(විමුක්ති එස් රුද්‍රිගු)
දේව මෙහෙයක් අතරතුරදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශයක් සිදුකළා යැයි චෝදනා එල්ල වී තිබෙන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට හඬ සාම්පලයක් ලබාදීම සඳහා හෙට (27) රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු එම නියෝගය කඩ කළහොත් වහාම මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසද කෝසල සේනාධීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එසේම එළඹෙන 10 වැනිදා සිට ඔක්තෝබර් 23 වැනිදා දක්වා ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රස පරීක්ෂක වෙත යවා ඇති හඬ සාම්පලය සමඟ සංසන්දනය කිරීමට හඬ සාම්පලයක් ලබාදීම සඳහා පසුගිය 18 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස ලියාපදිංචි තැපෑලෙන් ජෙරොම් ප්‍රනාන්දුට දැන්වූවත් ඔහු එම නියෝගය කඩකර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
එසේම මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීති විරෝධී වංචා විමර්ශන ඒකකය වෙනමම විමර්ශනයක් සිදුකරන බවද පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජෙරම් ප්‍රනාන්දුට රස පරීක්ෂක හමුවේ පෙනී සිටින්න නියෝග
රංබොඩ Wednesday, 26 June 2024 06:44 PM
මේ මනුස්සයා ගේ රස්සාව මෝහය බෙදාහැරීම සහ සත්‍යයට නිගා කිරීම. පොත්වල කෝටි ගණන් සල්ලි N.G.O. වලින්දාලා...
Harimanis Wednesday, 26 June 2024 10:04 PM
මෙයාට දෙවියන්ගේ බලය ලැබිලා තියෙන්නේ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගෙන්න ගන්නේ බලාගෙන. රස පරීක්ෂකවරුන්ව සිහිනැති කරන්න පුළුවන්.
සුධීර Thursday, 27 June 2024 01:45 AM
උප්පරවැට්ටියක් දාලා බේරෙයි නීතියට බය නිසා
Asanga samantha Thursday, 27 June 2024 10:10 AM
හිරේ දාන්න ඕන
Kamal Koyrala Thursday, 27 June 2024 12:42 PM
තවම හිරේ නෙවිද? ලොකු පොරවල් සද්දේ දැම්මේ රට ඉඩම් එද්දිම බෙල්ලෙන් අල්ලලා හිරේට ගෙනියන්න නේ....