(සුජිත් හේවාජුලිගේ සහ අමිල චින්තක ගමගේ)
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින්නෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ව්‍යවසායක ධම්මික පෙරේරා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහයන මහත්වරු සහ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝය.
මීට අමතරව උතුරේ දෙමළ පක්ෂ වලින් පොදු අපේක්ෂකයකු ද පෙරටුගාමී පක්ෂය ප්‍රමුඛ ජන අරගලය ව්‍යාපාරයෙන් අපේක්ෂකයකු ද ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකු ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මුලින් ප්‍රකාශ කෙරිණ.
අපේක්ෂක ලැයිස්තුව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තවත් ඉහළ යා හැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවැසේ.
මේ අතර දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ පවතින දේශපාලන තත්ත්වය අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන වැඩිම අපේක්ෂක ලැයිස්තුව මෙවර ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.
මේ අනුව ඉදිරි ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති පුටුවට දැනට 12ක් සටනට
Chinthaka Friday, 26 July 2024 05:20 AM
ඡන්ද පත්‍රිකාව සැකසීම නමට අනුව කරනවා නම් මුලින්ම අනුර දෙවනුව රනිල් තෙවනුව සජිත් වෙන්න පුළුවන්. ඒත් දිලිත් දෙවනුව සටහන් වෙන්න ඉඩක් තියෙනවා. කොහොම වුනත් ඡන්ද පත්‍රිකාව විශාල වෙනවා කියන්නෙ විශාල මුදල් නාස්තියක් වෙනවා. ඊළඟට මැතිවරණ අවස්ථාවල කටයුතු කරන සියලු දෙනාම දැඩිසේ අපහසුතාවට පත්කිරීමක් වෙනවා
Chandima Friday, 26 July 2024 06:13 AM
ඔතන දෙකේ පතිරණලා ගොඩක් ඉන්නවා
යෝගා Friday, 26 July 2024 06:21 AM
වැඩි හරියක් අවස්ථාවාදීන් හා මොලේ අමාරුකාරයන්. මේකෙන් වෙන්නේ ඡන්ද ලයිස්තුව දිගුවෙලා වියදම වැඩිවෙන එක පමණයි
Lakruwan Friday, 26 July 2024 08:46 AM
ජනතාවට විහිළු සපයන්නෝ.......
Kumara Friday, 26 July 2024 09:39 AM
අනුර කුමාර දිසානායක නියත ජනාධිපති.
jagath liyanage Friday, 26 July 2024 09:40 AM
කාටවත් 50% වඩා ගන්න බැරි වෙයි කියලයි මට හිතෙන්නේ ?
රංබොඩ Friday, 26 July 2024 10:57 AM
ජනාධිපතිවරණයට ඉල්ලිය හැකි තත්ත්වයන් මෙයිට වඩා ඉහළ තැනක තිබිය යුතුයි. මේ ඇප මුදල ඕනෑම කෙනෙකුට බැඳිය හැකි අතර රටේ උත්තරීතරම රාජකාරිය සඳහා පාරේ යන මිනිසුනුත් ඇප බඳින තත්ත්වයට පත් වී රටම හෑල්ලු වී ඇත.
ගමේ එකාලා Friday, 26 July 2024 12:03 PM
එක්කෙනෙකුට,දෙන්නෙකුට හැරෙන්ඩ අනික් අයට ඇපත් නැතිවෙයි .