(අංජුල මහික වීරරත්න)
ජපානයට සාමය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා කළ මෙහෙවර අගයමින් ජපන් ජාතීහු ගුණසමරු උත්සවයක් පැවැත්වූහ.
ජපානයේ සාම ගිවිසුමට වසර 70 ක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධාන කර තිබිණි .
1951 වසරේ සැප්තැම්බර් 4 වැනිදා ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවති සාම සමුළුවෙි දී එවකට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ජේ.ආර් ජයවර්ධන මහතා නහී වේරෙන වේරානී යන බුදු වදන මුල්කර ගනිමින් පැවැත්වූ දේශනයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් ජපානය සම්බන්ධයෙන් තිබූ වෛරය අත්හැර ගැනීම පිළිබඳව ජපන් ජාතීහු අදටත් ගෞරවයෙන් සිහිපත් කරති.
මෙම ගුණ සමරු වැඩසටහන ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජපානයේ රූපවාහිනී නාලිකා වලින් ද සජීවීව විකාශය වූ මෙම උත්සවය ආවරණය කිරීම සඳහා ප්‍රධාන ජපන් රූපවාහිනී නාලිකා මෙන්ම සියලුම මුද්‍රිත මාධ්‍ය සහභාගී වූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මෙම උත්සවයේදී 1951 වසරේ සැන් ප්රැන්සිස්කෝ සමුළුවේදී ජේ.ආර් ජයවර්ධන මහතා කළ කතාව නැවත කියවීම, ඊට අදාල ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීම ද සිදුකෙරිණි.
මෙහිදි අදහස් දක්වමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර මහතා පැවැසුයේ ජේ.ආර් ජයවර්ධන මහතා ස්වාධීන ජපානය යන සංකල්පය මුලින්ම සලකා බැලුවේ "කොළඹ සැලසුම් සම්මන්ත්‍රණයේ" දී බවයි.ඒ සම්බන්ධයෙන් ආසියා රටවල් සමඟ බොහෝ සාකච්ඡා හා හමුවීම් වලින් පසු ජයවර්ධන මහතා සැන් ප්රැන්සිස්කෝ කථාව සැකසූ ආකාරය ද ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර මහතා විස්තර කළේය.
ශ්‍රී ලංකා-ජපාන ජනතාව අතර ශක්තිමත් බැඳීමක් ඇතිවීම සඳහා පොදු සාරධර්ම සංස්කෘතිය සහ බෞද්ධ ඉගැන්වීම් වලින් ලද පුරුදු ඉවහල් වී ඇති බව ද ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම අනුස්මරණ උත්සවයට ජපාන රජයේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ හිටපු නියෝජිත යසුෂි අකාෂි,ජපානයේ හිටපු අගමැති යසුඕ ෆුකුඩා සහ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජපන් ලංකා මිත්‍රත්ව ලීගයේ මහලේකම් යූකෝ ඔබුචි මහත්ම මහත්මීහු ද අදහස් ප්‍රකාශ කළහ.ජේ.ආර් ජයවර්ධන මුණුපුරු ප්‍රදීප් ජයවර්ධන මහතා ද මෙම වැඩසටහනට කොළඹ ජයවර්ධන මධ්‍යස්ථානයේ සිට සජීවීව එක් වී අදහස් පළකර තිබෙි.
මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ
කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ
ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන
ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජපානය ජේ.ආර්.සමරයි
de silva Wednesday, 08 September 2021 06:20 PM
කොපමණ කාලගුණ දන්නා ජාතියක්ද.?
Mangala Wednesday, 08 September 2021 06:32 PM
ජපානය ජේආර් සමරලා හැරෙන තැපැලෙන් ජපානෙට බෝම්බ දාපු අමෙරිකාවත් එක්කම එකතු වෙලා ලංකාවට අරියාදු කරන අමෙරිකාවට යටින් උදව් දෙනවා. මම නම් දකින්නේ මොන දියුණුවක් ලැබුවත් ජපානය කියන්නේ ආත්මයක් නැති රටක්. දශක ගානක් ගිහිල්ලත් තමන්ගේ රටට බැහැපු ආක්‍රමණිකයාව එලවගන්න බැහැ. දෙවන ලෝක යුද්ධෙ වෙලාවේ අමෙරිකාව සහ රුසියාව රටවල් ගනනාවක තමන්ගේ යුධ කදවුරු පටන්ගත්තා. රුසියාව ඒ හැම රටකින්ම වගේ අයින්වෙලා, නමුත් අමෙරිකාව තවමත් ජපානය, කොරියාව, ජර්මනිය වගේ රටවල පදියම් වෙලා ඉන්නේ. එලවගන්න බැහැ. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමයි.
mahinThursday, 09 September 2021 08:29 AM
ඔබ පැමිණෙන්නේ කොහෙන්ද? වන්නිල ඇත්තෝ ඔබට වඩා හොඳින් දනී
Nuwan Wednesday, 08 September 2021 06:47 PM
කොහෙවත් ඉන්න චීනෙක් ලංකරගෙන රටම ඒ ණය උගුලේ දාලා
chandima Wednesday, 08 September 2021 07:06 PM
බැරිද ජේ. ආර්. පෙන්නලාවත් කීයක් හරි ණයට ගන්න මේ වෙලාවේ...
සමන්ත Wednesday, 08 September 2021 07:37 PM
ජපන් ජාතිකයන්ගේ කෘතගුණ සැලකීම විශිෂ්ටය.
Don perera Wednesday, 08 September 2021 07:40 PM
අපි සිංහල, අපිට කෙලෙහෙගුනේ නැහැ.
කල්පනා Thursday, 09 September 2021 07:07 AM
බුදු හිමියෝ උන්වහන්සේට බුදුවීමට උපකාරීවූ බෝධියට අනිමිස ලෝචන පූජාවක් කරලා කළගුණ සැලකුවා පෝයට බණක් කියවීමත් යම් කටයුත්තක් ඇරඹීමේදී පංසිල් ගැනීමත් මල් පූජාවක් කර නිවන් යන්න බලා සිටීමත් හැර වෙන කිසිත් නොකර අපි බුදුනුවන් යැයි කියා ගන්නා අපි අපි ගැනම ලැජ්ජා වෙමු.
SUNIL MILANO Wednesday, 08 September 2021 08:21 PM
ජපන් ජාතිකයාගේ මනුස්සකමට හිසනමා ආචාර කරමි.
සංහිද Wednesday, 08 September 2021 08:51 PM
එයා ජපානේ ගොඩදැම්මා. අපිට කෙලෙව්වා...
nimalWednesday, 08 September 2021 10:27 PM
ජේ.ආර්. තමා බයියන්ට ලෝකය පෙන්නුවේ. ලංකාව ලෝකය එක්කළේ.
දර්ශණThursday, 09 September 2021 07:56 AM
විවෘත ආර්ථිකය ඇති කරලා රට නැත්තටම නැති කලා.... දේශීය නිෂ්පාදනය අඩාල කලා ..... ඒකේ ප්‍රතිපල දැන් පෙනෙනවානේ. ලෝකය පෙන්නනවා කියා දැන් ලෝකෙන් එනකන් කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
kapila Wednesday, 08 September 2021 09:42 PM
ජේ ආර් කියන්නේ දැක්මක් තිබුන නායකයෙක්. එමෙන්ම සුවිශේෂ උපායමාර්ග භාවිතා කළා. වික්ටෝරියා ජලාශය සහ බලාගාරය හදන්න එංගලන්තයට ගියේ ණය ඉල්ලන්න. නමුත් ආපසු ආවේ ණය නොවන ආධාර අරන්.
සෙනෙවිරත්න Thursday, 09 September 2021 01:13 AM
ජේ ආර් ජපානෙට බණ කිව්වට අපිට හොඳම එකෙන් දීල ගියා. තාමත් බැරි උනා ගැටේ ලිහන්න. දැන් බෙල්ල හොඳටම හිර වෙලා. කාට හරි හොඳක් උන එක අගය කිරීම හොඳ දෙයක්.
kamal Thursday, 09 September 2021 01:47 AM
මට පෙන්නේ අපේ අය සංවිධානය කරලා ජපනුන්ට එන්න කියලා වගේ.
malan Thursday, 09 September 2021 03:12 AM
ජපානේ 99% ක්ම ජේ ආර් මහතා ගැන දන්නවා.
AsunaroThursday, 09 September 2021 10:39 AM
ජපානයේ මිනිස්සු ගොඩදෙනෙක් ජේ.ආර්. ගැන දන්නවා . හැබැයි ඔයකියන ජේ .ආර් . ජයවර්ධන ගැන නම් නෙමෙයි. ජපානයේ ජේ.ආර්. කියන්නේ Japanese Railway කියන එකට. ජේ .ආර්. ජයවර්ධන මහතා ගැන දන්න ජපන් මිනිස්සු 99% ක් තියා 0.001%ක් වත් නැතිව ඇති. ජපානයේ සිටින ජපානය ගැන දන්න කෙනෙකුගෙන් පොඩ්ඩක් අහල බලන්න. ඇත්ත දැනගත හැකිවේවි.
AsunaroThursday, 09 September 2021 11:03 AM
ජපානයේ සිටින ජපානය ගැන දන්න කෙනෙකුගෙන් පොඩ්ඩක් අහල බලන්න. ඇත්ත දැනගත හැකිවේවි
Demuni Uduwara Thursday, 09 September 2021 04:17 AM
ජපානය කෙරෙහි ඔහුගේ කාලෝචිත ක්‍රියාමාර්ගය ගැන අපි ආඩම්බර විය යුතුයි!
kosala perera Thursday, 09 September 2021 05:18 AM
ඩොලර් ඉල්ලා ගන්න මේ අය සංවිධානය කරලා පෙන්වපු නාඩගමක්. දැන් ඔහොම මිනිස්සු එකතුකරන්න ජපන් වැසියන්ට පිස්සු නැහැ. ලොක්ඩවුන් එක මේ මාසේ 30 වෙනිදා තෙක් දික් කළා. සල්ලි හොයා ගන්න ඕනේ උනාම අපේ අයට මොන ජාවාරමක් හරි කරන එකයි මේකෙන් ගන්න ඕනේ පාඩම.
Nihal Thursday, 09 September 2021 06:40 AM
ජපානය යුද්ධ අපරාධ වලත් අංක 1
M.S Shantha Thursday, 09 September 2021 07:04 AM
නිදහස් ලංකාවේ බිහිවුණු කෘතහස්ත දේශපාලඥයින් අතරින් ජේ.ආර්ට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්. ඔහු දර්ශනයක් සහිත නියම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. රටේ පවතින බොහෝ දේවල් ඔහු කලා. ජේ.ආර් කවදාවත් හොරෙක් නෙවෙයි. ඒකම ඇති ඔහුගේ නම පවතින්න.
de silva Friday, 10 September 2021 03:33 AM
ජේආර් ට බැන බැන නැවත නැවතත් සම්මත කරගන්නේ ජේආර් ගේ ව්‍යවස්ථාව.