ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි චෝදනා ලැබ සිටින, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ හිටපු සංස්කාරක ජුලියන් අසාන්ජ් අද (26) ඇමෙරිකන් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතය.
අසාන්ජ්, ඇමෙරිකන් අධිකරණයක පෙනී සිටින්නේ, ඇමෙරිකාව සමඟ එකඟත්වයක් ඇති කර ගැනීමෙන් පසුවය.
එකඟතාවට අනුව, අධිකරණය හමුවේ පෙනී සිටින අසාන්ජ්, ඔහුට එල්ල වී ඇති හමුදා රහස් ප්‍රසිද්ධ කිරීම යන චෝදනාව සම්බන්ධයෙන් වරදකරු යැයි පිළිගැනීමට නියමිතය.
අසාන්ජ් සිය විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකන් හමුදාවේත්, ඇමෙරිකන් රජයේත් රහස් හෙළි කළේ 2010 වසරේදීය.
ඕස්ට්‍ර්ලියානු ජාතිකයකු වුවත් අසාන්ජ් වැඩි කාලයක් ජීවත්ව සිටියේ ස්වීඩනයේය. විකිලීක්ස් අනාවරණයෙන් පසු, ඇමෙරිකා ආරක්ෂක අංශ අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී, ඔහු සිටියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරය.
අත්අඩංගුවෙන් බේරී, ඇමෙරිකාවට පිටුවහල් කිරීම වළකා ගනිමින්, අසාන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව පැතුවේය. ඒ, 2012 සිට 2019 අප්‍රේල් මාසය දක්වාය.
2019 අප්‍රේල් මාසයේ තානාපති නිලධාරීන් සමඟ අසාන්ජ් ගැටුමක් ඇති කර ගත්තේය. ඒ සමඟ ඔහුට එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව අහිමි විය. තානාපති කාර්යාලය අසාන්ජ් බ්‍රිතාන්‍ය පොලිසියට බාර දුන්නේය.
ඉන්පසු අසාන්ජ් මේ දක්වා බ්‍රිතාන්‍යයේ බෙල්මාර්ෂ් අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිරගතව සිටි බැවින්, ඇමෙරිකන් අධිකරණය යළි ඔහුට සිරදඬුවමක් නිකුත් නොකරනු ඇත.
වරදකරු යැයි චෝදනා පිළිගැනීමෙන් අනතුරුව, අසාන්ජ්ට නිදහස ලැබෙනු ඇති බවත්, ඔහු යළි ඔහුගේ මවු රට වන ඕස්ටේ්‍රලියාව බලා යෑමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
52 හැවිරිදි අසාන්ජ්ගේ බිරිඳ ස්ටෙලා සහ ඔවුන්ගේ දරු දෙදෙනා මේ වනවිටත් ඕස්ටේ්‍රලියාවේ සිටින අතර, ඔවුන් අසාන්ජ් ඕස්ටේ්‍රලියාවට පැමිණෙන තුරු බලා සිටින බවත් පැවැසෙයි.
අසාන්ජ් සහ ඔහුගේ පෙම්වතිය ස්ටෙලා විවාහ වූයේ 2022 වසරේදීය. ඒ, අසාන්ජ් සිරදඬුවම් විදිමින් සිටිද්දී, අධිකරණයෙන් විශේෂ අවසරයක් ලබා ගනිමිනි.
ඇමෙරිකාව සමඟ ඇතිකරගත් එකඟතාවයට අනුව, අසාන්ජ් ඊයේ (25) විශේෂ ගුවන් යානයකින්, පැසිෆික් සාගරයේ ඕස්ටේ්‍රලියාව අසල පිහිටි මරියානා දූපත් බලා පිටත්ව ගියේය. මෙම දූපත් ඇමෙරිකාවට අයත් වෙයි.
අසාන්ජ් පෙනී සිටිනු ඇත්තේ මෙම දූපත්වල පිහිටි ඇමෙරිකන් අධිකරණයක් හමුවේය.
අසාන්ජ් රැගත් එම කුඩා ගුවන් යානය ලන්ඩන් සිට කෙළින්ම තායිලන්තයේ බැංකොක් අගනුවරට ගොස්, එහිදී ඉන්ධන ලබා ගෙන, ඉන්පසු මරියානා දූපත් බලා පැමිණි බව වාර්තා විය.
ඇමෙරිකාව සහ අසාන්ජ් අතරේ එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවූයේ වත්මන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ රජයෙන්, ඕස්ට්‍ර්ලියා රජය කළ ඉල්ලීමක් අනුවය. තම පුරවැසියකු වන අසාන්ජ්ට එරෙහි චෝදනා ඉවත දමා, වසර 14 ක් තිස්සේ පැවැති අර්බුදය නිමා කර, අසාන්ජ්ට ඕස්ට්‍ර්ලියාව බලා එන්න ඉඩ දෙන්නැයි ඕස්ට්‍ර්ලියා රජය ඇමෙරිකාවෙන් ඉල්ලා තිබුණි.
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජුලියන් අසාන්ජ් අධිකරණ හමුවට