IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


’’ජොන්ස්ටන්ගේ වාහනයේ CCTV සුරක්ෂිතව තබන්න’’

(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන නීතිවිරෝධී ලෙස එකලස් කළා යැයි චෝදනා එල්ල වී තිබෙන මෝටර් රථය ගරාජ් අංක තහඩුවක් යටතේ ගාල් කර තිබූ හිල්ටන් හෝටලයේ සී.සී.ටීවී දර්ශන සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (11) හිල්ටන් හෝටල් කළමනාකාරිත්වයට නියෝගයක් නිකුත් කළාය.

ප්‍රශ්නගත වාහනය නවතා තිබූ කොළඹ හිල්ටන් හෝටලයේ සී.සී.ටීවී දර්ශන සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම දර්ශන සුරක්ෂිතව තබා ගන්නා ලෙස හිල්ටන් හෝටල් කළමනාකාරිත්වය නියෝගයක් නිකුත් කරන්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සළකා බලමින් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම මෝටර් රථය නීත්‍යනුකුල නොවන අයුරින් මෙරටට ගෙන්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර පරිහරණය කළ බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබේ. ප්‍රශ්නගත  මෝටර් රථය ගරාජ් අංක තහඩුවක් සහිතව කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගලේ තිබියදී සොයා ගත් අතර ඒ පිළිබඳ රහස් පොලිසිය විමර්ශන ආරම්භ කළේය.

සිදුවීමට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ තවත් සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත් අඩංගුවට ගෙන තිබු අතර එම සැකකරුවන් සියල්ලම මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප මත මුදා හැර තිබේ.

දීර්ඝ කාලයක් හිල්ටන් හෝටලයේ රැඳී සිටි පුද්ගලයකු පසුගියදා ජනාධිපතිවරණයට පෙරදින ප්‍රශ්නගත මෝටර් රථය හිල්ටන් හෝටලයට ගෙනත් දමා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මෙම විමර්ශන ආරම්භ විය.



අදහස් (0)

’’ජොන්ස්ටන්ගේ වාහනයේ CCTV සුරක්ෂිතව තබන්න’’

ඔබේ අදහස් එවන්න

දියත

තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 522 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


සැපරියෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 1348 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 2043 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 800 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 481 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 3068 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1989 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site