IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජරා සීනි කැව් ව්‍යාපාරිකයා මාස හයක් හිරේ

(සමන් දිසානායක)

මහජනතාවගේ පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සීනි අලෙවි කළ ව්‍යාපාරිකයකු තඹුත්තේගම මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් නියම කරන ලෙස තඹුත්තේගම මහේත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා  නියෝග කළේය.

තඹුත්තේගම නගරයේ ආර්ථික මධ්‍යස්ථාන ආසන්නයේ තොග වෙළඳසලක් පවත්වාගෙන යනු ලබන දොන් පේදුරු ලියනගේ සමිත දිල්ෂාන් ලියනගේ (අවු.23 )නැමැති අනුරාධපුර සුචරිතකම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට මෙම දඬුවම නියම විය .

තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු පැමිණිල්ලක් මත කළ වැටලීමකදී මහජනතාවගේ පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ, දුගඳ හමන සීනි මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානයේ තිබී හමුවී ඇත.අලෙවි කිරීමට තිබූ සීනි ගෝනිවල කට ආසන්නයේ මැරී සිටි පනුවන් විශේෂයක් ද හමුවී තිබේ.

මෙහිදී ඒ මොහොතේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගනු ලැබූ අතර එදිනම ඔහු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණි.

මහජනතාවට අහිතකර ලෙස දුගඳ හමන පිළිකුල් සහගතව සීනි විකිණීම හා ප්‍රදර්ශනය කිරීම ,සනීපාරක්ෂාවට අහිතකර ලෙස සීනි ගබඩා කර තැබීම ,කාලය ඉතුවීමේ දිනය නොමැතිව සීනි අඩංගු අසුරණයන් විකිණීමට තැබීම , ශ්‍රී ලංකාව තුළ සීනි බෙදා හරින පුද්ගලයකුගේ නමක් හෝ ලිපිනය සඳහන්ව නොතිබීම යන චෝදනාව යටතේ සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරුණු දැක්වීය.

 



අදහස් (1)

ජරා සීනි කැව් ව්‍යාපාරිකයා මාස හයක් හිරේ

Mohammed Dasthakeer Sufi Ismail Thursday, 22 February 2024 03:55 PM

මෙහෙම තමයි කලයුත්තේ, පුළුවන් හැම කූට ව්‍යාපාරිකයන්, වෙළෙඳුන්ව අල්ලලා හිරේ දාන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 174 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1742 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site