IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී

ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

දශක ගණනකින් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ දරුණුතම පරාජයක් ලෙස මෙය සැලකෙයි. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටින්නේ ඔවුන්ට හිතවත් කොමෙයිටෝ නමැති කුඩා පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි.
බහුතරය සඳහා පාර්ලිමේන්තුවේ ආසන 233 ක් දිනා ගැනීම කළ යුතු වූ අතර, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානය දිනා ගත්තේ ආසන 208 කි. 

විපක්ෂ දේශපාලන කණ්ඩායම් ආසන 235 ක් දිනා ගත්තේය. ඒ අතරින් ද ප්‍රධාන විපක්ෂ කණ්ඩායම ලෙස සැලකෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 143 ක් දිනා ගත් බව ද පැවැසෙයි.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ පාලක පක්ෂයේ නායකයාය. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටින්නේ දශක ගණනක් තිස්සේය. 

මීට සති කීපයකට පෙර, පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර පක්ෂ නායකයා ලෙස ෂිගෙරු ඉෂිබා තෝරා ගැනීම සිදුවිය. 

තමන්ට ජන වරමක් ද අවශ්‍ය යැයි 67 හැවිරිදි ෂිගෙරු ඉෂිබා විශ්වාස කළ බැවින් කඩිනමින් මහ මැතිවරණයක් කැඳවීමට කටයුතු කළේය. ජපන් මහ මැතිවරණය පැවැත්වීම සිදුවූයේ ඒ අනුවය.



අදහස් (0)

ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී

ඔබේ අදහස් එවන්න

දියත

රෝද තුනෙන් ළමුන් 11 ගෙන ගිය රියදුරු අල්ලයි
2024 ඔක්තෝබර් මස 28 119 0

බේරුවල නාගරික ප්‍රදේශයේ පාසලක් වෙත සීමාව ඉක්මවා ළමුන් එකොළොස් දෙනෙකු හා ගුරුවරියක්ව ප්‍රවාහනය කළ ත් ත්‍රී රෝද රථ රියදුරෙකු බේරුවල පොලිසියෙ රථවාහන


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්
2024 ඔක්තෝබර් මස 28 143 0

පානදුර දුම්රිය සථානයෙන් අද (28) පෙරවරු 9.15 ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේදී පිලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක දුම


පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ දෙකක් දැලේ
2024 ඔක්තෝබර් මස 28 234 0

බලපත්‍ර නොමැතිව මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු එකේ කණුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව පදවිය පොලි


යතුරුපැදි වේගයෙන් පැදවූ 7ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 28 289 0

මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයින් හත් දෙනෙක් යතුරු පැදිද සමඟ ත


සර්ව ආගමික ස්ථානවලට නොමිලේ සූර්යපැනල
2024 ඔක්තෝබර් මස 28 587 1

දිවයින පුරා පිහිටි සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේ.


ඉන්දීය ධීවරයෝ 12ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 28 97 0

යාපනය, පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 992 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site