IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජනවාරියේ සිට විදුලි බිල ඉහළට

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු සංශෝධන අනිවාර්යෙන්ම ලබන ජනවාරි මස ක්‍රියාත්මක කරන බවත් විදුලි ගාස්තු සංශෝධනය අවස්ථා 20 ක් යටතේ සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පැවසීය.

විදුලි ගාස්තු සංශෝධන කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නීතිපතිවරයා නිර්දේශ ලබාදී ඇති බව කී අමාත්‍යවරයා එම නිර්දේශ අනුව කැබිනට් මණ්ඩලය සහ අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කර මහජන උපයෝගීතා කොමිසමට ඉද්රිපත් කරන බව ද සඳහන් කළේය.

විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලබන වසරට අවශ්‍ය රුපියල් බිලියන 270 ත් 300 ත් අතර මුදල පූර්ණය කිරීමට අවශ්‍ය ආකාරයට විදුලි ගාස්තු සංශෝධනය කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය. 



අදහස් (23)

ජනවාරියේ සිට විදුලි බිල ඉහළට

fairoos Wednesday, 21 December 2022 02:20 PM

බිලත් වැඩිකරල පැය 10ක් කරන්ට් එකත් කපන්ඩ ඔන..එතකොට තමයි බය්යන්ට සැප.

:       4       19

kamal fernandoWednesday, 21 December 2022 02:57 PM

බයියන්ට විතරද සැප ? ඔයාලට ප්‍රශ්නයක් නැද්ද? දැන්වත් පක්ෂ පාට වලට බෙදෙන් නැතුව මිනිස්සු විදියට එකතු වෙයල්ලා

:       10       23

බමුණුආරච්චිWednesday, 21 December 2022 08:38 PM

හම්බයින්ට දැන් සැප නැහැලු.

:       2       0

Hafeel Wednesday, 21 December 2022 02:22 PM

මෙයා ඉන්ධන ගන්න QR කෝර්ඩ් එකක් හඳුන්වා දුන්න වගේ, ඉදිරියට විදුලි සැපයුමටත් QR කෝර්ඩ් එකක් හඳුන්වා දීල සතියට දවසක් විදුලිය දුන්නත් පුදුමයක් නැහැ.

:       2       27

දිමුත්Wednesday, 21 December 2022 03:54 PM

මම නං කියන්නෙ සියලු ජනතාව එක්ව නොගෙවා සිටිය යුතුයි. මෙවුන්ගෙ බර අපේ පිට දාන්නේ!

:       4       28

චින්තක Wednesday, 21 December 2022 02:37 PM

ජනතාවට ක්‍රම කිපයකින් දෙනවා .එක පිරිසක් සදහා සමුර්ධි සහ අඩු විදුලි ගාස්තු අඩුකරල දෙනවා .අනෙක් පිරිස තමන්ගෙ මහන්සියෙන් යමක් කමක් උපයාගෙන රජයට ආදායම් බදු රජයට නඩත්තු ගෙවීම් කරමින් විදුලිය සදහා වැඩිම බිලක් ගෙවනවා.ආගමික පිරිස් ජනතා ආධාර ලබමින් අඩුම විදුලි බිලක් ගෙවනවා. දේශපාලුවො උන්ට ඕන හැටියට බෙදාගෙන කනවා. මේ වනවිට කෝටි ගණනක් නොගෙවූ දේශපාලුවො ඉන්නවා කියලා පුවතක් පලවුනා. නිකම්ම ඉන්න අයට රජයෙන් උපරිම සහන දෙනවා .මෙහෙම නිකං කකා හිටියම රටක් හදන්න පුළුවන් වේද

:       0       36

Rexi Wednesday, 21 December 2022 02:43 PM

විදුලි ,වතුර,දුරකථන ,ඉන්ධන අනිත් කී නොකී දේ ඉහල ගියාට ඔහෙලාට මොකද නේද?කාලකන්නින් රකින එකම රට අපිද මන්දා?අනිත් එක ඔහෙලාට පවර් කට් නැහැනේ නේද?

:       1       28

kamalfernando Wednesday, 21 December 2022 02:55 PM

අවශ්‍ය මුදල් හොයාගන්න අහිංසක මිනිස්සුන්ට පීඩාවක් නොවී උඩ බලන් ඉන්න සේවකයන්ව ඉවත් කරලා වැඩක් කරන ,සීමිත සේවකයන් පිරිසක් රාජකාරියේ යොදවන්න .එතකොට පින් පඩි ටික ඉතුරුයි

:       1       25

JayakeirthiWednesday, 21 December 2022 06:02 PM

දිනය 21 මාර්ග අංක 6.... වේලාව උදේ 9ට විතර. DSE පිටේ ගැසූ ටී ෂර්ට් එකකින් සැරසුණු රේණුවක නමකින් යහලුවෙක්ගෙන් ඇමතුම් ලැබුණු කාන්තාවක් තමන්ගේ නෑදෑ කෙනෙක් බලන්න ගියේ රාජකාරි වෙලාවේ, යාලුවට කිව්වේ එහෙම තමයි රැකියාවක් දුන්නේ කැන්වසින් ගියාට හිලව් කිරීමටනේ... තවත් එකක් මෙහෙම හනිවරය ගැසූ ඇඳුම් ඇඳගෙන වෙළඳ සැලකට ගියාම වෙළෙන්දා දෙන සංතෝසම අහිංසක අපිට තමයි වැඩියෙනුත් එක්කම ගෙවන්න වෙන්නේ... එක් අතකින් මේවා කප්පම් ගැනීමක් කියන්න පුළුවන්.. මෙහෙම රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීම ගැන කිසිවෙක් බලන්නේ නැද්ද? රා.පරි. ඇමැති හා ලේකම්තුමාගේ අවධානයට යොමුවේවා..!

:       0       1

jason Wednesday, 21 December 2022 03:08 PM

විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් කෝටි ගණන්, ලක්ෂ ගණන් පොලු තියපු නිසා. විදුලිබිල වැඩිකරන්න කළින් ඔවුන්ගෙන් හිඟමුදල අයකරගත යුතුයි.

:       0       25

Lalith M Wednesday, 21 December 2022 04:01 PM

මණ්ඩලයේ ඉන්න පින්බත්කාරයින්ට බෝනස් සහ තරු පන්තියේ පඩි ගෙවන්න අපි මොකටද වැඩිය බිල් ගෙවන්නේ...? ඒවා නවත්තන්න ඕනෑ ඉස්සර වෙලාම...

:       1       14

චන්දන Wednesday, 21 December 2022 04:05 PM

බිල වැඩිකරලා පැය 10ක් කැපුවාම හරි... පරණ ගානම එයි. හෙන නොගහ යවන එකක් නැහැ .

:       1       13

TShiraz Wednesday, 21 December 2022 04:26 PM

හෙනම ගහන්න ඕනේ මුළු පවුල් සංහතියටම...

:       0       16

නිහාල් Wednesday, 21 December 2022 05:53 PM

වියදම් අඩු කිරීම සඳහා ඔබ ගෙනඇති ක්‍රියාමාර්ග මොනවද?

:       0       13

Lakmal Wednesday, 21 December 2022 06:00 PM

ආයෙත් හොඳ එකෙන් කන්න ලෑස්තිවෙලා ඉන්න... මේ සැරේ ගෙවල් ඇතුළට දාලාමයි ගිනි තියන්නේ...!

:       0       6

Prase Wednesday, 21 December 2022 07:16 PM

බිල වැඩිකරලා ලාබ පෙන්නන්න ඇමැතිලා ඕනෑ නෑ. නිකන් පඩි ගන්න හොරු ගෙදර යවලා, වියදම් අඩුකරලා, බිල අඩුකරලා ජනතාවට සේවය සපයන්න පුළුවන් මොලයක් අපිට ඕනෑ. ඔය වැඩකරන මොන්ටිසෝරි ළමයෙක්ට පුළුවන්... ඇමැති කෙනෙක් ඕනෑ...

:       0       8

බමුණු Wednesday, 21 December 2022 08:35 PM

අපිට දැනගන්නට ලැබුණු පරිදි කෝප් කමිටුවේ සාකච්ඡා කළ පරිදි තවමත් මනු කියවන්නට වැටුප් ගෙවා නිවැරැදිව කියවනවාට දීමනාවක් ගෙවනවද? විදුලිබල මණ්ඩලයට කෝටි ගණන් වලින් පාඩුනම් එහි සේවකයින්ට බෝනස් ගෙවන්නේ මොන කෙහෙල් මලකටද? ලාබ වුණත් එහි සේවකයින්ට බෝනස් දෙන්නේ මොන දේකටද? එතකොට අනිත් රජයේ සේවකයින්ටත් ගෙවනවාද? ඇයි බෝනස් ගෙවන්නේ? උඹලට වැඩකරන්න බැරි නම් පලයව් යන්න...

:       1       6

ranjith Wednesday, 21 December 2022 08:49 PM

චන්දයකදී ජනමතය පෙන්නමු හොරු පන්නමු

:       0       0

Kumara Thursday, 22 December 2022 12:08 AM

වැඩි කරපන් අරගලය තවත් ඉක්මන් වෙනව

:       0       0

virasena - mathara Thursday, 22 December 2022 12:48 AM

මේ රටේ සියලුම විදුලි පාරිභෝගිකයින්ගේ ඡන්දය අනිවාර්යයෙන්ම ජවිපෙට. මේ මෝඩ විදුලි ඇමැති කෙනෙක්. අසූචි කකා තමයි අවසානයට ඉන්න වෙන්නේ.

:       0       2

LGPJ Thursday, 22 December 2022 07:25 AM

විදුලි බිල...!

:       0       0

liyanage Thursday, 22 December 2022 09:10 AM

මණ්ඩල පාඩුයිලු... අපිට මොකවත් ලාබයක් වුණාද? අපෙන් වැඩියෙන් අයකරන්නේ..!

:       0       1

අබිලින් Thursday, 22 December 2022 01:32 PM

ඇමතිතුමෝ, ඔහේගේ මුත්තලා හිටපු කාලයේ දකුණු පළාතේ කැකුණ ඇට ඉරටුවේ ගසාගෙන ඒවා පන්දම් ලෙසට පත්තුකර එළිය ගත්තා කියලා අහලා තියෙනවා.. නරකද නැවතත් එම කැකුණ වගාව ආරම්භ කරලා ජනතාවට එහෙමවත් ආලෝකය ගන්න සැලැස්සුවොත්..? ඔහේට ඉතින් පුළුවන්කම තියෙන්නේ මණ්ඩලයේ කචල් නිසා සිදුවන පාඩු අපෙන් ගන්න වැඩිකිරීම පමණයිනේ... ඒකයි මම කියන්නේ දකුණු පළාතේවත් කැකුණ වගාවක් කරන්න කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 0 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 111 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 463 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 720 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 70 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 143 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27544 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20816 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 657 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site