IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජලය විකුණන්න කැබිනට් පත්‍රිකාවක් දාලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනපති ඉදිරිපත් කළේ ඩිස්නිලන්තය පෙන්වා රට සෝමාලියාවට දක්කන අය වැයක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අය වැයේ තියෙන්නේ යළි පුබුදමු ශ්‍රී ලංකා රට විකුණන වැඩ සටහන බව කී හේරත් මහතා එහි තිබෙන්නේ විකුණන් කෑම සහ බදු ගැහිල්ල පමණක් බව සඳහන් කළේය.

2023 නීල හරිත ආර්ථිකයක් කරන බවත් ඩිජිටල් ආර්ථිකයක් ගෙනෙන බවත් පෙර අයවැයෙන් කිව්වත් ඒ එකෙක්වත් මහපොළොවේ සිදු වුණේ නැතැයි කී විජිත හේරත් මහතා රටේ ජල සම්පතත් විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද ඉදිරියේ දී ආණ්ඩුවට විරුද්ධව අධිකරණ තීන්දු පමණක් නොව ජනතා තීන්දු ලැබෙන බවද පැවසීය.



අදහස් (14)

ජලය විකුණන්න කැබිනට් පත්‍රිකාවක් දාලා

Aravinda Monarawila Friday, 17 November 2023 02:54 PM

කියව කියවා ඉඳලා හරියන්නේ නැහැ සහෝදරයා... වහාම මේ පරයන්ව බලයෙන් පන්නා දමලා ජනතාවට හිතවත් පාලනයක් හදන්න පෙරමුණ ගන්න...

:       12       22

Bamunuarachchi Friday, 17 November 2023 04:19 PM

කියවනවා හැරෙන්න JVP අයට කරන්න පුළුවන් දෙයක් නැත. අවුරුදු 58 කට JVP ය රටට කළ දේකුත් නැත...

:       17       18

චමින්ද Friday, 17 November 2023 06:26 PM

ඇයි බමුණු එහෙම කියන්නේ... උන්දැලා 1971 අප්‍රේල් කැරැල්ල කළා. රටේ කර්මාන්ත බොහෝමයක් විනාශ කළා... ඉන්පස්සේ 1988 /89 ලොකුම කැරැල්ල ඇතිකළා... දෙවරක්ම ලක්ෂයක් පමණ තරුණ ජීවිත රටට අහිමි කළා.. රටේ සම්පත් බොහෝමයක් විනාශ කළා... ඉතින් කොහොමද කරපු දෙයක් නැහැ කියන්නේ... ඒවා කරපු දේවල් නොවෙයිද?

:       15       11

අරවින්ද මොනරවිල Friday, 17 November 2023 08:43 PM

අවුරුදු 75ක් තිස්සේ අනිත් එවුන් කොරපු ඒවයේ ආතල් එකේ සැපගන්න ගමන් මෝඩ මහලු බමුනෙක් ජ.වි.පෙ. කිව්ව දේවල් හොයනවා, කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇණෙනවා ඉවසන්න බැහැ කියන්නේ මෙන්න මේවාට තමයි.

:       2       9

සේනක Friday, 17 November 2023 02:54 PM

විකුණන එකේ තියෙන අවුල මොකක්ද කියන්නකෝ. හැමදාම ඔය සටන් පාඨය විතරයි... මේ ගොල්ලන්ට තියෙන්නේ. 2002 යළි පුබුදිමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා නම් අද ලංකාව සිංගප්පූරුවත් පහුකරලා. අවාසනාවට 1956 බණ්ඩාරනායකට හැදිච්ච මැදමාවතේ පිස්සුවයි විජේවීරගෙ සමාජවාදී පිස්සුවයි මේ රට ආපස්සට ගෙනිච්චා. අදත් ගෙනියනවා. විකුණපු නැති එකම රට කියුබාව විතරයි. අද කියුබාවට වෙලා තියෙන දේ පේනවනේ. සිංගප්පූරුව හැමදේම විකුණුවා. සමාජවාදී චීනය හැමදේම විකුණුවා. රුසියාව විකුණුවා. රාජ්‍ය ව්‍යවසාය තියාගෙන දියුණුවුණු එක රටක් කියන්න. තව තවත් මිනිස්සු මුලා කරකර මේ අපරාදෙ කරන්න එපා. මාලිමාව දිනුවත් විකුණන්න වෙනවා. ලංකාවේ විකුණනවා කියන එක මහ අපරාධකාරී වචනයක් වෙලා. මුදලාලිලා කිව්වාම ජරා මිනිස්සු කොට්ටාශයක් ගාණට දාලා. මෙහෙම රටක් දියුණු කරන්න පුළුවන්ද?

:       24       13

Aravinda MonarawilaFriday, 17 November 2023 03:27 PM

තමන්ගේ රටේ තියෙන සම්පත්වල වටිනාකම නොදන්න කෙනෙක්. ඒ අයට ඒවායේ වටිනාකම ගැන කියලා දෙනවට වැඩි හොඳයි, මීහරකෙකුට ඉංග්‍රීසි පාඩමක් උගන්නන්න මහන්සි වෙන එක...

:       10       21

මොණර මාලිමාFriday, 17 November 2023 04:30 PM

මොණර මාලිමා රටේ සමහර සම්පත් තියනවා... ඒවා තිබුණාට අපිට ඒවාගෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි උදාහරණයක් විදියට තෙල් ලංකාවේ තෙල් තිබුණාට ඒක ගන්න තාක්ෂණය අපිට නැතිනම් අපි මොකද්ද කරන්න ඕනෑ. ප්‍රායෝගික අපේ රටේ සම්පත් කිය කියා ඉන්න එකද ගන්න පුළුවන් කාට හරි කියලා ගන්න එකද?

:       5       10

අරවින්ද මොනරවිලFriday, 17 November 2023 06:40 PM

තාක්ෂණය තියෙන කෙනෙක්ගේ උදව් ගන්නවා කියන්නේ තෙල් සම්පත හෝ වෙනයම් දෙයක් වෙන කාටවත් විකුණනවා කියන එක නොවෙයි නේද? මේ කරන්න හදන්නේ රටේ සම්පත් කාටහරි කීයකට හරි විකුණලා කොමිස් කුට්ටියක් සාක්කුවේ දාගන්න හදන තක්කඩි ක්‍රියාවක්, අනික ජලය කළමණාකරණය කරන්න කාගෙන්වත් උපදෙස් හෝ තාක්ෂණය ලංකාවට අවශ්‍ය නැහැ නේද? ලෝකයේ දියුණු ජල කළමනාකරණ තාක්‍ෂණයක් අප සතුව තිබෙන බව ඔප්පුවෙලා තිබෙන නිසා. ඒ වගේම රටේ සම්පත් වර්ථමාන පරපුරට පමණක් අයිති කියලා හිතන නරුම අදහස් තිබෙන අයට තමයි රටක සම්පත් විකිණීම හා පුද්ගලීකරණය නිවැරදියි කියලා හිතෙන්නේ. නමුත් මේ සම්පත් සියල්ලේ උරුමකරුවන් වන්නේ අනාගත පරපුරයි, ඔවුන් වෙනුවෙන් තීරණ ගන්න වර්ථමානයේ ආත්මාර්ථකාමී දූෂිත දේශපාලන මහල්ලන්ට අයිතිය දුන්නේ කවරෙක්ද?

:       2       11

CCFriday, 17 November 2023 03:33 PM

යළි පුබුදමු ශ්‍රී ලංකා ගෙනාවේ 2002 දී, මේ රට ජේආර් 1977 සිට වසර කීයක් පාලනය කළාද? මෙයාලා ඇමැතිකම් කීයක් දැරුවාද, හැදුවද... දියුණු රටක්, ගෙනාවාද? සිංගප්පූරුව කළ හිතකර පද්ධති මේ රටට බොරුවට ජනතාව ඇන්දුවා... එදා ඉඳලා මේ අය, සිංගප්පූරුවේ හොරකම් වංචා දූෂණ වලට කිසිවෙකුටත් කළ නොහැකි ඒ පද්ධති ගෙනාවාද? ලංකාවට රට පාලනය කළ කිසිවෙක්. නිකන් තප්පුලන්න එපා... මොවුන් රට හදයි කියලා, එහෙම හිතෙනවා නම් මොලේ පරීක්ෂා කරගන්න කියලයි කරුණාවෙන් කියන්නේ. ණය අරන් ප්‍රාදේශිය මන්ත්‍රීගේ සිට ඇමතිය දක්වා කලේ මොකක්ද? හොරකම, වංචාව, දූෂණය අද රටත් ජනතාවත් බංකොළොත්... නමුත් දේශපාලුවන්, ඉහල නිලධාරීන්, හොර ව්‍යාපාරිකයින්, හෙන්චයියන්, පොහොසත් රටත් ජනතාවත් බංකොළොත්, රටම ණය උගුලක හිරකරලා, මොවුන් රටට අවශ්‍ය සංවර්ධනය වෙනුවට ප්‍රදර්ශනකාමී සංවර්ධනය ගෙනාව බයියන්ට ටොයියන්ට ඩිස්නිලන්තය පෙන්නන්න. හැබැයි ඔවුන්ට දැං දවල් තරු පෙනිලා ඡන්දයක් එනතුරු බලා ඉන්නවා.

:       6       15

සේනකFriday, 17 November 2023 06:03 PM

රට වැටෙන්න පටන් ගන්නේ 1993න් පස්සේ. එජාපයට විධායක බලය නැතිවුණු තැන ඉඳලා. ජේආර්, ප්‍රේමදාසලා කරපුව තමයි තාම තියෙන්නේ. ෂෙල් කොම්පැණිය එලෙව්වා. මෝටරෝලා කියන්නේ වියට්නාමෙට යන්න කළින් ලංකාවට එන්න හදපු කම්පැණියක්. සිංගප්පූරු වරාය දියුණු වෙන්න කොළඹ වරායේ වාමාංශික වෘත්තීය සමිති වැඩවර්ජන බලපෑව කියලා ලීක්වාන් යූම් කියලා තියෙනවා. ඔය හොරු කියන එවුන්ගෙන් සීයට අනූවක් ශ්‍රීලනිප සන්ධාන දේශපාලකයෝ. සීයට සීයක් වංචා දූෂණ නැති කරපු රටක් මේ ලෝකෙ නෑ. අනුර කුමාර හැමතැනම කියන එකම කතාව වංචා දූෂණ කතාව විතරක් හින්ද‍ා ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නවා ලංකාව වැටුණේ ඒක නිසා කියලා. ඒක ලොකු මුලාවක්. ලංකාව වැටුණේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරපු නැති හින්දා. ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය කරන්න හදපු එකම නායකයා රනිල්. ඒත් ඒක කවදාවත් කරන්න දුන්නේ නෑ. ඔය නිල් රතු කහ ඔක්කෝම එකතුවෙලා දේශප්‍රේමයක් ඇදලා අරගෙන හැමදේම නැවැත්තුවා. ටැබ් දෙනකොට මොනවද කිව්වේ. ගූගල් එපා කිව්වා. එම්සීසී ගිවිසුම සිංප්පූරු වෙළඳ ගිවිසුම නැවැත්තුවා. අද මාලිමාව වටේ ඉන්නේ එදා ගෝඨාභයට ඡන්දෙ දීපු බටහිර විරෝධී සෙට් එකමයි.

:       9       6

Dinesh Saturday, 18 November 2023 05:27 AM

ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණුවාම රජයේ ආදායම දිගු කාලීනව අඩු වෙනවා. අඩුවෙන රජයේ ආදායම වැඩිකරගන්න බදු ගහනවා. කිකිළි මරලා බිත්තරේ ගත්තා වගේ තමයි.

:       1       0

බද්රානි Friday, 17 November 2023 04:49 PM

මම නම් කියන්නේ අපේ රටේ ගව සම්පත දියුණු රටකට හොඳ ගානකට එකපාරටම විකුණලා දැම්මා නම් අඩුතරමේ ඒ රටේ ජාතියේ නම කියැවෙන ගවයින් ලෙසවත් විශේෂ නම්බු නාමයක් ලැබෙනවානේ... අනික, අං දෙක හොඳට වැඩිලා තියන, තම ස්වාමිවරුන්ට ඉමහත් ලෙස ආදරය කරන උම්බෑ කියමින්, තප්පුලමින් හෝ බර අදින්න කියාපු ජාතියක්නේ මේ... තියන දේ විකුණගෙන කන ලෝකෙන්ම හිඟාකන ජාතිය වෙනවාට වඩා ඒක කොතරම් නම්බු සහගතද? කාටද ආඩම්බර..?

:       2       11

Bamunuarachchi Saturday, 18 November 2023 02:03 AM

මොනරා මාලිමා අරවින්දගෙන් අහන්න එපා තෙල්ගන්න හැටි... ජෙප්පෝ දන්නේ ජයවේවා කියන්නයි, තාප්පවල පාප්ප ගාන්නයි... සමහර විට අනුරයා කියයි තෙල් තිබෙන තැන්වල සෙක්කු හයිකරලා ජෙප්පෝ ටික සෙක්කු අදින්න දාමු කියලා...!

:       0       3

Deepal Nirosh Saturday, 18 November 2023 07:39 PM

මෛත්‍රීගෙ පාලන සමයේ අගමැතිකමින් අයින් කරපු රනිල් නැවත අගමැති කරන්න දුවලා පැනලා දඟර දාපු යටත් විජිත හේරත්ට මොකද්ද හිටි ගමන් හැදිච්චි මේ අමාරුව?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 959 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1571 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1425 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1212 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site