IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජනපති පාර්ලිමේන්තු අසුනේ ලාංඡනය ගැලවෙයි

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

අතිගරු යන නාමය , ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. මැතිසබයේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ මේ අනුවය.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ මෙතෙක් පැවතියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සකස් කෙරුණු ලාංඡනයයි. එම ලාංඡනයද වේත්‍රධාරිවරයා විසින් පසුගියදා ඉවත් කරනු ලැබීය.

 



අදහස් (12)

ජනපති පාර්ලිමේන්තු අසුනේ ලාංඡනය ගැලවෙයි

suren Saturday, 30 July 2022 09:30 AM

මොනවද මේ කතා? සංකේතාත්මක වැඩ. බඩගින්නට ඕවා විසඳුම්ද? මෙතුමා දියුණු රටවල වැඩපිළිවෙළවල්, ලක්ෂණ කොපි කරකර ඉන්නවා. පොත් ගිනිගත්තාට පස්සේවත් වෙනස් වේවි කියලා අපි හිතුවා.

:       8       20

C.K.Lankaputhra Saturday, 30 July 2022 09:39 AM

හැබැයි ඔය බයිලාවලින් අපිව තවදුරටත් ගොනාට අන්දන්න නං බැහැ. රනිල් රාජපක්ෂ ජනාධිපති සෑර්...

:       8       19

lakvidu Saturday, 30 July 2022 10:03 AM

ඔයවගෙ මෝඩ ජෝක් කරලද මෙය රටෙ තියෙන දැවෙන ප්‍රශ්න විසදන්න යන්නෙ.

:       4       16

Surain Saturday, 30 July 2022 10:23 AM

බොරු සෝබන ඇන්දවීම්...!

:       4       15

de silva Saturday, 30 July 2022 12:40 PM

ඔය විකාර නොවේ... අපිට ඕනේ අලුත් ඡන්දයක්...

:       5       12

BamunuarachchiSunday, 31 July 2022 08:55 AM

අපිට ඕනේ අලුත් ඡන්දයක්, මෙන්න මේක විකාරයක්. අලුතින් මත්රීවරු 225 පත් උනාම ඔවුනට රට ගොඩගන්න වෙනම ක්‍රම තිබෙනවාද? ජෙප්පෝ බලයට ආවොත් ආර්ථිකය ගොඩගන්න විදිහ ටිල්වින් ගොයියා 3-7-22 පත්තරේට ලියලා තිබුනා. ඒගොල්ලොත් ණය ගන්නවලු, ඒගොල්ලොත් ණය ප්‍රතිවිහුයගත කරනවාලු, ඒගොල්ලන්ට බලය ලැබුනොත් විදේශ ගත ශ්‍රමිකයන් මුදල් එවාවී කියලා විස්වාස කරනවාලු, ෂුවර් නැහැ . ඔයටික නේන්නම් දැනුත් වෙන්නේ. එහෙනම් මොකටද ජෙප්පන්ට බලය දෙන්නේ?

:       2       1

BT Saturday, 30 July 2022 12:59 PM

කිසිම කටයුත්තකදී අන්තයට යාම ඥාණාන්විත නොවේ. මේ රටේ වැදගත් ස්ථානවලට ඕනෑම අයෙකුට ඇතුල්වීමට ඉඩ සලසාදීමෙන් මේ වනවිට සිදු වී ඇති සම්පත් විනාශය පිළිබඳව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. රනිල් වික්‍රමසිංහ මහතාගේ "නාම පුවරු සහ තානාන්තර ආමන්ත්‍රණ සම්ප්‍රදාය වෙනස් කිරීමේ මෙහෙයුමෙන්" සිදුවන්නේ අප රටේ සමාජයේ යම්තාක් දුරට හෝ ඉතිරි වී තිබෙන විනීතභාවය අතුගා දැමීමයි. ඒ මහතාගේ අණ අනුව යමින් අධිකරණ පද්ධතියේද සියලු ආමන්ත්‍රණ සම්ප්‍රදායන් වෙනස් කරමු. විනිශ්චයකාරවරුන්ට "ස්වාමිනී" යයි ආමන්ත්‍රණය කිරීමද අතහරිමු. පූජ්‍ය පක්ෂයේ සියලුදෙනාටත් විශ්ව විද්‍යාලවල මෙන් "මචං" යයි ආමන්ත්‍රණය කරමු. අතිගරු නොවන ජනාධිපතිතුමනි, බුදුපිළිම එකතු කිරීම වෙනුවට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමට උනන්දු වන්නේ නම් මැනවි...

:       10       3

Bamunuarachchi Saturday, 30 July 2022 02:05 PM

මේ බහුභූතවලින් ගැලවීමෙන් අපිට වැඩක් නැහැ. මන්ත්‍රී පෙන්ෂන් එක ගලවනවා, වාහන දීම ගලවනවා, ගෙවල් දීම ගලවනවා, මන්ත්‍රී වැටුප් දීම ගලවනවා නැතිනම් පාර්ලිමේන්තු පැමිණෙනවාට දෙන විශේෂ දීමනාව ගලවනවා.. ඔන්න ඕවායි ගැලවෙන්න ඕනේ. මනුකියවන්නාට මනු කියවීමට පඩිය දීලා හරියට කියවනවාට දීමනාවක් දෙනවා. ඒ වගේ මන්ත්‍රීට පාර්ලිමේන්තු එනවාට වැටුපක් දීම පාර්ලිමේන්තු එනවාට විශේෂ දීමනා දෙනවා නම් මේ මහ විකාරයක්නේ... මේවා තමයි අපි IMF එකට ලියන්න ඕන.. රටේ තිබෙන දූෂණ...

:       3       10

fairoosSunday, 31 July 2022 12:24 PM

මේ ඉන්නේ නියම වහල්ලු... ඉස්සර මහබැංකු හොරුන්ට අපි කියන්නේ රට ගොඩගන්න ආපු ආර්ථික ඔස්තාර්ලා කියලා... කාටහරි ප්‍රශ්නයක් තියනවා නම් කියන්න. ලැජ්ජා වෙන්න එපා...

:       0       0

යකාගෙ නීතිය Saturday, 30 July 2022 03:28 PM

මේ කාරණා තුනම හරි. එයා හිතට එකඟව දන්නව එයා මහජන චන්දයෙන් පත් වුන ජනාදිපති කෙනෙක් නෙමෙයි කියල ඒ අනුව මේ සියලුම ක්‍රියා 100%ක් හරි. ඔහු තේරුම් අරගත්තනම් මේ තනතුර නාමමාත්‍රිකයි කියල ඒ ඇති ලැබුන අවස්ථාවෙන් ඉතිරි කාලය හරියට වැඩකරල රට මේ අගාදයෙන් ගොඩගත්තොත් ඊලගපාර මහජන චන්දයෙන් එන්න බැරිකමකුත් නැහැ

:       0       0

දිමුතු Saturday, 30 July 2022 04:42 PM

මම හිතන්නේ ලාංඡනේ දැක්කාම ජනවරමක් නැතිව ආව බව මතක් වෙන නිසා ගලවන්න ඇති...

:       3       13

lakvidu Sunday, 31 July 2022 06:38 AM

ඔය මඟුල් ගලව ගලව නහින්නේ නැතුව විධායක ජනාධිපති පට්ටම ගලෝලා දැම්ම නම් ඉවරයිනෙ.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 730 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3698 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4737 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12435 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4393 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 577 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site