(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)වැනි දින ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාලව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණු බව ජනාධිපති කාර්යාලය පවසයි.
ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේදී තමන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව මෙහිදී දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරන ලද අතර එම ගැටළුවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමේ වැදගත්කම එහිදී අවධාරණය කරනු ලැබීය.
බදු නීති මනා සම්බන්ධීකරණයකින් යුතුව වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සහතික කරමින්, බදු පැහැර හැරීම් වැළැක්විමට සහ ආදායම් එකතු කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිද වැඩිදුරටත් අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස්, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරුන් වන එච්.ඩබ්ලිව්.එස්.පී.කරුණාරත්න, සී.එස්.ඒ චන්ද්‍රසේකර, ඩබ්ලිව්.එස්.අයි සිල්වා, එස්. පී. අරුක්ගොඩ, ජේ. එම්. එම්. ජී. විජේරත්න බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ ඒ. ඩබ්ලිව්. එල්.සී. වීරකෝන්, ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්. ආර්.ජී.ඒ.බී. මුතුකුඩ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එස්. චන්ද්‍රසේකර, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් වන බී.කේ.එස්. ශාන්ත, ජේ.ඒ.ඩී.ඩී.බී.කේ සිරිවර්ධන, ජේ.ඩී. රණසිංහ, ඩී.එම්.එන්.එස්.බී. දිසානායක, එච්.එච්.එස් සමන්ත කුමාර, ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ටී.එම්.එස් තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සාකච්ඡාවට එක්ව සිටියහ.
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්‍රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් මිලි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
කිරිහාමි Wednesday, 09 October 2024 10:21 PM
මේ තැන් දෙකෙයි සුරාබදු එකෙයි වංචා, දූෂණ හා ඒව කරන අය රිංගල යන හිල් වහගත්තොත් රට බාගයක් ගොඩ. හැබැයි අනුර පුතේ උඹට ලේසි වෙන්නෑ ...... ඒ උනාට උඹට ඇර වෙන කාටක්වත් ඕක කොරන්නත් බෑ මයෙ පුතේ ....
කිරිහාමි Thursday, 10 October 2024 04:33 AM
මේ කස්ටම් කට්ටිය වීඩියෝවලට, පින්තූරවලට හොරු අල්ලල රඟපානකොට, ඝාතනය වුණු අවංක රේගු නිලධාරී සුජිත් ප්‍රසන්නව මතක්වෙනවා . මොකද මන්ද, ඒ එක්කම පුටු කකුලක් ගැනත් මතක්වෙනවා? .... ? ..... ?
Jayamanna Thursday, 10 October 2024 06:37 AM
ජාතියට වැඩි හානියක් කරන්නේ මේ පරාජිතයෝය.
Asanga thiththagalla gamage Thursday, 10 October 2024 10:03 AM
රේගුව කියන්නේ අන්ත දූෂිත තැනක් . හොදට සුද්ද කරන්න ඕනා