IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


ජනාධිපති අනුරට දෝෂාභියෝගයක් ගේනවා

(යොහාන් භාසුර)

අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ සම්බන්ධ කමිටු වාර්තා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹදී අද (28) පෙරවරුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය. ජාතියෙන් සමාව ගෙන රවී සෙනෙවිරත්න ඉවත්කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට තවමත් පවතින බවත් එය නොකළ හොත් පමණක් දෝෂාභියෝගය ඉදිරිපත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදුර්දීන් සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා කෙටුම්පත් කරමින් එම හැකියාව ප්‍රදර්ශනය කර ඇති බව කී ඒ මහතා ජනතාව තමන් පාර්ලිමේන්තුවට නොයැවුවද ‘සර්වජන බලය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය භාරව සිටින්නේ ලොකුම චූදිතයෙක් බව කී ගම්මන්පිල මහතා පැවසුවේ අනුර කුමරු රජ වූ පමණින් කෝමාවෙන් හෝ කොමාවෙන් හදිසියේ නැගිට උදය ගම්මන්පිල චෝදනා නැගීමක් නොවන බවත්ය.

උදය ගම්මන්පිලගේ වසර 25 ක පමණ ඉතිහාසය තුළ ආණ්ඩුව කරන වංචා දූෂණ හෙළිදරව් කිරීම් ප්‍රදර්ශනය කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (31)

ජනාධිපති අනුරට දෝෂාභියෝගයක් ගේනවා

sk Monday, 28 October 2024 12:07 PM

එයාව පාර්ලිමේන්තුවට ගන්න තරම් අපි මෝඩ නෑ...

:       98       70

dileepa Monday, 28 October 2024 12:26 PM

ඒ කියන්නේ දෝෂාභියෝගේ එන්නේ නෑ. මොකද පොර පාර්ලිමේන්කුවේ නෑනේ...

:       157       91

ChrisMonday, 28 October 2024 01:51 PM

ඔයාලා කොහොමද කියන්නේ එන්නේ නෑ කියලා. අපිනේ යවන්නේ. අපිට ඕන ඇත්තටම පාස්කු ප්‍රහාරේ ගැහුවේ කවුද කියලා බලාගන්න. ඒක යට ගහනවා නම් කරන කෙනෙක්ව පාර්ලිමේන්තු යවනවා...

:       46       119

සෙනෙවිරත්න Monday, 28 October 2024 12:43 PM

තමුන් කලේ සුරේෂ් සලේ හෝදලා රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත් එක ඉටු කරපු එක. අනෙක විදෙස් චැනල් එකක ප්‍රචාරය වෙච්චි ඕපාදූපයකට කමිටු දාන්න ඕනෑ නම් අර පැනමා පේපර් වල තිබිච්චි ඒවාට ගම්මන්පිල පිනුම් ගහන්න එපාද? කෝ ඒවාට ගෝඨාභය දාපු කම්ටු වාර්තා? අනේ ගොම්මන්පිල තමුන්ගේ හේදිල්ල ගැන රටම දන්නවා. අර ඕස්ට්‍රේලියන් කාරයාගේ සේසත සුද්ද කරපු නඩුවට වෙන දෙයක් බලාගන්න...

:       138       73

UlapaneMonday, 28 October 2024 01:55 PM

ඉතින් හත්වලාමේ වැ‍රැද්දක් නැති මිනිහා නිවැරැදි කරන්න එපැයි. පැනමා පේපර්වල නිරූපමාගේ නම දාපු ඔවුන් කියනවා ඒකට දාන්න හේතුව ඔවුන් කෝල් කරපු වෙලාවේ ඒක ආන්සර් කරපු නැති එකලු. යකෝ පුදුම කතානේ ඒවා. රවී වැරැදි නැත්තන් අඩු ගානේ මාධ්‍ය සාකච්ඡා තියලා කියපන්කෝ මම වැරැදි නෑ මේ කියන්නේ බොරු... මම මේ බොරුවලට විරුද්ධව නඩු දානවා කියලා... ඇයි එහෙම නොකරන්නේ... සෙනෙවිරත්න, තමුන් මේ පාර ඡන්දේ ඉල්ලනවනේ මාලිමාවෙන්...!

:       13       61

දීපාල් Monday, 28 October 2024 12:43 PM

කොහොමත් ගෙම්බෝ යවන්නේ නෑ. ගියත් තනියේම තමයි ඉන්න වෙන්නේ... මෙයා කවුද...?

:       127       72

සෙනෙවිරත්න Monday, 28 October 2024 12:44 PM

මේ වාර්තාව අමුතු දෙයක් නොවෙයි, මේක බොහෝදෙනෙක් ළඟ තියෙනවා කියලා පලවෙලා තිබුණා. ඒක නිසා මේක නිකන් පිළුන් වෙච්චි කතාවක්...!

:       120       59

amila Monday, 28 October 2024 12:46 PM

මේ වගේ මිනිස්සුන්ව රටින් පිටුවහල් කරන්න විදියක් නැද්ද?

:       143       110

සමන් විමල් Monday, 28 October 2024 01:32 PM

අමිල ඔබ වැනි තේරුමක් නැති මිනිස්සු සිටින තාක් ඒ අයද සිටිය යුතුමයි.

:       25       81

Perera Monday, 28 October 2024 12:50 PM

ඊට කලින් ජනතාව ඔබට දෝෂාභියෝගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවට එන්න දෙන්නේ නෑ

:       126       89

රම්බොඩ Monday, 28 October 2024 01:03 PM

මේක තමයි මෙයාලා දන්න දේශපාලනය. වර්ථමාන ජනාධිපතිවරයා තවම වැඩ කරන්න ගත්තෙත් නෑ. දැන්මම කකුලෙන් අදිනවා.

:       109       52

maalaka Monday, 28 October 2024 01:17 PM

අර ඕස්ට්‍රේලියා කේස් එකට මොකද වුනේ.. දැන් අමුඩෙත් නැති නිසා මුන වහගෙන මොකක් හරි හොයා ගන්ඩ

:       71       36

අනුර Monday, 28 October 2024 01:19 PM

විශ්වාස භංග යෝජනාවක් ගේන්න පාර්ලිමේන්තුවට එන්න එපැයි

:       90       34

පුරවැසියා Monday, 28 October 2024 01:21 PM

අංගොඩ මානසික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට යොමුකළ යුතු මානසික රෝගියෙක් තමයි..

:       99       61

Alfread Monday, 28 October 2024 01:25 PM

ඇත්තටම කවුද ඔය මූණ හංගාගෙන හිටපු නිලධාරියා? ඇයි එයාලාට මේ කොටින්ට කඩේ ගිය අයට ගිහින් කෙප්ප අතෑරියේ. කොච්චර කෙප්ප කිව්වද කියනවා නම් ඊට පස්සෙන්දා චැනල් 4 නාලිකාවෙන්ම ඒ වීඩියෝ එක අස් කරා...!

:       4       156

පිටිගල මිලානෝ Monday, 28 October 2024 01:26 PM

ලංකාවේ ජන අප්‍රියතම මිනිහා ගම්මන්පිල්ලිය...

:       98       57

Jude Monday, 28 October 2024 01:28 PM

බලන්න මෙතුමාට චෝදනා කරන කිසිම කෙනෙක්, ඒවා බොරුයි කියලා කියන්නේ නෑ. ජෙප්පෝ තනිකරම කතෝලික මිනිස්සු අන්දලා ඡන්දේ අරන් තියෙන්නේ බොරු වපුරලා. එයාලත් ඉතින් කැමැත්තෙන්ම ඇඳ ගත්තානේ. ඇයි යකෝ ඔය අලුත් කමිටුවට පත් කරන්න වෙන මිනිස්සු හිටියේම නැද්ද?

:       24       159

Mahinda Monday, 28 October 2024 01:29 PM

එතකොට අර ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මුදල් වංචා කලේ ශානිද, රවී සෙනවිරත්නද, ඌරු ගොන්මන්පිලද? එම ඔස්ට්‍රේලියානු ජාතිකයාගේ බිරිද මාධ්‍ය හමුවක් පවත්වා ඔය මහා පරහිතකාමියා එවක මන්ත්‍රී වරප්‍රසාද මග හරිමින් අධිකරණයේ පෙනී නොසිට ඔවුන් අධිකරණය නියම කළ දිනයට මෙරටට පැමිණ හෝටල් හි නැවැතී ගුවන් ටිකට්පත් සඳහා විශාල වියදම් දරා ආවාද විවිධ කරුණු දක්වමින් කළ අකටයුතුකම් රටටම හෙලිකළා. මෙම සිදුවීම එකල මාධ්‍යයන් හී පලවු දෑ මා කියවා ඇත. තවද ඔහුට මන්ත්‍රී වරප්‍රසාද යටතේ ඉතා අධිසුඛෝපභෝගී රථවාහන ජනතා මුදලින් ගෙන්වා අධික ලාභ ඉපැයූ කේවට්ටයෙකි...

:       120       38

gunarathna Monday, 28 October 2024 01:31 PM

ගම්මන්පිල මහත්තයෝ ඔයා හදන්නේ වීරයා වෙලා මිනිස්සුන්ගේ ඡන්දෙ ගන්න හදන වැඩක් කියලා හැමෝටම තේරෙනවා. ඔබතුමාටත් වෙන්නේ විමල් වීරවංශ වගේ ඡන්දෙට ඉදිරිපත් නොවී ඉන්න.

:       71       28

කපිල Monday, 28 October 2024 01:44 PM

මෙතැන කට්ටියක් ගම්මන්පිලට බනිනවා, එයාලාගේ ලොක්කෝ වේදිකා වල බනිනවා. කිසිකෙනෙක් මෙයා කියන කතා අධිකරණයක් ඉදිරියට ගිහිල්ල බොරුයි කියලා ඔප්පු කරන්න උත්සාහයක් නැහැ. බලයේ ඉන්න අයට තියෙන නීතිඥ දැනුම ප්‍රශ්නකාරියි නේද?

:       14       107

Jayantha Monday, 28 October 2024 01:56 PM

ගොම්මන්පිලය‍ාට පිස්සු තදවෙලා මරු කියවනවා. මෙයාටත් කේස් තියෙනවා. ඒකයි පිස්සු තදවෙලා තියෙන්නේ..!

:       45       16

Kalum Fernando Monday, 28 October 2024 01:57 PM

ඡන්දෙන් ඉස්සෙල්ලා කොහොම හරි හැර යන්නයි බුවා ට්‍රයි කරන්නේ. එහෙම වුණාම ගම්මන්පිළ හිතාගෙන ඉන්නේ ඉම්රාන් ඛාන් වගේ හිරේ ඉඳන් ඡන්දේ කරලා දිනන්න පුළුවන් කියලා.

:       45       14

Senu Fedrik Monday, 28 October 2024 02:00 PM

මට නම් ගම්මන්පිල සෙට් වෙන්නේම නෑ. හැබැයි මේ මනුස්සයා කියන ඒවා ආණ්ඩුව ඊට පස්සේ තිබ්බ සාකච්ඡා වලිනුයි, ක්‍රියාවෙනුයි ඔප්පු කරා විතරයිනේ... අනේ මේ අනුර මහත්තයෝ, රවියි, ශානියි ඇත්තටම චෝදනාලත් මිනිස්සු නම් එලවලා දාලා විමර්ශනයක් කරන්න. මොකටද ඔය කුණු ගොඩවල් තියාගෙන නිකන් පක්ෂයත් හෑල්ලු කරන්නේ දෙයියනේ...

:       9       45

පිටරටවැසියා Monday, 28 October 2024 02:02 PM

සොමියට ගහලා, කරුමෙට හිටලා, වාසනාවට මෙලොවට බිහිවෙච්චි තවත් කෙනෙක්...

:       42       17

Morris Monday, 28 October 2024 02:07 PM

ජවිපෙට අපි ඡන්දෙ දුන්නේ මහත්තයෝ වෙන මොකුත් නැතත් මේ ප්‍රශ්නේ හරි සාධාරණව යුක්ති සහගතව ඉෂ්ඨ කරලා දෙයි කියන බලාපොරොත්තුවෙන්... දැන් කාදිනල් තුමත් ජවිපෙ එක්ක දේශපාලනයක් කරනවා කියලා තේරුණාම ඒකත් අතෑරලා අපි පැත්තකටම වෙලා ඉන්නවා. වෙන කිසිම ආණ්ඩුවක් මෙච්චර ඉක්මනට මිනිස්සුන්ගේ බලාපොරොත්තු සාහසික විදියට විනාශ කරේ නෑ.

:       15       53

Heshan Monday, 28 October 2024 02:13 PM

මෙච්චර කල් ඔය වාර්තාව කොහෙද තිබ්බෙ? ඔච්චරම ඔය ප්‍රහාරය ගැන

:       12       9

ගමේ එකාලා Monday, 28 October 2024 02:32 PM

මෙයා නම් හෙළ කරුමයක් .රාජපක්ෂලා ගේ සාටකේ එල්ලිලා ගොඩ ගියා.කරපු වන්චා දූෂණ වලින් බේරුණා..පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්න දූෂිත පවුල් පාලනේ ඉන්න අයව ආරක්ෂා කරන්ඩ නොයෙකුත් උප්පරවැට්ටි දාලා බලනවා.

:       4       10

kamal Monday, 28 October 2024 03:05 PM

මේකේ ලයික් දමන බොට් ලට සල්ලි දෙන කෙනා නන් අමු මොඩයෙක්

:       0       3

Lakmal Monday, 28 October 2024 03:09 PM

මම මේකට විරුද්ධයි

:       0       0

chinthaka Monday, 28 October 2024 03:10 PM

ජනදිපතිට දෝශාභියෝග ගෙනෙන්න ඉස්සර පාර්ලිමේන්තුවට යන්න එපැයි , වැලේ වැල නැති දේශපාලන අනාථයෙක්

:       1       3

Sriyal Monday, 28 October 2024 03:18 PM

ඕකට පුලුවන් ඕව විතරයි

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

සංචාරක තහනම ගැන ඇමෙරිකන් තානාපති පැහදිලි කරයි
2024 ඔක්තෝබර් මස 28 180 0

ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.



සජබ හිටපු මන්ත්‍රීගේ සැප රිය පබුරන දමා ගිහින්
2024 ඔක්තෝබර් මස 28 1219 1

දකුණ පළාත් සභාවේ සමගි ජනබලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් සුඛෝපභෝගී කැබ් රථයක් මාතර පබුරන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් පිටුපස දමාගොස් තිබිය


’’ලබන වසරේ බල හුවමාරුවක්’’
2024 ඔක්තෝබර් මස 28 2521 3

ඉදිරි දේශපාලනය පිළිබඳ අනාවැකියක් කියන බවත් 2025 වන විට රාජ්‍ය බලයෙන් වාමාංශික මතවාදය ගැලවී නැවත වරක් දක්ෂිණාංශික අලුත් කණ්ඩායමකට බලය හුවමාරු වන බවත් ජා


පාර්ලිමේන්තු ක්‍රමවේදය සරසවි 5ක විෂය නිර්දේශයට
2024 ඔක්තෝබර් මස 28 287 0

පාර්ලිමේන්තු ක්‍රමවේදය විශ්ව විද්‍යාල පහක විෂය නිර්දේශයන්ට ඇතුළත් කරනු ලැබ ඇත.


දවල් කෑම දුන්න අපේක්ෂකයා පොලිසිය එද්දි මරු වෙලා
2024 ඔක්තෝබර් මස 28 529 0

වැඩිහිටියන් 500 කට දිවා ආහාරය ලබා දී පැවැත්විමට සුදානම් කර තිබු දේශපාලන රැස්විමක් පිලිබදව පොලිසියට තොරතුරු ලැබිමත් සමඟ එය සංවිධානය කළ නව දේශපාලන පක්ෂය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 595 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site