IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජනප්‍රිය තීන්දු ගෙන අනාගතය අඳුරු කරන්න බෑ

(අංජුල මහික වීරරත්න)

ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් සහිත යුගයකට යළිත් රට ගෙනයාමට නොහැකි බවත් දුෂ්කර වුවද වත්මන් මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකි යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැරදි ආර්ථික තීන්දු ගැනීමෙන් සිදුවන්නේ රුපියල නැවත අවප්‍රමාණය වීම බව කී ජනාධිපතිවරයා ඇතැමුන් පවසන ආකාරයේ ජනප්‍රිය තීන්දු ගෙන රටේ අනාගතය අඳුරු කිරීමට තමන් සූදානම් නොමැති බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (3) පැවැත්වුණ “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමිනි.

අසීරුතා හමුවේ ද ජනතාවට හැකි සෑම සහනයක්ම ලබාදීමට ඉදිරියේද කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා මෙරට හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.

සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් ඇති හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත ශිල්පීන් සමාජීය වශයෙන් ඇගැයීමට ලක් කිරීම හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව මඟින් වාර්ෂිකව “ශිල්ප අභිමානී” ජාතික හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

මෙවර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීම මත “ශිල්ප අභිමානී” 2023 ජාතික හස්ත කර්මාන්ත තරගය පැවැත්විණි.

මූලික හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 31ක් යටතේ අනු ක්ෂේත්‍ර 66ක් නියෝජනය කරමින් මෙම තරගය සංවිධානය කර තිබු අතර ඒ සඳහා ලැබුණ නිර්මාණ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තෝරා ගනු ලැබිණි. මෙම ජයග්‍රාහකයන් ස්වර්ණ සහ රජත සම්මානවලින් පිදුම් ලැබීම මෙන්ම ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන වෙත කුසලතා සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

 



අදහස් (17)

ජනප්‍රිය තීන්දු ගෙන අනාගතය අඳුරු කරන්න බෑ

Imdhika Wednesday, 03 January 2024 07:26 PM

ඔබට අනාගතයක් නෑ. ඒක නිසා කලබල වෙන්න එපා.

:       3       6

විජිත් Wednesday, 03 January 2024 07:39 PM

හලෝ රනිල්, මේ රටේ ආර්ථිකය විනාෂකරපු , මහා බැංකුව කඩපු තමන් රාජපක්ෂ කියන හොර රංචුව ආරක්ෂා කරමින් මේ කරන බොරුව කවදාහරි පුපුරනවා,එදාට තමුසෙව මිනිස්සු මහපාරේම සම්බෝල හදනවා. එදාට තමුසෙව බේරාගන්න අමෙරිකාවවත් තමුසෙගෙ පරම්පරා නිජබිමවන ඉන්දියාවවත් ,එංගලන්තයවත් එන්නේ නැහැ.උන්ට තමුසෙලවා කරගන්න ඕන දේවල් ටික කරගත්තාට පස්සේ මෝඩයාව අතහරිනවා.ලැහැස්තිවෙලා ඉන්නවා ..මදි නොකියන්න ගුටි කන්න.

:       2       6

Amal Wednesday, 03 January 2024 08:10 PM

රටේ ජනතාවත් ගත්තේ ජනප්‍රිය තීන්දුවක් ඔබව ගෙදර අරින්න . එත් මුළු රටෙන්ම අතලොස්සක මෝඩ තීන්දුව නිසා ඔබ , ඔබේ අර්යයාව සහ ගාල්ලේ ගවයා සමග රට පාලනය කරනවා ...!!!

:       3       8

Kumara Wednesday, 03 January 2024 08:28 PM

අනේ පලයන් යන්න .සල්ලි වලින් සැප විඳලා හොරා කාලා එනවා අපිට කියවන්න

:       2       8

Lakmal Wednesday, 03 January 2024 08:30 PM

1. දුම්රියෙන් භාන්ඩ ප්‍රවාහනය තරන්න 2. හොර පාරෙන් ගෙනෙන ජංගම දුරකථන ජාල වලට සම්බන්ද වීම තහනම් කරන්න 3. ජපානයෙන් අවුරැදු දහවට වඩා පරණ වාහන පස් ගුනයක් බදු අයතර ආනයනයට ඉඩ දෙන්න 4. පෞද්ගලික බස් සේවය සැපයීම අවුරැද්දක් පාසා ටෙන්ඩර් පටිපාටියකින් එක සමාගමකට ලබා දෙන්න

:       0       6

Rohana Wednesday, 03 January 2024 09:48 PM

රට ගොඩනැගීම කෙසේවෙතත් ඉදිරි මැතිවරණයකින් ඔබ ගෙදර යවන එකනම් ස්ථිරයි.

:       2       6

Nimal Wednesday, 03 January 2024 09:49 PM

ඔබ කර තිබෙන්නේ ජරාපක්ශේ සහ යහපාලන හොරුන්ගේ මහාපරිමාණ වංචා වල බර කිසිඳු හිතක් පපුවක් නැතිව ජනතාව මත පැටවීම පමණයි.ජනප්‍රියත්වය ඉදිරි මැතිවරණ වලදී බලාගමු

:       1       7

Jana Duka Wednesday, 03 January 2024 11:16 PM

මේ තිරිසන් පාලකන්ට ජනතාව කෙතරම් දුක් වින්දත් බදු ගහන එකයි, ලාබ ලබන රාජ්‍ය ආයතන විකුනන් කන එකයි ඇරෙන්න රාජ්‍ය ආදයම වැඩි කරන්න කිසිම වැඩ පිලිවෙලක් නෑ, මේ රටේ මිනිසුන් තමන්ගේ දරුවන්ට හරි හමන් කෑම වෙලක් දීගන්න, ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න, පාසල් යන දරුවට පොත් ටික, ඇදුම් පැලදුම් ටික ගන්න බැරිව කෙතරම් දුක් විදිනවද, ඒත් මේ අමන පාලකයන් හැමදාම හිතුවේ බලය රැකගන්න එක විතරයි. රටක් දියුනු කරන්න බදු ආදයම විතරක් මදි, රටට අලුත් විදේශ ආයෝජන ගේන්න කිසිම වැඩ පිලිවෙලක් නෑ ඒවගෙම රටේ අපනයන දිරිමත් කරන්නවත් කිසිම දෙයක් නොකර බදු ගහන එක විතරක් කරන මිලේච්ච ආන්ඩුවක්. මේ දේශපාලුවන් බොහොමයක් වැඩිවියට පත්වෙනකම් දෙමව්පියන්ගෙන් යැපිල, ඉන් පස්සේ දේශපාලනයෙන් ලැබෙන වරප්‍රසාද සහ අමතර ප්‍රතිලාබ මත යැපෙන හිගන රැලක්, මහ පොලවෙ යතාර්තය ගැන කිසිම අවබෝධයක් නෑ, මිනිසුන් ජීවත වෙන්න කරන කැපකිරීම් ගැන කිසිම හැගීමක් වත් නැති මෙවන් අමනයන්ගෙන් මීට වැඩිය දෙයක් මේ රටේ මිනිසුන්ට බලා පොරොත්තු වෙන්න බෑ.

:       0       7

Pramod Wednesday, 03 January 2024 11:19 PM

ඉතිරිවෙලා තියෙන කම්පැනි කීපයත් වැහෙනකන්ම, ඉතිරිවෙලා ඉන්න අන්තිම වුර්තිකයත් යනකන්ම තව ටැක්ස් ගහපල්ලා, විදුලිබිල් වැඩි කරපල්ල, ණය ගනිල්ලා, ඒ සල්ලිවලින් රාජ්ය සේවක පින් බතාලා සහ පාර්ලිමේන්තු පින්ගොන්නු නඩත්තු කරපල්ලා. එලකිරි ඔහොම යං. රටේ මුලු රාජ්ය බදු ආදායමම මදි පින්බතාලගේ පඩි වලින් බාගයක්වත් ගෙවල ඉවර කරන්න, රටේ දියුනුවට කානුවක්වත් හදන්නේ නැතිව. ඉතිරි බාගෙ ගෙවන්නෙ තව තව ණය අරන් සහ සල්ලි අච්චු ගහලා. හැමදාම මුන් කරේ ඒ විදියට චන්ද බලාගෙන පින් බතාල සන්වර්දනය කරපු එක. මුන් දේසපාලනය ලාභ ලබන වියාපාරයක් කරගන්නෙ මින්සුන්ගේ දුප්පත්කම විකුනලා. රෑ දවල් දෙකේ දුක් මහන්සි වෙලා වැඩ කරන ප්‍රයිවෙට් සෙක්ටර් එකේ මිනිහගෙ පඩියෙන් බාගයක් විතර ටැක්ස් කපලා ඒ සල්ලි වලින් රාජ්ය සේවක පින්බතෙකුට පඩි ගෙවනවා කියන එක තරම් රටට සාපයක් තවත් නෑ. රටට හම්බ කරල දෙන්න ඉන්න එකම ප්‍රයිවෙට් සෙක්ටර් එක වැහිල ගිහිල්ලා ලගදිම පිනාල ටික විතරක් ඉතිරි උනාම අපි මේකට පින්ලන්තෙ කියල නම තියමු. එලම එලකිරි

:       1       7

සල්ලි Thursday, 04 January 2024 07:25 AM

හොරු ඇල්ලුවාද ?

:       0       7

Arawinda Monarawila Thursday, 04 January 2024 09:27 AM

බරි කම ගැන කියවා කියවා හැමඩාම නාහෙන් අන්ඩන්නෙ නැතුව පුලුවන් එකෙකුට කරන්න දීලා යනවා හලෝ, අපි තමුන්ට රට භාර දුන්නෙ නැති බව මතක තියා ගන්නවා.

:       1       10

SinnadoreThursday, 04 January 2024 12:03 PM

ඉතින් අරවින්ද උන්නැහේ තමුන්නැහැලා කට්ටියක් හදාගෙන හොදින්ම කරනවකෝ .ඒකට හොද සෙට් එකක් හැටියට බමුණු ,මැක්ස් වගේ කට්ටිය සම්බන්ධ කර ගන්නවකො. රනිල්ට බැහැ කියන්නෙ නුඹලාට පුළුවන් කියන නිසානේ .අපි නම් දන්න විදියට පොහොට්ටුව මාලිමාව සජබ කට්ටියම හරි නැහැ .ඒවායේ සිටින පිරිසක් තෝරා ගන්න ක්‍රමයක් තියෙනවා නම් පමණයි රට හදන්න පුළුවන් .තමුන්නැහැ ගැන දන්නෙ රනිල්ට බැහැ කියන නිසා මිස වෙන කිසිම හේතුවක් ඇතුව නොවෙයි

:       4       3

කල්ලි Thursday, 04 January 2024 10:30 AM

මූට පිස්සු

:       3       10

සිල්වා Thursday, 04 January 2024 11:16 AM

IMF එක පස්සේ ගිහින් තවත් රට විනාශ කරමු.

:       1       5

Rata Perata Thursday, 04 January 2024 01:01 PM

ගෙදර ගෑණිවත් කියලා දෙන්නේ නැද්ද මන්දා මෙයාට රටේ තියෙන අකැමැත්ත. කිසිම දැක්මක් නැති දුර්වලකමක්...

:       0       2

අරවින්ද මොනරවිල Thursday, 04 January 2024 01:42 PM

කවුරු කරන්නත් මේ යකා දාලා යන්න ඕනෑනේ. මෙයා බහිරවයා වගේ මේක බදාගෙන නාහෙන් අඬනවා, ඔයා හිතනවා නම් රනිල්ට විතරයි කරන්න පුළුවන් කියලා, එහෙම නැත්නම් රනිල් තමයි හොඳටම කරන්නේ කියලා කරුණාකරලා මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න. රනිල් කියන්නේ රටක් කරන්න නොවෙයි, ඡන්දයක් දිනාගන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. ගේමක් ගහලා අවස්ථාවාදී ලෙස ජනාධිපති පුටුවට පැනගත්තා ඇරෙන්න පුළුවන් නම් ඡන්දයක් තියලා බලයට එන්න කියන්න බලන්න...

:       1       2

Bamunuarachchi Friday, 05 January 2024 05:17 AM

ඇත්තටම ඔබ කළයුතුව තිබුණේ මේ තීන්දු කිසිවක් නොගෙන ගෙඩිය පිටින් ඊළඟ පාලකයාට දීලා බලා සිටීමයි. අනුර හරි, සජිත් හරි රටගොඩගන්න හැටි අපිට බලන්න තිබුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 471 0

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 632 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 551 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 223 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 637 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 792 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39156 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site