IMG-LOGO

2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති IMF වහලෙක් වෙලා

(යොහාන් භාසුර)

රට අනුරට කියා බලය ගෙන අයවැය හරහා රටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයිඑම්ෆ්) යටපත් කර ඇති බවත් ජනාධිපතිවරයා අයිඑම්එෆ් වහලෙක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පැවසීය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව සංසදනය කළ යුතු බවත් මේ තුළ අඩංගු පොරොන්දු මේ අයවැයේ කොපමණ ක්‍රියාත්මක කර ඇත්ද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා කීය.

රට අනුරට කියන මේ ප්‍රතිපත්ති මාලාව තුළ ලොකු කේක් ගෙඩියක් හදනවා කියා පොරොන්දු වුවත් රට අනුරට නොව රට අයි එම් එෆ් එකට ගිය වගනම් පෙනෙන්න ඇති බව කී විපක්ෂ නායකවරයා අයිඑම්එෆ් එකේ සීමාවන් තුළ අයවැයේදී කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.

අයවැයට අනුව ප්‍රාථමික ශේෂය 2.5ක් නඩත්තු කරමින් ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයේ වියදමක් ලෙස සියයට 13 ක් කළ යුතු බවත් 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ සියයට 13ක සීමාව අයිඑම්එෆ් න්‍යාය පත්‍රයක් බවත් සඳහන් කළේය.

ප්‍රාථමික ශේෂය 2.5ක් පවත්වාගෙන යාමම අයි එම් එෆ් එකේ නිර්දේශ බව පැහැදිලිවම ඉතාමත්ම සීමාසහිත සම්පත් ප්‍රමාණයක් ආයෝජනය වෙනුවෙන් වෙන් කර ඇති බවත් මෙම අයවැය රටේ ප්‍රශ්න වලට විසදුම් නැති අයවැයක් බවත් විපක්ෂ නායකවරයා කීය.

මෙම අයවැය තුළ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය උගුලට, දුප්පත්කම තුරන් කරන්න විසදුම් නොමැති ඉහළ ආර්ථික වර්ධනයක් ව්‍යවසායකත්වය හරහා නඩත්තු කිරීමක් මේ තුළින් සිදුනොවන බවත් වැවිලි කර්මාත්නය කෘෂිකර්මාතය හා ධීවර ක්ෂේත්‍රයට අදාළව දුන් පොරොන්දු ඉටු කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලුත් ණය ප්‍රතිව්‍යුහගත කරණ ගිවිසුමකට යනවා යැයි මැතිවරණ වේදිකාවේ කිව්වත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කෙළින්ම යන්නේ අයිඑම්එෆ් එක අඩි පාරේ බවත් තමා බලයට පැමිණියත් අයි එම් එෆ් රාමුවට අනුව කටයුතු කළ යුතු වුවත් එහි දී තමා ජනතාවාදී වැඩපිළිවෙළක කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

වත්මන් ජනාධිපතිවරයා ජනතාවාදී නොවන බවක් පෙනෙන්නට ඇති බවත් මේ අයවැයට සංශෝධන ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ට මාස හයෙන් හයට වැටුප් වැඩිවීම සිහිනයක් කර වත්මන් ජනාධිපතිවරයා ජනවරමට පිටුපා අයිඑම්එෆ් එකේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බවත් මේ අයවැය කතාව හා ප්‍රතිපත්ති මාලාව සංසන්දය කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මාස 6න් 6ට රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් ගැන කිව්වත් අවසානයේ වැටුප් වැඩිවන්නේ වසර 3ක් තුළ සොච්චම් මුදලකින් කරන බව කී එය අද පවතින ජීවන වියදමට ප්‍රමාණවත් නොවන අතර පෞද්ගලික අංශයට කුඩම්මාගේ සැලකිල්ල දක්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (15)

ජනාධිපති IMF වහලෙක් වෙලා

රනේ Monday, 17 February 2025 07:02 PM

ටික දවසකට ඔහේට දෙන්නෙයි මේක කරන්න?

:       7       54

Pankumburage Monday, 17 February 2025 07:17 PM

ඉතින් මෝඩයෝ IMF එකටත් ඇහුන්කම් දෙන්න ඕනෑනේ. ඔවුන්ගෙන් ණය අරන් තියෙනවානේ...!

:       6       58

වික්‍රම විදුර Monday, 17 February 2025 09:07 PM

කෝටි 50ට මොකෝ හලෝ වුණේ..

:       1       11

පිටරටවැසියා Monday, 17 February 2025 09:14 PM

මෙයා වැස්සකටවත් ලංකාවේ බැංකු ශාකාවකට ගොඩවෙලා නැතිව වගෙයි කතාව. සීයා හොඳට හෝ නරකට හෝ ගහලතියෙන ගිවිසුමක් තියෙන විත්තිය මේ පුතාණෝ දන්නෙම නැද්ද? මෙයා වැරදිලාවත් ජනපතිවුණා නම්,

:       1       12

ගමේ එකාලා Monday, 17 February 2025 11:09 PM

අන්තෝජටා බහි ජටා.කිව්වලු නම සමගි ජන බලවේගය වුණාට නැත්තෙත් ඒකයි..තමුන් ගේ කෙරුව්වාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       1       9

Perera Monday, 17 February 2025 11:18 PM

මෙයාගෙන් ඔහොම කතා මිසක් වෙන මොනවා බලාපොරෛාත්තු වෙන්නඩද?

:       1       12

චතුරි Tuesday, 18 February 2025 01:51 AM

ඔබ නේමේ නේ රට පාලනය කරන්නෙ. ඒනිසා ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඔබ වැඩකරන්නෙ. නමගිය හොරුරෑනක් එක්ක. නමුත් ජනදිපති හොරුන් ස්තුගාලා දාලා අවංක සේවකයින් අර්න් ඉන්නෙ. ගරු මැති ඇමැතිලා නෙමේ. ඉතින් මේරජයට මොලේ තියෙන නිසා ණය අරන්.

:       2       9

B Amarasinghe Tuesday, 18 February 2025 05:07 AM

රනිල්ගේ වහල්කමට වඩා මේ වහල්කම හොඳයි වගේ

:       1       10

Shantha Tuesday, 18 February 2025 05:49 AM

එයා වහලෙක් වුණාට කමක් නෑ ඔයා හිවලෙක් වෙන්නේ නැතුව ඉන්නකෝ

:       1       9

ලක්විදු Tuesday, 18 February 2025 09:02 AM

අයිඑම්එෆ් එකට හිරවෙන තත්වයට රට ගෙනාවෙ ඔහෙගෙ පියානෝවයි, ඔහෙලයි, කපුටයි, මයිනයි, ගෝතයයි, මඤ්ඤං සීයයිනෙ..!

:       1       9

m. saman perera Tuesday, 18 February 2025 09:40 AM

එතකොට සජියෝ සෙල්ලම් සේන රට කලේ අයිඑම්එෆ් එකේ කොන්දේසිවලට අනුව නෙමෙයිද?

:       1       7

Manoj Tuesday, 18 February 2025 09:49 AM

අපට ණය දෙන ජාතින්ගේ සමුළුවක් අපිට ඒ අය ණය දෙනවා නම් අපේ කොන්දේසි දාන්න හිටියේ අපරාදේ ලංකාවේ මිනිස්සුන්ට වාසනාව නැති වුණා

:       0       5

kamal Koyrala Tuesday, 18 February 2025 12:13 PM

සජිත් වහලෙක් වෙලා ඉන්න ගත්තු ණය වලට, මෙවරත් යටවෙලා ඉන්නේ කෝටි 50 අරගෙන මේ දවස්වල රනිල්ගේ වහලෙක් වෙන්න සාකච්ඡා වෙනවා...

:       1       4

Rata Perata Tuesday, 18 February 2025 01:01 PM

පක්ෂ වහලෙක් වගේ වෙනවාට වැඩිය එක හොඳයි.... ඇයි මනුස්සයෝ බිලියන ගාණක ණය අරගෙන නේද අයිඑම්එෆ් එකෙන් ඔහෙලා

:       1       4

De silva berlin Tuesday, 18 February 2025 01:05 PM

මේ අවස්ථාවේ රට කල යුත්තේ අයිඑම්එෆ් ක්‍රම උපදෙස් වලට අනුව මිසක් වෙන ක්‍රමයකට නොවේ ,එහෙම නොකලොත් ආර්ථිකේ කඩ වැටිලා අපි හැමෝම අමාරුවේ වැටෙනවා. ඔබ ජනාධිපති වුණත් එක කරන්න වෙනවා , එම නිසා අනුර අයිඑම්එෆ් වහලෙක් ලෙස හැදින්වීම වැරදි. නමුත් අනුර සහ ඔහුගේ කණ්ඩායම කල එකම වැරැද්ද මේවා දැන දැනත් චන්දෙට කලින් ජනතාවට කරන්න බැරි පොරොන්දු දීම

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඉසෙඩි ඇළෙන් ගොඩට ගිය අලියා දෙන්නෙකුට දිවි අහිමි කරයි
2025 පෙබරවාරි මස 20 57 0

පොළොන්නරුව මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට අද( 20) අලුයම වැටී සිටි වන අලියෙකු ගොඩ ගැනීමෙන් අනතුරුව එම අලියා දිඹුලාගල වෙහෙරගම ගම්මානයට කඩා වැදී එකම පවුලේ දෙ


ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනපතිට සුබ පතයි
2025 පෙබරවාරි මස 20 139 0

සංවර්ධනය මූලික කර ගත් මෙවර අයවැය, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් අංශය ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන පරිදි සකස් කර ඇති බව සඳහන් කරමින් ශ්


දසුන් ශානකට ලක්‍ෂ 30ක දඩයක්
2025 පෙබරවාරි මස 20 345 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දසුන් ශානක අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියට සහභ


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 2590 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේ


’’ගනේමුල්ල සංජීවගේ දේහය භාර ගැනීමට කවුරුත් නැහැ’’
2025 පෙබරවාරි මස 20 1572 0

අලුත් කඩේ අංක පහ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූ අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ මෘත දේහය භාර ගැනීම සඳහා නිශ්චිත අය


සංජීවට වෙඩිතැබීමේ සිද්ධියේ කාන්තාව සොයාදෙන්නාට මුදලින් තෑගි
2025 පෙබරවාරි මස 20 936 0

කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ අංක පහ අධිකරණ ශාලාව තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමර රත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 38 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 366 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 158 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site