාධිපතිවරණයට අදාළ කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කරන බව කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය වන ඇඟිලි සලකුණු කිරීමේ තීන්ත, ලිපි ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අරඹා ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (3)

ජනපති ඡන්ද දිනය හෙට රෑට

Deepal Nirosh Thursday, 25 July 2024 09:25 AM

අනේ සර්, මැඩම්,... විශ්‍රාමික අයට රු 3000/= ක දීමනාවක් ඊයෙ දෙනවා කිවිවා, පසුගිය ආපදා සමයේ රාජකාරිවලට එන්න බැරි වෙච්චි අයට විශේෂ නිවාඩු දෙනව කියල අද කිව්වා, ඉතින්.. ඉතින්.. මේ අපටත් මොනව හරි සොච්චමක් ඉල්ලගන්න පුළුවන් මේ අවස්ථාවේ ඔය ගැසට් නිවේදනය පොඩ්ඩක් ප්‍රමාද කොරන්න බැරිද? පින් සිද්ධ වෙයි, අපටත් අනුකම්පා කරන්න.

:       1       5

fairoos Thursday, 25 July 2024 11:39 AM

තීන්ත ඉවරයිලු .ගැසට් එක අද ප්‍රින්ට් කරන්න බෑ

:       1       1

නිමල් Thursday, 25 July 2024 06:13 PM

මගුලක් තමයි. ඇමෙරිකාවේ වගේ ඔය දිනේ ව්‍යවස්ථාවට දානවලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1305 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1789 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 455 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3007 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2439 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1788 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34692 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site