IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජපානයෙන් යෙන් මිලියන 1600ක ආධාරයක්

(අංජුල මහික වීරරත්න)

ජපන් යෙන් මිලියන 1600ක ආධාර මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ඇත.

ආර්ථික අර්බුදය නිසා විපතට පත් ජනතාව සඳහා ක්ෂණික මානුෂීය ආධාර ලබාදීම සහ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම උදෙසා රාජ්‍ය අංශයය සවිබල ගැන්වීම මගින් ජපාන රජය සිය සහයෝගීතාව පුළුල් කර ඇතැයි රජය කියයි.

 ඒ අනුව ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපානයෙන් මිලියන 1600ක් (රුපියල් බිලියන 3.3ක්) ප්‍රදානය කිරීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇතැයි ද රජය පවසයි.

වෙරළ සංරක්ෂණ කටයුතු,උතුර ඇතුළු ප්‍රධාන රෝහල්වලට මාතෘ සහ ළමා ප්‍රතිකාර උපකරණ ලබා ගැනීම, උතුරු නැගෙනහිර ධීවර ආරක්ෂක උපකරණ ලබා ගැනීමට මෙම මුදල් යොදා ගැනීමට නියමිතය.

ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ආධාර ලබා ගැනීමට ජපාන රජය සමග හුවමාරු පත්‍ර සහ වෙනත් අදාල ලියකියවිලි අත්සන් කිරීම පිණිස මුදල් ,ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා  ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



අදහස් (3)

ජපානයෙන් යෙන් මිලියන 1600ක ආධාරයක්

achini Tuesday, 12 March 2024 02:09 PM

කපුටා ආපහු ආවේ මේක ආරන්චිවෙලාද දන්නේ නැහැ

:       0       2

Hafeel Tuesday, 12 March 2024 02:28 PM

මේ ජනාධිපති බලයට ආපු දා ඉඳන් එක එක රටවලින් ආධාර සහ ණය ගන්න ගත්තු කැබිනට් අනුමැතිය, අස්සන් කරපු ගිවිසුම් සහ රටවල් ගණනාවට කල සංචාරය අනුව ලංකාව මේ වනවිට ලෝකේ අංක එකේ ශක්තිමත් ආර්ථිකයක් තියන රටක් වෙන්න ඕනේ. නමුත් කියන්න කනගාටුයි නිකම් පුස් වැඩිල්ලක් තමයි.

:       1       1

Weerasingha Tuesday, 12 March 2024 02:36 PM

ඔය මුදල ණය පොතේ ලියන්නෙ නැහැ නේද බැරිවෙලා හරි එහෙම ලියල ණය වාරික ලෙසට සුනාමි ගිණුමකට ගියා වගේ වෙනත් ගිණුමකට යයිද කියලා බලන්න කෙනෙක් ඉන්නවා නම් හොදයි

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 204 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 5 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 464 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 202 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 379 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 788 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38591 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site