(යොහාන් භාසුර)
ගාල්ල බන්ධනාගාරය තුළට පිටතින් විසිකළ තහනම් ද්‍රව්‍ය පාර්සලයක් අත්අඩංගුවට ගත් ජේලර්වරයාගේ අම්බලන්ගොඩ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා අද (18) පැවසීය.
තහනම් පාර්සලය අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (18) පෙරවරුවේ ජේලර්වරයාගේ පුද්ගලික නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට අවමංගල්‍ය කටයුතු සදහා යොදා ගන්නා මල්වඩමක් සහ ඉටිපන්දමක් තබා ගොස් ඇති බවත් එම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිලි කළ බවත් දිසානායක මහතා කීය.
ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට පිටතින් කිසියම් පුද්ගලයෙකු එහි බන්ධනාගාර රෝහල පරීශ්‍රයට විසිකළ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එහි රාජකාරී නියුතු ජේලර්වරයා අත්අඩංගුවට ගත් බවත් එම පාර්සලය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පාර්සලය වැටී තිබු ස්ථානය අසලින් බන්ධනාගරගත සැකකරුවෙකු රැදි සිට ඇති බවත් ඒ මහතා කීය.
එම සැකකරු බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා බවට තොරතුරු ලැබී ඇති අයෙකු බැවින් ජේලර්වරයා සැකකරු කැඳවා අදාල පාර්සලය පිළිබද ප්‍රශ්න කර ඇති බව ද දිසානායක මහතා සඳහන් කළේය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා විමර්ෂණයක් ආරම්භ කළ බවත් අදාල සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා වැඩි දුරටත් කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජේලර්ගේ නිවස ඉදිරිපිට මල්වඩමක්