(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපත ලබන දරුවන්ට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරන උප්පැන්න සහතිකයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැදුනුම්පත් අංකය අද (1) සිට ඇතුළත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
එම දෙපාර්තමේන්තු දෙක මාර්ගගත ක්‍රමය ඔස්සේ තොරතුරු හුවමාරු කරමින් ආරම්භයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවත් ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර සහ තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් ගුණතිලක මහතා කීය.
එම උප්පැන්න සහතිකය ලබාගත් සියලුම පුරවැසියන් වයස අවුරුදු 15 ට එළඹි පසු ජාතික හැදුනුම්පත සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ පසු උප්පැන්න සහතිකයේ සඳහන් අංකයට ජාතික හැදුනුම්පතක් නිකුත් කරන බවත් උපතේ සිට එකම අංකයකින් තොරතුරු වාර්තා සහ ගබඩා කරගැනීමට හැකියාව ලැබීමෙන් ජනතාවට පහසුවක් ඇති වන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් කීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජන්ම පත්‍රයට හඳුනා ගැනීමේ අංකය අද සිට
Cisco Monday, 01 August 2022 04:07 PM
ඉතා හොඳ වැඩක්. මෙම අංකයටම දේපොළ සහ බැංකු ගිණුම්වල තොරතුරු සම්බන්ධ කළා නම් රටේ හොරකම යම් තරමකට අඩු කරගන්න පුළුවන් වෙයි.
Pradeep KumaraMonday, 01 August 2022 04:47 PM
ඒක හොද වැඩක් තමයි. විදේශ ගමන් බලපත්‍රයේ අංකයත් මේ සමගම සම්බන්ධ කළා නම් තවත් හොඳයි. නමුත් දැන් වෙලා තියෙන්නේ පවතින විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත්වූ පසුව නව බලපත්‍රයක් ලබා ගැනීමේදී කල් ඉකුත් වූ බලපත්‍රයේ අංකයට කිසිදු සමාන කමක් නැති නවතම අංකයක් ලබා දීමයි. ඒ අනුව එක් පුද්ගලයෙකු නමට අංක කීපයකින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවෙනවා.
DamindaMonday, 01 August 2022 06:51 PM
Passport number is unique to a individual passport book. When someone get a new passport book, number will change and it's a global thing.
Mo77Monday, 01 August 2022 07:26 PM
ඔබගේ ගුවන් බලපත්‍ර පරීක්ෂා කරන්න. එවිට ඔබට හඳුනා ගන්න පුළුවන් ජාතික හැඳුනුම්පත් අංකය. එය ගමන් බලපත්‍රයෙන් බලපත්‍රයට වෙනස් වෙන්නේ නෑ. ගුවන් බලපත්‍ර අංකයක් ලැබෙන්නේ ගුවන් බලපත්‍ර පොතට මිසක් පුද්ගලයාට නොවේ...
පැරකුම් Monday, 01 August 2022 04:31 PM
Ciscoගේ අදහස ඉතා අගෙයි
KULE Monday, 01 August 2022 04:36 PM
මේක අරත සිංගප්පූරුවට එලවපු කෙනාගෙ යෝජනාවක් අනුව ක්‍රියාත්මක වීමක් නේද?
Mo77Monday, 01 August 2022 07:28 PM
මේවා බොහෝමයක් විදේශ රටවල්වල ක්‍රියාත්මක වෙන දේවල්. මේ ගසකට බැර කරන්න ඕන දෙයක් නෙමෙයි. ලංකාව අවුරුදු සීයකට පස්සෙන් තාම ඉන්නේ අනිත් රටවල් වලට සාපේක්ෂව. අනෙකුත් රටවල් මෙම සමාජ සුබසාධක (social security) අංකය සෑම දෙයකටම ලින්ක් කරලයි තියෙන්නේ...!
fairoos Monday, 01 August 2022 05:45 PM
ඉතාම හොඳම වැඩක්...
මංගල Monday, 01 August 2022 09:28 PM
මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න මේච්චර පරක්කු වුණු එක ගැන තමයි හිතට අමාරු... මේ සම්පූර්ණ ක්‍රමය හැම රජයේ ආයතනයක් සමගම බද්ධ කළානම් මිනිසුන්ට රජයේ කාර්යාල ගානේ රස්තියාදු වෙන්න ඕනෑම නැහැ. තෙල් ඉතුරුයි, කාලය ඉතුරුයි, වැඩ ඉක්මන්... රජයේ සේවකයින්ගේ අයිස් ගැහිල්ලත් ඉවරයි....
Bandara Monday, 01 August 2022 10:08 PM
එතකොට වීරවංශ පවුලේ භාවිතා වන්නේ කොයි හැඳුනුම්පත් අංකයද?
Chandrasiri Dharmakeerthi Monday, 01 August 2022 10:13 PM
මේ ක්‍රමය ඉතාම අවාසි එකක්. හැකිනම් DNA ප්‍රොෆයිල් එකත්, රුධිර වර්ගයත් ඇතුල් කරන්න. ඒ වගේම ඒ අංකයට එම පුද්ගලයාට ඉදිරියේදී අවශ්‍ය වන ගිණුම් අංක, දුරකථන අංක, ගමන් බලපත් අංක නිකුත් කරන කොට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම වුණොත් රටේ අපරාධ ගොඩක් අඩුකරගන්නත්, අනෙකුත් පාලන කටයුතු වලට ගොඩක් පහසු වේවි...!
chandima Monday, 01 August 2022 10:23 PM
වේලාපත්කඩෙත් මේ අංකය ඇතුල් කළානම්...?
චින්තක Tuesday, 02 August 2022 04:59 AM
උප්පැන්න ලියාපදිංචි කිරීමේ සහතිකය නැත්නම් උප්පැන්න සහතිකයට ජන්ම පත්‍රය කියනවද? සාමාන්‍යයෙන් ලංකාවේ දරුවෙක් උපන් අවස්ථාවල උපන් වේලාව සඳහන් කරලා ජ්‍යෝතිෂය කරන කෙනෙක් හදන හඳහනට නම් ජන්ම පත්‍රය කියනවා...!
Ranuka Friday, 05 August 2022 06:54 AM
ඉතාමත් කාලෝචිත ක්‍රියාමාර්ගයක්...