(තිළිණි ද සිල්වා)
ජපානයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් ලබා දුන් ඇමෙරිකා ඩොලර් 225,000 ක් වටිනා කෝවිඩ් ආශ්‍රිත හදිසි වෛද්‍ය උපකරණ තොගයක් රජයේ කළුබෝවිල , බලපිටිය , තෙල්දෙණිය යන රෝහල් ඇතුළ රජයේ රෝහල් 14 කට පරිත්‍යාග කළ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෙන්ටිලේටර්, ඔක්සිජන් නියාමක යන්ත්‍ර , මල්ටි පැරා මොනිටර්, සිරින්ජ පොම්ප, එච්.එෆ්.එන්.ඔ යන්ත්‍ර යන්ත්‍ර, බී.එම්.සී යන්ත්‍ර, ආදී අත්‍යවශ්‍ය උපකරණ අටක් සදහා එම රෝහල් වල පවතින අවශ්‍යතාවයන් පිළිබද පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් පසු අවශ්‍ය උපකරණ ලබා දුන් බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
මෙම පරිත්‍යාගශීලීන් තමන් කැමති වෛද්‍ය උපකරණ අවසර ලත් ශ්‍රී ලාංකික සැපයුම්කරුවන්ගෙන් සෘජුවම තෝරා ගෙන්, ඒවා ඔවුන් කැමති රෝහලකට පරිත්‍යාග කිරීමට තානාපති කාර්යාලය ඉඩ සලසා දුන්නේය.
එරට ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා විසින් හඳුන්වා දුන් මෙම විශේෂ වැඩසටහන යටතේ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය, ජපානයේ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමය, කන්සායි ජපන් ශ්‍රී ලංකා ජාතික සංවිධානය සහ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමය යන ජපානයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා සංගම් හතර , මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කළහ.
නව කොරෝනා ප්‍රභේද වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ රෝහල්ගතව සිටින රෝගීන්ට ක්ෂණික ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් නොවීම නිසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා තම නිල නිවසේ දී ඒරට සිටින ලාංකික ව්‍යාපාරික ප්‍රජාව හමු වීමෙන් පසු සති 3 ත් ඇතුළත අදාළ වෛද්‍ය උපකරණ ලබා දීම හැකිවූ බවද ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජපානයේ ශ්‍රි ලාංකිකයන්ගෙන් රෝහල් 14 කට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්